ලංකාව කියන්නේ සමජවදෙට බර රටක්. ලෝකේ දියුණු රටක් කියන්නේ "ආර්ථිකය" ධනවාදයට බර රටවල්. චීනය උනත් එහෙමයි (පාලනේ සමජවාදී උනාට ආර්ථිකය ධනවාදී).
අපි පිටරටකට ගිහිල්ල ඉස්සරහට යන්න නම් ධනවාදී ක්රමයට ඔරොත්තු දෙන්න ඕනේ. ඕනේ වෙලාවක් රස්සාවෙන් දොට්ටදන්න පුළුවන්. එත් අපි හොද CV එකක් තියාගෙන, වෙළදපොල තුල අපේ දක්ෂතා මාර්කට් කරන්න පුළුවන් විදියට දියුණු වෙන්න ඔනේ. එතකොට තව company එකකට යන්න පුළුවන්.
කැනඩාවේ TARGET කියල ඇමෙරිකානු company එකක් අවා. එත් එක දවසක් එකේ ඉහලම කට්ටියට පෙනුන මේක ලාබ ලබන්න බැහැ කියල සැහෙන අවුරුදු ගානක් යනකම්. එදා තීරණය කරා company එක වහන්න. 17,600 කට රස්සාවල් එක දවසින් නැතිවුණා. හුගක් අය රස්සාව නැහැ කියල දැනගත්තේ පස්සෙනිද උදේ වැඩට එනකොට බෝඩ් එකක් ගහල. ඕකයි තත්වේ.
https://www.latimes.com/business/la-fi-target-leaving-canada-20150115-story.html
පිටරට එනවනම් ඕනෑම කට්ටක් කාගෙන මෙහෙ system එකට ඔරොත්තු දෙන්න ඕනේ. අපිට ලංකාවේ තියෙන්නේ වාසිදායක තත්වයක්. OL, AL ඉදන් හැමදෙයක්ම ලංකාව ඇතුලේ පිලිගන්නවා. යාලුවෝ, දෙමව්පියන් උදව්වට ඉන්නවා.
පිටරට ගිහාම අපිට තරග කරන්න වෙන්නේ එහෙ ඉපදුනු සුද්දොත් එක්ක.