මං වෙඩිම ගත්තෙ මෙහෙමයි
1. ප්‍රී ශූට් නෑ
2.බ්‍රයිඩ්ස් මේයිඩ්ස්, බෙස්ට්මන්, ෆ්ලවර් ගර්ල්, පේජ් බෝයිස් නෑ
3. වන්ඩේ ෆන්ක්ශන්
4. බෑන්ඩ් එකක් වෙනුවට DJ එකක් ගැස්සුවේ
5. යාලුවෙක් දම්මලා මගේ සහ වයිෆ්ගේ ගුණ ගායනා කතා තිබ්බේ නෑ
6. හෙලුවෙන් පටන්, ලයිෆ් එකේ ඇචීව්මන්ට් එක්ක ෆොටෝ දාලා හදපු පවර් පොයින්ට් ස්ලයිඩ් ශෝස් තිබ්බෙ නෑ
7. මගේ අයට මනාලිව අදුන්වලා දෙන්නයි, එයාගේ අයට මාව අදුන්නලා දෙන්නයි යන ටේබල් රවුන්ඩ්ස් ගියෙත් නෑ
8. කේක් කැපුවේ නෑ. කිරිබත් කැපුවේ (මම ඇන්දේ සුදු සරමක්)
9. කිරිකල නෑව්වේ නෑ
10. ඩාන්සින් ගෲප්ස් නෑ, නැට්ටුවෝ නම් නැටෙව්වා පෝරුවට නගිද්දි
11. අවසානයේ තියෙන මංගල සභා නෑ
12. තැන්ක්‍යූ කාඩ්ස් දුන්නෙත් නෑ
13. ගොයින් අවේ චේන්ජ් කලෙත් නෑ
හැබැයි ආපු හැමෝටම බයිට්ස් 6 ක් එක්ක ඇති වෙන්න බොන්න දුන්නා, කන්න සුපර්බ් බුෆේ එකක් දුන්නා. වයිඩ් ස්ප්‍රෙඩ් සැලඩ්, බන්ස්, ඩෙසර්ට්ස් එක්ක. හැමෝම හොඳට කාලා බීලා ෆුල් ෆන් එකේ බුෆේ එක ගැන හොඳ කිය කිය ගියා.(ලෝන් ගැහුවේ නෑ, සන්තකේම සල්ලි හූරන් වියදම් කලෙත් නෑ. අම්මලා තාත්තලාගෙන් සතයක් වියදම් කෙරෙවෙත් නෑ. ඔක්කොම මමයි වයිෆයි හම්බ කරපුවා. හැබැයි ලක්ශ 20 නම් පැන්නා ජුවලරි , කැමරමන් ගණන් නිසා ඔක්කොම ටිකට)
වෙඩින් කාඩ් එකේ ඉඳන්, බ්‍රයිඩ් සාරියේ ඉඳන් අඩුවට කරගන්න පුලුවන් කොළඹ ගිහින් පොඩ්ඩක් මහන්සි උනොත්. මොනා හරි ඕනේ දෙයක් තියෙනම් මැසේජ් එකක් දාපන්.
ෆේස් බුක් එකේ තියනවා "විවාහයට සූදානම් වන අපි" කියලා ගෲප් එකක්. ඒකෙන් ගොඩක් දේවල් ගන්න පුලුවන් තොරතුරු.