ලංකාවේ අයිටී ඉන්ටවීව් මාරම ගොන්. ඇයි ද? කියලා මට නම් තේරෙන්නේ නැහැ. ගියපු ගමන් අහන්නේ
What is class ? what is interface ? what is object ?
what is difference between class vs object ?
වයස කීයද ?
ඇයි රස්සාවක් නැත්තේ ?
What is encapsulation ?
array sort කරන Method මොනවද?
ගෙම්බගේ ජීවන චක්රය කියන්න
වගේ දේවල් තමයි අහන්නේ..පුලුවන් තරම් උව 2.50 ට දාලා කතා කරන්නේ.
මට නම් Programming වල methods, parameters නම් මෙලෝ දෙයක් මතක නැහැ
හැබැයි,මාරම ප්රැක්ටිකල් වැඩ ගැන අහපු සුපිරිම ඉන්ටව් කිපයක් පමණයි මට සෙට් වෙලා තියෙන්නේ
අපි වැඩ කරලා තවත් තැනකට යනකොට Full practical ප්රශ්න අහපු අතලොස්සයි මට සෙට්වෙලා තියෙන්නේ
අනික ඒ්වගේ තැන් වලින් වැඩක් කරලා පෙන්නන්නත් අවස්ථාව දෙනවා..ඒතනින් තමයි ටැලන්ට් ඒක මනිනේ
ගෙමිබගේ ජීවන චක්රය වැඩක් කරන කොට වැඩක් වෙන්නේ ඇයි ද ? කියලා මට නම් තේරනේනේ නැහැ. හැබැයි පොකුණක් හදලා ගෙම්බෙක් ව ගෙනත් දාන්න කිව්වොත් ඒ් විදිය කරලා පෙන්නන්න පුලුවන්
සරලව කිව්වොත් Practical Knowledge ඒක ගැන මෙයාලා ප්රශ්න කරනවා හොරයි..
ගූගල් කරලා ඒන ඉන්ටව් ලිස්ට් ඒකේ ප්රශ්න වලින් දැනුම මනින්න පුලුුුවන්..කියලා බහුතරයක් ඉන්ටව් පැනල් ඒකේ ඉන්න බයියෝ ටොයියෝ හිතන්නේ
ඒහෙම පුලුවන් නම් ..ඒ් යකා ඒකාගේ
අප්පගේ පුතෙක් නෙමේ බොලව් !!
උඹලටත් තියන Experience බෙදාගමු මෙතැනින්.
අංක එකටම ඕක ලංකාවේ කම්පැනි වල තියන ප්රශ්නයක්. ඔක්කොම සල්ලි පස්සසේ යන නිසා Fined Methodology එකක් ෆෝම් කරලා නැ කම්පැනි එකේ. එකෙන් ප්රොඩක්ෂන් විතරක් නෙමේ ඉන්න උන්ගේ කොලිටි එකත් බැහැලා තියෙන්නේ. ඉතින් ඉන්ටවිව් එකෙන් කම්පැනි එක පැත්තෙන් පෙන්නනේ අන්න ඒ පිළිවෙලක් නැති කම.
දෙවෙනි එක ලංකාවේ අද්යාපන කර්මය. පොතට විතරනේ. ඉතින් ඉන්ටර්විව් එකෙත් එකම තමා පිලිබිබු වෙන්නේ. ජොබ් එකේදී එක්ස්පිරියන්ස් එකෙන් ගන්න ඕනේ ස්පිරිට් එකක් තියනවා. අන්න ඒ ස්පිරිට් එක උගේ ඇගේ තියේද කියල බලන්න ඕනේ. කාටද බන් පොත් වල තියන දේවල් මතක.
"ගූගල් කරලා ඒන ඉන්ටව් ලිස්ට් ඒකේ ප්රශ්න වලින් දැනුම මනින්න පුලුුුවන්..කියලා" අපිට දැනුම තියන අය නෙමේ වැදගත් දක්ෂතාවය තියන අය නේද?
එංගලන්තේ කම්පැනි එකක ඉන්ටවිව් එකක් තිබ්බා. ඒ කාලේ ස්කයිප් සහ Netop විතරනේ තිබ්බේ. කෙලින්ම ප්රොජෙක්ට් එකක් පෙන්නුවා. කිව්වා ඒක ස්ටඩි කරන්න කියලා පැයක් දුන්නා. කිව්වා මේ ප්රොජෙක්ට් එක හොස්ට් කරලා කොන්කරන්ට් යුසර් ලා 100K වගේ ලොකු ගානක් අවම එරර් එකක් එනවා. අන්න එක හොයලා කියන්න කියල. එච්චරයි. වැඩේ සරලයි කිව්වොත් ජොබ් එක. මාත් සෙලෙක්ට් උනා. පස්සේ මා එක්ක වැඩ කළා එකේම අය්යා කෙනෙක්. ඌ එකේ එරර් දෙකක් හොයාගෙන . අන්න එක නිසා තමා ලංකාවේ උන්ව තව ගන්න තීරණය කරලා තියෙන්නේ. මම ජිවිතේ මුණ දීපු අමාරුම වැඩක්.
ඔහොම ඉන්ටවිව් නම් ලංකාවේ නම් තියෙන්නේ නැ. ඔයාලට තේරෙයි මෙතන තියෙන්නේ බුද්ධිය පිළිබද ප්රශ්නයක් නෙමේ
අපේ උන් කිසිම විදිහේ පිළිවෙලක් පුරුදු වෙලා නැ . වෙලාවට වැඩක් කරන්නේ නැ . වැඩක් කලොත් බාගෙට . නව දේවල් ගැන හිත යොමු කරන්න පුදුම කම්මැලි. තියන දේ අටවාගෙන මොකක් හරි කරන්න තමා බලන්නේ.
ටොපික් එකෙන් පිට ගියාද මන්ද..