වියදම අඩුවෙන් කරන්න පුළුවන් සංචාරක කර්මාන්තය, පුහුණු විදේශික ශ්‍රමය සැපයීම, දැනටත් තියෙන සම්පත් පාවිච්චි කරලා අධ්‍යාපන අවස්ථා විකිණීම කරන්න පුළුවන්. මේවා සිල්ලර ප්‍රොජෙක්ට් නෙවේ. එංගලන්තේ තුන්වැනි විශාලතම විශ්වවිද්‍යාලයට විදේශ ශිෂ්‍යයන්ගෙන් ලැබෙන ආදායම ලංකාවේ අධ්‍යාපන අමාත්යානාශයේ සම්පූර්ණ අය වැය ට වඩා වැඩියි. ඉතින් ඒවා තමා ඉක්මනටම කරන්න පුළුවන්. සෞඛ්‍ය සේවා අළෙවිය, පොස්පේට් නිධිය, ඉල්මනයිට් නිධිය, ග්රෆයිට් නිධි අලෙවි කරන්න පුළුවන්, කොන්දේසි විදියට මෙරට තුල අගය එකතු කල කර්මාන්ත ඇරඹිය යුතුයි කියන්න ඕන. සස්ටෙනබල් ඩිවෙලොප්මන්ට් සීන් එකේදී අලුත් කර්මාන්ත ගෘහස්ත කර්මාන්ත කාර්යක්ෂම කරන්න රිසර්ච් ඇන්ඩ් ඩිවෙලොප්මන්ට් සඳහා රජය විශේෂ අරමුදල් සැපයිය යුතුයි. මේ ගෘහස්ත කර්මාන්ත වලින් පුළුවන් අපනයනය ඉලක්ක කරගත් භාණ්ඩ නිපදවීම. කෘෂිකර්මාන්තය සම්බන්ධ අපනයන, කුඩා අත්යන්ත්‍ර, කොසු ඉදල්, සෙල්ලම් බඩු වගේ දේවල්.