අප්‍රෙල් 02 වැනිදා එමිරේටස් ගුවන් යානයක අධි සැප පන්තියෙන් විදෙස් ගත වූ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා විදෙස් ගතව දැනට සති දෙක්ක පමණ වෙතත් ඔහු එම චාරිකාවේදී සිදු කරන්නේ යයි කියන පක්ෂ ප්‍රවර්ධන කටයුතු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නැතිව එම පක්ෂ මාධ්‍ය අංශ නිලධාරීන් දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.
ඇතැම් මාධ්‍ය විසින් විසින් ජවිපෙ මාධ්‍ය අංශයෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරද්දී ඔවුන් බලවත් ලෙස අසීරුතාවට පත්වන්නේ යයිද වාර්තා වෙයි.
ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයන් පවා මේ සම්බන්ධයෙන් තොරතුරු කිසිවක් නොදන්නා බවද එම මාධයවේදීහු කියති.
වාර්තා වන ආකාරයට ජවිපෙ නායකයා සිය රහසිගත දිර්ඝ සංචාරය නිමවා මෙරටට පැමණීමට නියමිතව ඇත්තේ අපේ‍්‍රල් මස අග සතියේය.