හැමෝටම සමාන වෙන්න ඕනේ ඒකට මාත් එකගයි.
ඒත් පොල්ලෙන් ගැහුවා එකපාරට ගාන ඩබල් වුනාම කොහොමද බන් මේවා ගෙවන්නේ.
රු.3000 ට ඔච්චර අඩන්නේ ඇයි කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. අනිත් වියදම් වල විදියට මේකත් ලොකු ගානක්.
දැනටත් ගේම ගහන්නේ වියදම් ගොඩක් සීමා කරලා. එහෙමයි කියලත් අම්මලයේ බෙහෙත් අඩු කරන්න බැහැනේ. 20කට එහා යනවා ලෙඩවලටම. ඊටපස්සෙ අනිත් බිල්. ගෑස් එකත් 5000යි. කොහොමද කරන්නේ
යුනිට් 100කින් ශේප් වෙන අපිටත් වඩා නැතිබැරි මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒ මිනිස්සු අපිටත් වඩා පීඩනයකින් ඇත්තේ. මට හිතාගන්න බෑ මොනා වෙයිද කියලා. එක දෙයක් විශ්වාසයි ලන්කාවේ හොරකම්, මිනීමැරුම් පට්ට විදියට වැඩිවෙනවා ඉස්සරහට.
ගාන බැලුවේ මේකෙන්-
https://eleccal.numbers.lk/