ලලිත් කොතලාවල
w3lanka[dot].com උපුටාගැනීමක්
සන්නස්ගල ලලිත් කොතලාවල එක්ක කළ සත්‍යාගාරය සාකච්ඡාව නිසා මට මතු වූ ප්‍රශ්න:
ලලිත් කොතලාවල ව්‍යාපාරිකයෙක්. ඔහුගේ රස්සාව බිස්නස් කරන එක. ඔහු ව්‍යාපාර පටන් ගන්න එක වැරදි ද?
ඔහු සිය ව්‍යාපාරයේ සමාගම්වල සභාපති. ඒවා කළමනාකරණය කරනවාට වඩා ඔහු කර තිබෙන්නේ mentor කෙනෙකුගේ හෙවත් දැනමුත්තකුගේ භූමිකාව බව ඔහු අඟවනවා. ඒත්, ඔහුට ඒ ව්‍යාපාර සම්බන්ධ වගකීමෙන් මිදෙන්න බැහැ.
ඒ වගේ ම, ගෝල්ඩන් කී කළමනාකාර අධ්යක්ෂ කාවන් පෙරේරා කියන්නේ ඇතැම් මාසවල ලක්ෂ 65ක් විතර පඩි ගත්ත කෙනෙක්. මේ පඩි නෙමෙයි. මේ තමයි, දැන් සමාගම්වල ලාභ බෙදෙන අලුත් ම ක්‍රමය. සාපේක්ෂව ගත්තා ම ඔහු තමයි, මේ මගඩියේ සක්විති. එහෙත්, අපි අල්ලාගෙන තිබෙන්නේ ලලිත් කොතලාවලගේ බෙල්ලෙන් විතරයි වගේ.
ඔහු ම කියන පරිදි ගෝල්ඩන් කී සමාගම යනු අනුන්ගේ ජරා සල්ලිවලින් කළ බිස්නස් එකක්. ඔහු නො කිව්වාට එය ජරා බිස්නස් එකක්. නීති විරෝධී පිරමිඩ් ක්‍රමයක්. පළපුරුදු ව්‍යාපාරිකයකු ලෙස ඔහු එවැනි කටයුත්තකට අතගැසුවේ ඇයි?
ඔහු වැනි ව්‍යාපාරිකයකු පවා ආකර්ශනය කරන කළු සල්ලි වෙළඳපොළක් එදා තිබුණා. ඒකට වගකිව යුත්තේ කවුරු ද?
ගෝල්ඩන් කී සමාගමේ දැවැන්ත මුදල් තැන්පත් කළ සල්ලිකාරයන් ඒ මුදල් ඉපැයුවේ කොහොම ද? ඔවුන් සිය ආදායම් වෙනුවෙන් බදු ගෙව්වා ද? දැන් ඔවුන් තමන්ට අහිමි වූ මුදල් ගැන නිහඬ ඒ නිසා නේ ද?
ඔහු කියන පරිදි දේපල විකුණා තැන්පත්කරුවන්ට ගෙවන්න ඔහුට සැලැස්මක් තිබුණා. ඒත්, ඔහු සිරගත කර, ඔහුව ව්‍යාපාර හා දේපලවලින් ඈත් කර ඒවා කොල්ල කා ගත් අය ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන්නට දුන්නේ නැහැ.
ලලිත් කොතලාවල කියන්නේ ඇත්ත නෙමෙයි. එහෙත්, මෙතන ඔහුට වඩා හොරු ටිකක් විසින් ඔහුගේ ව්‍යාපාර කොල්ල කා තිබෙන බව පෙනෙනවා. ඒ වගේ ම ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගෙන් ඇතැමෙක් ද හොරු. ඒ නිසා ලලිත් කොතලාවලට ඔවුන්ට මුවා වී අභියෝග කරන්නට අවස්ථාව ලැබී තිබෙනවා.
මේ ගැන රාජපක්ෂ පවුල මොනවද කියන්නේ කියන එකත්, ලලිත් කොතලාවල කියන දේ තරමට ම වැදගත්.
වයෝවෘද්ධ ලලිත් ඉල්ලන්නේ ඔහුට තම දැනුමෙන් සමාජයට සේවයක් කරන්නට අවස්ථාව දෙන්න කියලායි. ඔහු ළමයින්ට ටොෆි බෙදමින්, සිරකරුවන්ගේ දඩ ගෙවමින් සනසා ගන්න හදන වරදකාරී හිත සනසා ගන්න වඩා ඵලදායී ක්‍රමයක් ලබා දෙන එක වරදක් නොවෙයි.
ඒ සඳහා හොඳම ක්‍රමය වන්නේ ගෝල්ඩන් කී අවුල ලිහන්න ඔහුට අවස්ථාව ලබා දෙන එකයි.
ලලිත් කොතලාවලලා බිහි වීම ධනවාදයේ ස්වභාවයයි කියලා සරළ විග්‍රහයක් කරලා අපට ඕවා අදාළ නැහැ කියන්න පුළුවන්. ඒත්, ඉන් පසු සියල්ලෝ සතුටින් ජීවත් වන සමාජවාදය කියන විස්මය ඇති වන අපි නො දන්නා දවස තෙක්, ලලිත් කොතලාවලලා බිහි වීම වළක්වා ගන්නේ කොහොමද? ඒ සඳහා සමාජයක් ලෙස අප විසින් කළ යුතුව තිබෙන්නේ කුමක් ද?
w3lanka[dot].com උපුටාගැනීමක්
සත්‍යාගාරයේදී ලලිත් කොතලාවල විච්ඡෙදනය කිරීමෙන් හමු වුණේ මොනවා ද?
![]()
මහින්ද රාජපක්ෂ, ලලිත් කොතලාවල, හැරී විජේවර්ධන