ලස්සන කෙල්ලො හිසකෙස් දන් දෙති

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ලස්සන කෙල්ලො හිසකෙස් දන් දෙති

image_eab537f16d.jpg

image_25dc711cd7.jpg

image_fcc1a9f38a.jpg

image_314322483a.jpg

පිළිකා රෝගීන්ට හිසකෙස් දන් දෙති
පිළිකා රෝගය වැළදුන පුද්ගලයන්ට ලබා දෙන කීමෝ තෙරපි ප්‍රතිකාරය නිසා කෙස් කළඹ අහිමි වූවන්ට ස්වාභාවික හිස කෙස්වලින් සැකසූ කෙස් කලඹක් (විග්) නොමිලේ ලබා දීමේ ව්‍යාපෘතියක් “පිළිකා සරණ භාරය” සහ “රමණි ප්‍රනාන්දු සැලෝන්ස් ” එක්ව ආරම්භ කර තිබේ.

එහි සමාරම්භය සනිටුහන් කරමින් විශේෂ උත්සවයක් අද (20) බොරැල්ලේ රමණී ප්‍රනාන්දු සැලෝන් හිදී පැවැත්විණ.


එහිදී මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ස්වකීය කෙස් කළඹ පරිත්‍යාග කිරීමට වයස් බේදයකින් හා ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව පිරිස් පැමිණ සිටීමද විශේෂත්වයක් විය.

ස්වභාවික හිස කෙස්වලින් කෙස් කළඹක් සකස් කිරීමේ හැකියාව සහ තාක්ෂණය ඇති ශ්‍රී ලංකාවේ එකම සැකසුම් ශිල්පියා ලෙස සැලකෙන ලලිත් ධර්මවර්ධන මහතා මේ සඳහා තාක්ෂණික සහයෝගය දක්වන අතර ඕනෑම පුද්ගලයෙකුට දිවයිනේ ඕනෑම රමණී ප්‍රනාන්දු සැලෝන් ආයතනයකට ගොස් තම කෙස් කළඹ පරිත්‍යාග කිරීමට හැකියාව ඇත.

ස්වාභාවික හිසකෙස්වලින් සැකසූ කෙස් කළඹක වෙළඳපල වටිනාකම දළ වශයෙන් රුපියල් එක් ලක්ෂ අනූ දහසක් පමණ වන නිසා එය අසරණ පිළිකා රෝගී පුද්ගලයකුට කිසිසේත් දරා ගත නොහැකි මුදලකි.

ඒ නිසා තම හිස කෙස් ගැලවීයාම හේතුවෙන් ඔවුනට ඇතිවෙන මානසික පීඩනය අවම කිරීමේ අරමුණ පෙරදැරිව මෙම සත්කාරක ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු කළ බව පිළිකා සරණ භාරය හි සභාපති වෛද්‍ය සමාධි රාජපක්‍ෂ මහතා පැවසීය.

“අපි මේ පිළිකා සරණ භාරය පටන් ගත්තේ ලංකාවේ අසරණ පිළිකා රෝගීන්ට හැකි උපරිමයෙන් යම් හෝ උදව්වක් ලබා දෙන්නයි. කතානායක කරූ ජයසූරිය මහතාගේ කණිටු දියණිය වූ ඉන්දිරා ජයසූරිය මහත්මිය මිය ගියෙත් පිළිකා රෝගය හා සටන් වැදිලයි. ඇය ඉතා උතුම් කාන්තාවක් , ඇය සිය ජීවිතයට තිබෙන ආශාව අත්හැර කීමෝ තෙරපි ප්‍රතිකාරය ප්‍රතික්ෂේප කළා. එයට හේතුව ඇය සිය දෙවන දරුවා බිහි කරන්නට සිටි ගැබිණියක් නිසා. මොකද ඇය තදින් විශ්වාස කලා කීමෝ තෙරපි ප්‍රතිකාරය ලබා ගතහොත් සිය මෙලොව එලිය දකින්නට සිටින දරුවාට එය ඉතා අහිතකර ලෙස බලපාවි කියලා. ඒ නිසා අය දරුවා නිසා සිය ජීවිතය පරිත්‍යාග කලා. ඇයගේ අකල් වියෝව නිසා තමයි කරූ ජයසූරිය මහතා සමග ජයසූරිය පවුලේ සාමාජිකයන් එකතුව මෙම පිළිකා සරණ භාරය පටන් ගත්තේ. ඉතින් මම මුළු මහත් ශ්‍රී ලංකික ජනතාවගෙන් මේ මොහාතේ ඉල්ලා සිටිනවා මේ කෙස් කළඹ ලබා දීමේ සත්කාරය සඳහා පුළුවන් හැමෝම දායක වෙන්න කියා“ යැයි වෛද්‍ය සමාධි රාජපක්‍ෂ මහතා පැවසීය.

මේ අවස්ථාවට කතානායක කරූ ජයසූරිය මහතාගේ බිරිඳ වෛද්‍ය වසන්තා ජයසූරිය, හිටපු අමාත්‍ය ගාමිණි දිසානායක මහතගේ බිරිඳ ශ්‍රීමා දිසානායක , රමණි ප්‍රනාන්දු සැලෝන් හි අධිපතිනි රමණි ප්‍රනාන්දු හා වෛද්‍ය ලංකා දිසානායක යන මහත්මීහු එක්ව සිටියහ.
 

Roopz

Active member
  • Jan 4, 2015
    216
    50
    28
    මටත් දෙන්ඩ හිතුනා.. දිගටම වවන්ඩ ඕනේ...