ලාබයි...ලාබයි... කාබයිඩ් එක්ක පළතුරු ලාබයි.....!

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    ලාබයි...ලාබයි... කාබයිඩ් එක්ක පළතුරු ලාබයි.....!

    ලාබයි...ලාබයි... කාබයිඩ් එක්ක පළතුරු ලාබයි.....!






    ටවුන් එකේ පේමන්ට් එකක ඇවිදගෙන යනගමන් බැරිවෙලාවත් පළතුරු ලෑල්ලක් දිහා බැලුවොත් ඇති , ඒ ලෑල්ලේ තියෙන පළතුරු දෙක තුනක් ෂොපින් එකකට දාලා දෙන මට්ටමට අපේ වෙළෙන්දෝ දියුණුයි දැන්. ඒ එයාලා අපේ පෝෂණය ගැන ගොඩාක් උනන්දු නිසාද කියලා කියන්න නම් මම දන්නේ නෑ. එයාලා හිතනවා ඇති නිරෝගී කෙනෙක් දවසකට පළතුරු 300g-400g වත් කෑමට ගන්නේ නැත්තම් හරිම වැරදියි කියලා! පළතුරු වෙළෙන්දෝ පැත්තකින් තියමුකෝ, මේ එළවළු වෙළෙන්දෝ එක්ක නම් මට හරිම තරහයි ඊයේ පෙරේදා දවසක ඉඳන් , ඒ මොකද දන්නවද? ඊයේ පෙරේදා දවසක අපේ ගෙදරට ගෙනාව තක්කාලි ගෙඩි වලටත් මේ මිනිස්සු රසායනික(කාබයිඩ්) දාලානේ. හොයාගත්තේ කොහොමද කියලා පස්සේ කියන්නම්කෝ... හැබැයි ඔයාලා දන්නවනේ මේ කාබයිඩ් කියන රසායනිකය අහිතකර එකක් කියලා. බලමු මේ කාබයිඩ් කියන්නේ මොකක්ද කියලා!


    කාබයිඩ් කියන්නේ CaC2 කියන රසායනික සංයෝගය. සාමාන්‍යයෙන් මේ කාබයිඩ් පළතුරු/එළවළු වලට එකතු කරන්නේ ජලයත් එක්ක එකතු කරලා. එතකොට සිද්ධ වෙන්නේ මේ රසායනික ප්‍රතික්‍රියාව,
    CaC2+ H2O --> Ca(OH)2 + C2H2

    ඒකේ ප්‍රතිඵලයක් විදියට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සහ ඇසිටලීන් වායුව නිකුත් වෙනවා. කලින් සඳහන් කල කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් පළතුරු ලෙල්ල මත තැන්පත් වෙනවා වගේම ලෙල්ල ඇතුලට වුනත් කාන්දු වෙන්න ඉඩ තියෙනවා. හිතන්නකෝ ඇපල් වගේ පළතුරකට කාබයිඩ් වලින් වෙන හානිය!! ඊට අමතරව බැරලෝහ (ආසනික්, කැඩ්මියම්... ) වගේ දේවලුත් මේවා කන අපේ ඇඟ ඇතුළට ඇතුළු වීමේ අවදානම තියෙනවා. මේ බැරලෝහ කියන්නේ උග්‍ර විෂ කියලා හිතාගන්නකෝ ඒ ගැන ලොකු දැනුමක් නැත්තම්. මේ බැර ලෝහ නිසා අක්මාගත රෝග, වකුගඩු රෝග, පෙනහළු රෝග, සමේ රෝග… වගේ රෝග හටගැනීමේ හැකියාවක් තියෙනවා. හා හා.. බයවෙන්නෙපා පළතුරු ගෙඩියක් දෙකක් කෑවට මෙහෙම වෙන්නේ නෑ, ඒකට කාලයක් යනවා!!!


    දැන් බලමු පළතුරු/එළවළු වලට කාබයිඩ් දැම්මාම මොනාද වෙන්නේ කියලා. මතකයිනේ මම කිව්වා කාබයිඩ් වලට ජලය එකතු කලා ම ඇසිටලීන් වායුව නිකුත් වෙනවා කියලා! ඔය ඇසිටලීන් වායුවෙන් වෙන්නේ අදාළ පළතුරු/එළවළු වල ලෙල්ල වර්ණවත් වෙන එක තමයි. ගෙඩියේ ඉදීමට/පැසීමට මේකෙන් බලපෑමක් නැහැ. කහ පාට වෙලා නිසා ඉදිලා ඇති කියලා හිතලා අපිත් ගන්නවා, ඒත් ගෙදර ගිහින් බැලුවම ඉදිලා නෑ! ඉදීමට/පැසීමට බලපාන්නේ එතිලීන් කියන වායුව. ඒ මඟින් ස්වාභාවික ව සිද්ධ වෙන, පළතුරේ ඇති අම්ලය හා පිෂ්ඨය, සුක්‍රෝස්(සීනී) බවට පරිවර්තනය වීමේ ක්‍රියාවලිය උත්තේජනය කරන එකයි කෙරෙන්නේ. මතකද අපේ පැරැන්නෝ කෙසෙල් ඉදවන්න වලකට කොළ ජාති එක්ක කෙසෙල් කැන දාලා දුම් ගහනවා. ඒකෙදි වෙන්නේ මේ බූව සහිත කොල වර්ග රත් වෙද්දි එතිලීන් වායුව නිකුත් වීමයි, එතකොට මම අර ඉහලින් කිව්ව ක්‍රියාවලිය උත්තේජනය වෙලා කෙසෙල් ඉක්මනට ඉදෙනවා.



    හරි විදියට බැලුවොත් නම් 1993 අංක 788/7 දරන අහාර පනත අනූව කාබයිඩ් වලින් පලතුරු ඉදවන එක නම් සපුරා තහනම්. ඒ වුනාට අපේ අයියලා ඕවා බලන්නේ නෑනේ, පැහිලා නැති පළතුරු වුනත් විකුණාගන්න තත්වෙට පත් කරගන්න ලේසි ක්‍රමේ නේ. දැන් කියන්නම්කෝ කොහොමද මේ කාබයිඩ් සහිත පලතුරු හඳුනාගන්නේ කියලා. ලේසිම නති වුනත් ටිකක් විමසිල්ලෙන් බැලුවොත් අමාරුත් නෑ. සාමාන්‍යයෙන් පලතුරු ඉදෙන ක්‍රමයක් තියෙනවානේ. ඒ කියන්නේ නැට්ට ළඟ ඉඳන් පහලටනේ. මතක් කරගන්නකෝ කෙසෙල් කැනක්, අඹ ගෙඩියක් එහෙම... ඔය කියන පළතුරු ගෙඩිය/කැන පුරා ම ඒකාකාරී ව ඉදිලා තියෙනවා නම්, එහෙමත් නැත්තම් තැනින් තැන ඉදිලා තියෙනවා නම් ඔන්න කාබයිඩ් ගෙඩියක්!!!!


    එහෙම කියලා පලතුරු නොකා එහෙම ඉන්න එපා හොඳද... මම කියන්නේ කාබයිඩ් ගෙඩි කන්න එපා කියලයි, ඒ නිසා පරෙස්සම් වෙන්න, සල්ලි දීලා ලෙඩ ගන්න එපා! ඒ නිසා අද ඉඳලා පළතුරු/එළවළු ගන්නකොට සැලකිලිමත් වෙන්න අමතක කරන්නෙපා!

    Source:-http://yeslahiru.blogspot.com/2011/12/blog-post_17.html
     

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    Ape buwala Ambilipitiyen amu kesel loriyata CABITE gahanawa colombo enakota idennda............
    Rathnapureta enakota idenda gahandath puluwan..........