KPZ මල්ලි මේකට ආයි ත්‍රෙඩ් එකක් ඇරපු එක නම් මෝඩ වැඩක්. ඔය විස්තර ටික අර ත්‍රෙඩ් එකේමයි දාන්න තිබුනේ.
උඹලා දෙන්නම දියුනුවෙන්න දගලන කොල්ලෝ දෙන්නෙක්. තමන්ගේ තියන අඩුපාඩු හදාගන ඉස්සරහට යන්න තමයි බලන්න ඕනේ. බලන්න ටොයෝටා එකේ සීට් බෙල්ට් එකේ පොඩි ප්‍රශ්නෙකට වාහන රිකෝල් කරලා හදලා දෙනවා. උන් කෝටි ගනං පාඩු විදිනවා. කොටස් වෙළදපොලේ පහලට වැටෙනවා නමුත් උන් ඉන්නේ කස්ටමර් 1 කියන මතයේ. බිස්නස් කරද්දි කස්ටමර් තමයි විශේෂ. තමන්ගේ බිස්නස් එකේ කීර්තිනාමය, අනාගතය රැදිලා තියන්නේ කස්ටමර් මත. ඕක හිතන්නෙ නැති නිසා තමයි අපේ එව්න්ට බිස්නස් කෙල වෙන්නේ. මම මේ කමෙන්ට් එක දාන්නේ පළවෙනි ත්‍රෙඩ් එකත් සම්පූර්නෙන් බලලා මේකත් සම්පූර්නෙන් බලලා. මම කලින් හිටපු මතේමයි ඉන්නේ දෙන්නගෙම වැරදි තියනවා.
KPZ මල්ලි ඔයාගේ තියන ලොකුම දුර්වල තාවය තමයි කෝල් ආන්සර් නොකිරිම, එස්එම්එස් මග ඇරීම වගේම ගොඩක් පහුවෙලා එස්එම්එස් කිරිම. ඔයාගේ කස්ටමර් ත්‍රෙඩ් එකක් දාන තැනට වැඩ සිද්ධ උනේ එකෙන්. අනිත් එක ඔයා ඊට පස්සෙ වත් ඔය ලැප් එක පැයක් හෝ විනාඩි 40 ක් බැට්‍රිය තියෙන්න හදලා දුන්නද?. වොරන්ටි කාලේ ලෙඩක් එනව නම්, ඒක පැහැදිලිව කස්ටමර් විහින් කරගත්තු හානියක් නෙවෙයි නම් වොරන්ටි දීපු ඔයාගේ වගකීම තමයි ඒක හදලා කස්ටමර්ගේ අතට පත් කරන එක. දුර බැහැර නිසා ඒ මනුස්සයා ඒක එව්වම පුලුවන් තරම් ඉක්මනට හදලා ඌට ගෙවලා ගන්න හරි කුරියර් කරන්න තිබුනා. එතනදි අපේ අසනීප, වැඩ කරන අයගේ අසනීප, ෆ්‍රොන්ටො කාරයෝ ආවෙ නෑ කියන ඒවා කස්ටමර්ට අදාළ නෑ මල්ලි. පැක් කරලා ෆ්‍රොන්ටො එකට යවන්න හරි තිබුනා. බිස්නස් එකේදි කස්ටමර්ගේ හිත සතුටින් තියලා වැඩ කරන්න ඕනේ. මගේ යාලුවෙක් එක සැරයක් කිව්වා ඌට ප්‍රොජෙක්ටර් එකක් ඕනෙ වලා අපේ යුරාජ් ගෙන් ඇහුවම යුරාජ් ඒ ගැන විස්තර කියලා ඕනි නම් ගෙනත් දෙන්නම් කිව්වලු. ඌට වෙන එකක් අඩුවට සෙට් වෙලා ප්‍රොජෙක්ටර් එක නම් යුරාගෙන් අරගෙන නෑ. නමුත් ඌ යුරාජ් ගේ හොද කියනවා විතරක් නෙවෙයි ආයි මොනව හරි ඕනෙ උනාම උගෙන් ගන්නත් හිතනවා. එන්න ඒවා තමයි බිස්නස් වලදි තියෙන්න ඕනේ. කැත්තට පොල්ල වගේ ඉදලා හරියන්නෙ නෑ. වොරන්ටි දෙද්දි වොරන්ටි ස්ටිකර් ගහලා හරියට කරන්න.
ලැප් පොඩ්ඩත් තමන්ගෙ වාසියට සමහර කරුණු ටිකක් වෙනස් කරලා කියලා තියනවා. හැබැයි ඌ පාඩුව වෙච්ච එකා. ලැප් පොඩ්ඩා උගේ කස්ටමට කරලා තියන්නෙත් අසාධාරනයක් මොකද කස්ටමර් ලැප් එක ගෙනාවම ලැප් පොඩ්ඩට ඔයිට වඩා ඇක්ටිව් වෙලා වැඩ කරානම් තමන්ට නරක නාමය එන්නෙ නෑ. පරක්කු වෙනවනම් එතකන් පාවිච්චි කරන්න කස්ටමර්ට වෙන අඩුවට තියන ලැප් එකක් දෙන්න තිබුනා. නමුත් ඒ ගැන කතා කරලා වැඩක් නෑ මොකද ලැප් පොඩ්ඩගේ කස්ටමර් එලකිරියේ එකෙක් නෙවෙයිනේ. ලැප් පොඩ්ඩට කුරියර් කරලා හරි KPZ ට ලැප් එක එවන්න තිබුනා. නමුත් KPZ ෆෝන් ආන්සර් කරන්නනේ නැත්තං කිසිම මිත්‍රශීලී බවක් නෑ, කපටියෙක් වගේ හැගිමක් එන නිසා කුරියර් කරන එක අවදානම් කියලා ඌට හිතුනොත් ඒකත් සාධාරණයි.
මම බිට් එක කරද්දි ඒකාලේ තිබුන ඇල්ෆා ඩිජිටල් කියන යූස්ඩ් කම්පියුටර් ගෙනත් විකුණපු කම්පනි එකේ පාට් ටයිම් කම්පියුටර් හදන වැඩේ කරා. එතනදි මම කම්පියුටර් 1000 කට වැඩිය හැදුවා. ඒ නිසා පරණ කම්පියුටර් වල විශේෂයෙන් වෙන රටවල යූස් කරලා එන කම්පියුටර් වල එන ලෙඩ ගැන දන්නවා. පරණ කම්පියුටර් වල ලෙඩ මොන වෙලාවේ එනවද දන්නෙ නෑ. ඒත් ඔය දෙන්නම තමන් ගේන යූස්ඩ් කම්පියුටර් එකක් කාට හරි විකුණන්න කලින් අඩුම තරමේ පැයක් වත් ඔන් එකේ තියලා ඒක පොඩ්ඩක් චෙක් කරලා බලන්න. හීට්වෙන ප්‍රශ්න, බැටරිය එහෙම ගැන.
මේ දිග කමෙන්ට් එක ගැහුවේ KPZ ව අපහසුතාවයට පත් කරන්න නෙවෙයි. නමුත් මල්ලි මේ ඔක්කොම කමෙන්ට් එක්ක ත්‍රෙඩ් කියෙව්වම ඔයාගේ පැත්තෙන් අඩුපාඩුවක් වෙලා තියනවා කියලා තේරෙනවා. අනිත් පැත්තෙනුත් අඩුපාඩුවක් නොව්නම නෙවෙයි. නමුත් ඒ කස්ටමර්. ඔයයි මෙතන ඉන්න සේලර්. ඒ නිසා මේ ප්‍රශ්නේ නිකං ඇදගෙන යන්නෙ නැතුව ඔය දෙන්නා කතා කරලා තීරණයකට එන්න. ලැප් පොඩ්ඩා ගාව ඔය තියන ලැප් එකේ ලෙඩේ පුලුවන් නම් හදලා දෙන්න. ඊටපස්සේ තරහා මරහා අත ඇරලා උඹලා දෙන්නම බිස්නස් කරගෙන යන්න. මේ ප්‍රශ්න ඕනවට වඩා ත්‍රෙඩ් ඇරගෙන ඇදගන යන්න එපා.





kiri kade wena tenaka dala ati dapu tena danne nedda?





