අනුර කියූ නාමල් රාජපක්ෂගේ රේසිං කාර් 19 ගැන විස්තර මෙන්න
කාල්ටන් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ් (Carlton Motor Sports Club) ආයතනයේ නමට නාමල් රාජපක්ෂ විසින් ලක්ෂ දාහකට (93,366,272.00) ආසන්න මුදලක් වියදම් කොට රේසිං කාර් ඇතුළුව මෝටර් රථ 19ක් ගෙන්වා ඇතැයි වාර්තාවේ. මෙම රේසිං කාර් රේගුවෙන් නිදහස් කොට රැගෙන ගොස් ඇත්තේ කිසිදු බදු මුදලක් නොගෙවා බව මීට වසර අටකට පෙර (2012) එම වාහන වල සියලු තොරතුරු සහිතව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා හෙලිදරව් කර ඇත.
සමාජජාල මාධ්‍ය තුල මේ වනවිට මේ පිලිබදව සංස්කරණය කරන ලද විවිධ වීඩියෝපට සැරිසරන නමුත් මෙම අයථා වාහන ගනුදෙනුව පිලිබදව එවකට(2012) රටට සත්‍ය තොරතුරු හෙලිදරව් කිරීමට අනුර කුමාර දිසානායක මහතා මැදිහත්විය.
නාමල් රාජපක්ෂ මෙම රේසිං කාර් ආනයනයේදී වරාය හා ගුවන් තොටුපළ ගාස්තු, රේගු ආනයන බදු, නිෂ්පාදන බදු, වැට් බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු කිසිවක් නොගෙවා ඇති අතර ඒ හේතුවෙන් රටට අහිමිව ඇති මුදල රුපියල් 202,231,439.00 අධිකය.
ජපානයෙන් එන්ජින් ධාරිතාව 3900 යේ පෙට‍්‍රල් පොෂේ (Porsche – 3900 CC) රථයක්ද, මලයාසියාවෙන් එන්ජින් ධාරිතාව 3,500 යේ ඇස්ටන් මාර්ටින් රථයක් (Aston Martin – 3500 CC), නිසාන් ෆෙයාලේඩි රථයක් (Nissan Fairlady – 3500 CC) සහ හොන්ඩා සිවික් රථයක් (Honda Civic – 3500 CC) ගෙන්වා ඇත.
ලැම්බෝගිනි රථ දෙකක් (Lamborghini Callardo – 4961 CC) ගෙන්වා ඇත්තේ හොංකොං සහ මැකා ඕ රටවලිනි. ඉතිරි රථ 13ම ගෙන්වා ඇත්තේ ඉන්දියානු මෝටර් රථ (Toyota Kirloskar Motor Private Limited) සමාගමකිනි.
එම සියලුම රේසින් කාර් නවීනතම මෝටර් රථ වන අතර (Brand New Etios Motor Racing Car) එන්ජින් ධාරිතාව 1496 රථ 08ක්ද එන්ජින් ධාරිතාව 1197 රථ 05ක්ද ඊට ඇතුළත්ය.
කාල්ටන් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ් වෙනුවෙන් මෙම රේසිං කාර් ගෙන්වීමේ කාර්යයේ යෙදී සිටින්නේ ගැක් ලොජිස්ටික් (Gac Logistics ltd) ආයතනයයි.
එම වාහන වල වටිනාකම පහත දැක්වේ.
01. ලැම්බෝගිනි රේසිං කාර් 2යි (රු. 13,672,565.00)
02. පෝෂේ රේසිං කාර් 1යි (රු. 6,120,100.00)
03. ඇස්ටන් මාර්ටින්, නිසාන් ෆෙයාර්ලේඩි සහ හොන්ඩා සිවික් රථය බැගින් (රු. 25,782,550.00)
04. ඉටියෝස් රේසිං කාර් 13යි. (රු. 47,791,057.00)

Last edited: