ලිංගික ආත්මාර්ථය කියන්නේ මොකක්ද?

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ලිංගික ආත්මාර්ථය කියන්නේ මොකක්ද?

    සති දෙකකට පස්සේ ආයෙත් ඔබ හමුවෙන්නේ. ඉතින් කොහොමද ජීවිතේ, පහුගිය දවස්වල කීප දෙනෙක්ම ‘සිරි යහනේ - නෑ සහනේ‘ ලිපි මාලාව ගැන විවිධ අදහස් පලකලා. සමහර පාඨකයන්ට තියන ප්‍රශ්න පවා යොමු කරලා තිබුණා. ඒ ප්‍රශ්වලට පිළිතුරු ඊමේල් මාර්ගයෙන්ම යොමුකලා, ඒ වගේම පොදුවේ ඒ ප්‍රශ්න වලට පිළිතුරු ඉදිරියේදී Q&A ලිපියකින් ලියන්න අදහස් කරනවා.

    ඒ වගේම සිරි යහනේ නැ සහනේ පසුගිය ලිපි කියවන්න නොහැකි වුණානම් මෙන්න මෙතනින් පුළුවන් කියවන්න. අපි පහුගිය කොටසෙදි කතාකලේ සිරි යහනේ දෙදෙනෙකුගේ කායික බැඳීමකට බාධා කරන විවිධ නරක පුරුදු ගැනයි ඔයාලට ඒ ලිපිය කියවන්න පුළුවන් උනානම් තේරුම්ගන්න පුළුවන් වෙන්න ඇති අපි නොහිතන අපේම පුරුදු කොච්චරනම් අපේ කායික බැඳීමේ තෘප්තිමත්භාවයට, ඒකාග්‍රතාවයට බලපානවද කියලා.

    අදත් කතාකරන්න යන්නේ බොහෝ දෙනෙක්ට ගැටළුවක් වෙලා තියන, ඒ වගේම බොහොමයක් බැඳීම්වලට අහිතකර විදිහට බලපාලා විවාහයන් පවා දෙදරලා යන්න හේතුවෙන කාරණයක්. ඒ තමයි ‘ලිංගික තෘප්තිය පිළිබඳව ආත්මාර්ථකාමීත්වය‘ මේක ටිකක් පුළුල්ව කතාකරන්න ඕන මාතෘකාවක්. මොකද මේ තත්වයට සෘජුවම කෙනෙක්ගේ පුද්ගල චර්යාවන්, ආශාවන්, මානසික තත්වයන් වගේ කාරණා රාශියක් බලපාන නිසා. කමක් නෑ, අපි මේක සරලව සහ අපි හැමෝටම තේරුම්ගන්න පුළුවන් විදිහට කතාකරමු.

    ලෝකයේ බොහෝවිට අහන්න ලැබෙන්නේ විවාහයක් ඇතුලේ ලිංගික අඩම්තේට්ටම් වලට හේතුවත් මේ ලිංගික තෘප්තිය පිළිබඳ ආත්මාර්ථකාමිභාවය කියලා මනෝ වෛද්‍යවරු ප්‍රකාශ කරනවා. මුලින්ම බලමු මොකක්ද මේ ආත්මාර්ථාමීත්වය (Selfishness) කියන්නේ කියලා. ආත්මාර්ථකාමීභාවය නැත්නම් ආතර්මාර්ථය කියන එකේ මූලික අදහස තමයි තමන්ගේ වුවමනාව සහ අවශ්‍යතාව වෙනුවෙන් යමක් කිරීම සහ එයින් අනෙකුත් පාර්ශවයන්ට සිදුවන යහපත හෝ අයහපත පිළිබඳ නොතැකීම.

    ලිංගිකත්වය සහ ලිංගික බැදීමක් කියන්නේ ශාරීරිකව මෙන්ම මානසිකව සිදුවන බොහොම සංවේදී ක්‍රියාවක් නිසා මේකට ආත්මාර්ථය කියන වචනය කොහෙත්ම ගැලපෙන්නේ නෑ. පොදු පිළිගැනීම තමයි ලෝකයේ ලිංගිකව ආතර්මාර්ථකාමී වෙන්නේ පුරුෂයන් කියන එක. ඒකට හේතුව තමයි ලෝකය පුරා ඒකට අවශ්‍ය සාධක සහ සිද්ධි වාර්තා වෙන්නේ පුරුෂයන් මූලික වෙලා කියන එකත් එක්කයි. ඒත් සැබෑ ලෙසම පුරුෂයන් වගේම කාන්තාවන් ද ලිංගික තෘප්තිය පිළිබඳව ආත්මාර්ථයකින් පසුවෙනවා කියන එක අපි තේරුම්ගන්න ඕන.

    ගොඩක් වෙලාවට විවාහයක් ඇතුලේ ලිංගික බැඳීමක් විවාහය සිද්ධවුණු අලුත බොහොම ශක්තිමත්, ඒ වගේම සුන්දරයි. දෙන්නටම දැනෙන්න පුළුවන් දෙන්නා අදහස් වලින් විතරක් නෙවෙයි ලිංගිකවත් බොහොම ලඟයි නැත්නම් ගැලපෙනවා කියලා. ඒත් ටික කාලයක් යද්දි ලිංගික එක්වීම් කියන එකට විවිධ විවිධ බාධක මතුවෙන්න පුළුවන්, මතිමතාන්තර මතුවෙන්න පුළුවන්, ඒ ගැන අපි පහුගිය ලිපිවල සවිස්තරාත්මකව කතා කලා. ඒ සිද්ධි එක්ක අර කලින් කියපු තරම් ලිංගික බැඳීම ශක්තිමත් නොවෙන්න පුළුවන්. ටික කාලයකින් දරුවෙක් එහෙම ලැබුණම මේ තත්වය තවත් දරුණු වෙන්න පුළුවන්, මැද වයසට එද්දි දෙන්නා එක කාමරයේ ඇඳන් දෙකක, නැත්නම් කාමර දෙකක ජීවත් වෙන තරමට මේ සිද්ධිය දුරදිග යන්න පුළුවන්. අපි දැන් බලමු කාන්තාවකගේ ඇහින් පුරුෂයෙක් දිහා මේ ලිංගික ආත්මාර්ථය ගැන දකින විදිහ සහ පුරුෂයෙක්ගේ ඇසින් කාන්තාවක් දිහා ලිංගික ආත්මාර්ථය ගැන දකින විදිහට.

    කාන්තාවන්ගේ සාමාන්‍ය විශ්වාසය තමයි තමන්ගේ සැමියාට, සහකාරයාට, පෙම්වතාට දැඩිසේ ලිංගික අවශ්‍යතාවයක් තිබෙනවා, සහ ලිංගික පිපාසයකින් පසුවෙනවා කියන එක. මෙන්න මේ වීඩියෝ එක බැලුවොත් මේ කතාවේ ඇත්ත නැත්ත තේරුම්ගන්න පුළුවන්. ඉතින් මේ හැඟීම එක්ක තමයි බොහොමයක් කාන්තාවන් තමන්ගේ සහකාරයා එක්ක ජීවිතය ගතකරන්නේ. ඒක නිසා කාන්තාවට ලිංගික සතුට අවශ්‍ය වෙලාවට තමන්ගේ සහකාරයාගෙන් එම සතුට ලැබිය යුතු වීමත්, තමන්ට අවශ්‍ය නැති වෙලාවට සහකාරයාටත් අවශ්‍ය වුනත් ඒක තමන්ට අදාල නෑ කියලා හිතලා ඉන්න එක ආසියාතික කාන්තාවන්ගේ ආකල්පවල තියන බරපතල ගැටළුවක්. ඒත් ඒකට සාධාරණ හේතු තිබෙනවා, ඒ තමයි ඔවුන්ගේ ලිංගික අධ්‍යාපනය, බැඳීමක් තුල ජීවිතය ගැන අවබෝධයක් නැතිවීම වගේ හේතු. සමහර විට ලිංගික අධ්‍යාපනය ගැන දන්නවා කියලා හිතාගෙන ඉන්න කාන්තාවන් බොහෝවිට දන්නේ ඒකේ න්‍යායාත්මක කොටස විතරක් වීම නිසාත් මේ ගැටළුව ඔවුන්ද අදාලයි.

    ඉතින් මෙහෙම කාන්තාව තමන්ගේ ලිංගික තෘප්තිය කියන කාරණයේදී තමන්ගේ සහකරුවාගේ අවශ්‍යතාව,තෘප්තිය ගැන හැඟීමක් නොවීම එක්ක ලිංගික බැඳීමට වගේම පවුල් ජීවිතයටත් බරපතල බලපෑමක් වෙන්න පුළුවන්. ඒ නිසා කාන්තාවන් මෙන්න මේ කියන කාරණය හොඳින් හිතේ තියාගන්න ඕන. සාමාන්‍යයෙන් පුරුෂයෙක්ට ඕනෑම දිනයක ඕනෑම වේලාවක ලිංගික ආශාවන්, අවශ්‍යතාවයන් ඇතිවෙන්න පුළුවන්. මොකද ඔවුන්ගේ ලිංගික හා ප්‍රජනන පද්ධතිය කාන්තාවට වඩා වෙනස් නිසා තදබල රෝගී තත්වයක් හෝ මානසික ව්‍යාකූලත්වයක් නොමැති නම් ඔවුන්ට ලිංගික තෘප්තිය අවශ්‍ය වෙනවා, ඔවුන් විවාහක නම් එය ඔවුන්ට තමන්ගේ බිරිඳ එක්ක ලිංගිකව එක්වීමෙන් ලබාගන්න වෙනවා, අවිවාහක නම් තමන්ගේ පෙම්වතිය එක්ක ලිංගික සබඳතාවක් පවත්වනවානම් ඇයගෙන් ලබාගන්න වෙනවා. එහෙම නැත්නම් එක්කෝ ඔවුන් විකල්ප අවස්ථා හොයාගෙන යනවා, එහෙමත් නැත්නම් ඉවසගෙන ඉන්නවා. මේ තත්වය තේරුම් නොගෙන කටයුතු කලොත් කාන්තාවන් පත්වෙන්නේ තමන්ගේ බැඳීම ඇතුලේ හුදෙකලාවකට. එහෙම නැතිව තමන්ගේ අඩුපාඩු තියාගෙන සහකාරයාට දොස් කියලා වැඩකුත් නෑ.

    දැන් මේ ගැටළුවම කාන්තාවගේ පැත්තෙන් බැලුවොත් පුරුෂයන් බොහෝවිට හිතන්නේ විවාහයකට පස්සේ නැත්නම් ආදර බැඳීමක් ඇතුලේ තමන්ගේ බිරිඳ, පෙම්වතිය තමන්ට අවශ්‍ය හැම මොහොතකම ලිංගික සතුට උත්පාදනය කරන්නියක් විය යුතුයි කියලා. ඒ සිතිවිල්ල එක්ක තමයි බොහෝවිට ජීවිතය පුරාම ඇය එක්ක කටයුතු කරන්නේ. එතනදි පිරිමි පාර්ශවයට තමන්ගේ සහකාරියගේ මානසික තත්වය, කායික තත්වය, ඇයගේ අවශ්‍යතාවයන්, වුවමනාවන්, ආසාවන් ගැන හැඟීමක් නෑ. අයහපත් සන්නිවේදනයත් දෙදෙනා අතර මේ තත්වයට හේතු වෙනවා. මොකද පුරුෂයන් බහුතරයක් තමන්ගේ සහකාරියගේ මතයට, හඬට සවන් දෙන්නට අකමැති හෝ නොතැකීම හේතුවෙන්.

    ඒ ලිංගික ආත්මාර්ථය නිසා ඇතිවෙන කළකිරීම, වේදනාව, අහිමිවීම නිසා කාන්තාවට තමන්ගේ බැඳීම සම්බන්ධයෙන් තෘප්තිය නැතිවෙන්න පුළුවන්. පිරිමි පාර්ශවයටත් ඒක එහෙම්ම තමයි. මෙතනදි පුරුෂ පාර්ශවය තේරුම්ගන්න ඕන දේ තමයි කාන්තාවගේ ලිංගික සහ ප්‍රජනන පද්ධතියේ හැසිරීම. සාමාන්‍යයෙන් කාන්තාවකට මාසික ඔසප්වීම සිද්ධවෙලා දිනකට දෙකකට පස්සේ ලිංගික වුවමනාවක් ඇතිවෙනවා, ඒත් ඔසප්වීම් අවසන්වන තෙක් ඇය ඉන්න වේදනාව නිසා ලිිංගිකව එක්වීම අසීරුයි, ඒත් ඔසප්වීම අවසන්වුනාට පස්සේ සති දෙකක වගේ කාලයක් යනතෙක් ඇයට දැඩි ලෙස ලිංගික තෘප්තිය අවශ්‍ය වෙනවා වගේම ඒ කාල සරු කාලය වීම නිසා දරුඵල ලැබීමටද ලිංගිකව එක්වීමට සුදුසු කාලයක්. ඒත් ඒ සති දෙකක කාලයෙන් පස්සේ කෙමෙන් කෙමෙන් නැවත ඇයගේ ලිංගික ආශාවන් අඩුවෙමින් යනවා ඔසප් කාලය දක්වාම. ඒ චක්‍රීය ස්වභාවය පුරුෂයා විසින් තේරුම්ගත යුතුයි. මේ සියල්ල සිදුවෙන්නේ කාන්තාවගේ හෝමෝන හැසිරීමට අනුකූලවයි. ඒ වගේම කාන්තාව වයස 40-50 ඉක්මවද්දි ආර්තවහරණය සිද්ධවෙන නිසා එතනින් පසුවත් ලිංගික ආශාවන්ගේ අඩුවීමක් සිද්ධවෙන්න පුළුවන්.

    දැන් අපි දන්නවා පාර්ශව දෙකම මේ ගැටළුව දිහා බලන්නේ කොහොමද සහ ඒකට බලපාන හේතු මොනවද කියලා. තවත් මේ වගේම වැදගත් කරුණ කීපයක් තියනවා. ඉහත කරුණු කියෙව්වාම ඔබට තේරෙනවා ඇති මාසයක් ඇතුලත කාන්තාවකට ලිංගික තෘප්තිය ඉතා හොඳින් දැනෙන සහ අවශ්‍ය වෙන කාලය ඉතා සීමිතයි කියලා. එතකොට වෙනත් බාහිර වෘත්තීය, සෞඛ්‍ය, පුද්ගලික කාරණා එක්ක මේ කාලය තවත් අඩුවෙන්න පුළුවන්. හැබැයි එතකොට ඉතිරිවෙන දවස් කීපයේවත් කාන්තාව තමන්ගේ සහකරුවාගේ ලිංගික තෘප්තිය ගැන නොසිතනවානම්, ඔහු එක්ක ලිංගිකව එකතු නොවෙනවානම් ඒ බැඳීම මොනවගේ ඉරණමකට ගොදුරුවෙන්න පුළුවන්ද. මේකම පුරුෂයන්ගේ පැත්තෙනුත් වෙන්න පුළුවන්, විශේෂයෙන්ම බොහොම කාලයක් කාන්තාවන්ගේ සැමියන් විදේශ ගතවෙලා ඉන්නකොට සිද්ධවෙන සමාජ ගැටළුවලට හේතුවත් මේකමයි.

    තවත් වෙලාවකට කාන්තාව වගේම පුරුෂයත් තමන්ගේ තෘප්තිය විතරක් විඳලා අනෙක් කෙනාගේ තෘප්තිය, ආසාව ගැන නොහිතා කටයුතු කරනවා. විශේෂයෙන්ම ලිංගිකව එක්වෙන අවස්ථාවේ කාන්තාවගේ සුරතාන්තය ගැන පුරුෂයාට අවබෝධයක් නැතිව පුරුෂයාට ශුක්‍රාණු පහවීම එක්ක ඔහු අක්‍රීයවෙලා කාන්තාව සතුටු කිරීමට අසමත්වීම දිගින් දිගටම පැවතුනොත් සිද්ධවෙන්නේ කාන්තාවගේ අතෘප්තිය මානසික ව්‍යාකූලත්වය බවට පත්වීම. මේකට පුරුෂයාගේ පාර්ශවයෙන් මානසික සහ ශාරීරික ප්‍රතිකාර ලබාගන්න පුළුවන්.

    ඒ වගේම කාන්තාවනුත් තමන්ට අවශ්‍ය කටයුතු පමණක් පුරුෂයාගෙන් කරගෙන පුරුෂයාගේ ආශාව පිළිබඳ නොසලකා ඉන්න පුළුවන්. පහත ප්‍රකාශයන් දෙකෙන් කියවෙන්නේ කාන්තාවක් සහ පුරුෂයෙක් ලිංගික ආත්මාර්ථය ගැන තමන්ගේ අත්දැකීම් පවසපු අවස්ථාවන්,

    ‘මම නිකී, මම ගොඩක් කැමතියි මගේ සැමියා මගේ දෙතොලින් පටන්ගෙන, පියයුරු සිපගැනීම සිදුකරලා මාව ඉතාම හොඳින් පිබිදුනාට පස්සේ ලිංගිකව එකතුවෙනවනම්. ඒත් මගේ සැමියා කරන්නේ මට අන්තිමටම ඕන එක මුලින්ම කරන එක. එයා එක පාරටම මගේ ඇඳුම් ගලවලා ලිංගිකව එකතු වෙනවා. බොහොම ඉක්මණට ලිංගිකව එකතුවෙලා ඉවරවෙලා මගේ ඇඟට අතක් දාගෙන නිදාගන්නවා. එයා කවමදාකවත් මගෙන් අහලා නෑ මම තෘප්තිමත් වෙනවද, මම සුරතාන්තයට පත්වුණාද, මම කැමති මොනවිදිහටද කියලා..එයා හැමාදම බැලුවේ එයාගේ අවශ්‍යතාවය සහ ආසා විදිහ විතරයි. ඒත් අපි දෙන්නට කතාකරන්න පුළුවන් වුනානම් අපිට තිබුණ මාරුවෙන් මාරුවට අපේ ආශාවන් ඉටුකරගන්න. ඒත් අන්තිමට මට ඒක එපාම වුනා, පස්සේ මගේ කාර්යාල මිතුරෙක් වුණ මයික් එක්ක මම සබඳතාවක් හදාගත්තා, ඔහු මුල ඉඳන්ම මගේ ආශාවන් තේරුම් අරගෙන මගෙත් එක්ක එකතු වුනා..මම මගේ සැමියාගෙන් දික්කසාද වුනා..මම අද මයික් එක්ක සතුටින් ජීවත් වෙනවා..‘

    මේ කතාවෙන් ඔබට දෙන ආදර්ශය සම්බන්ධයෙන් තෘප්තිමත් නැත්නම් කඩාගෙන වෙන බැඳීමකට යන්න කියන එක නෙවෙයි. මේ මානසික තත්වයන් තේරුම්ගන්න කියන එකයි. දැන් මේ කතාවත් කියවලා බලන්න.

    ‘මම ඒබ්‍රහම්, මම විවාහ වුනේ අවුරුදු 8ක් ආදරේ කරපු මගේ පෙම්වතිය එක්ක. අපි ආදරේ කරන කාලේ සෘජු ලිංගික සම්බන්ධයක් තිබුණේ නෑ. විවාහයෙන් පස්සේ අපි සතුටින් හිටියා. ඒත් ඇයට නිතරම අවශ්‍ය වන්නේ මට කියලා ඇයගේ යෝනි මාර්ගය පිරිමැදීමෙන් තෘප්තියට පත්වෙලා පැත්තකට වෙන්න. බොහෝ අවස්ථාවල ඇය මට කියලා එහෙම කරගෙන පැත්තකට වෙලා නිදාගන්නවා. අඩුම තරමින් මට ශුකාණු පිටවෙන්නවත් ඉඩක් නැතිව. අඩුම තරමේ බොහෝ අවස්ථාවල ඇය මගේ ලිංගේන්ද්‍රය අල්ලන්වෙත් නෑ. අපි ආදරේ කරන කාලේ ඉඩක් ලැබුණු හැම වෙලාවෙම ඇය මගේ ලිංගේන්ද්‍රය පිරිමැදලා ඇයත් සතුටු වෙලා මාවත් සතුටු කලා. ඒත් විවාහයෙන් පස්සේ සේරම වෙනස් වුනා. සමහර විට අැය මට කියලා ඇඟිලිවලින් සතුටුවෙද්දි මම බලහත්කාරයෙන් වගේ ඒක නවත්තලා ලිංගිකව එකතුවෙනවා, එවැනි වෙලාවට ඇය අකමැත්තෙන් වගේ මාත් එක්ක එකතුවෙනවා. ඇය ඒකෙන් සතුටක් විඳිනවා කියලා දැනෙන්නේ නෑ. මම ඇය එක්ක ගොඩක් මේ ගැන කතාකලා. අඩුම තරමේ ඇයට මේක ප්‍රශ්නයක් කියලා තේරුම්ගන්නවත් පුළුවන් කමක් නෑ..මම පත්වෙලා ඉන්නේ ලොකු අපහසුතාවයකට..“

    මේ සිද්ධි දෙකම සත්‍ය සිදුවීම් දෙක්ක. මේ දෙකම තිබුණේ ලිංගික ගැටළු සඳහා පිළිතුරු ලබාදෙන සඟරාවකට එවපු ඊමේල් පණිවිඩ අතරේ. ඒ නිසා ඔබට පේනවා ඇති ලිංගික ආත්මාර්ථය ඇතිකරන්නේ මොනවගේ මානසික තත්වයක්ද සහ මොනවගේ ප්‍රශ්නද කියලා. ඒක නිසා මේ තත්වය හොඳින් තේරුම්ගන්නනම් මුලින්ම දෙන්නට හොඳින් කතාකරන්න වෙනවා. ඊට පස්සේ තමන් ගැන අධි තක්සේරු, අවතක්සේරු ඉවත් කරලා දෙන්නගේ කැමැත්ත ගැන කතාකරගෙන හොඳ අදහස් හුවමාරුවකින් පස්සේ ලිංගිකව එක්වෙන්න පුළුවන්. එහෙම වුනාම ප්‍රශ්න ගොඩක් අඩුයි.

    උපුටා ගැනීම - www.her.lk
     
    • Like
    Reactions: SimonRiley