ලිට්රෝ ගෑස් හොරු

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ගෑස් එක ඉවර වෙලා ගන්න ගියා. කලින් තිබ්බේ 12.5 නිල් පාට සිලින්ඩර් එක. ඒකත් අරං කඩේට ගියාම එකේ තියෙන්නේ අර ගෑස් අඩු හොර සිලින්ඩර් එක. හොර සිලින්ඩර් එක පරණ සිලින්ඩර් එකේ සයිස් එකම තමයි. රතු පාට ස්ටිකර් එකක් අලවලා තියෙනවා. එකේ ගහලා තියෙන්නේ ප්‍රිමියම් හයිබ්‍රිඩ් කියලා. ලිට්රෝ එකට කෝල් කරාලා කිව්වා මට හොර ගෑස් එපා, කලින් තිබුන එකම ඕනි කියලා. උන් කියනවා ඒ පාර 12.5 එකත් තියෙනවා, අහවල් කඩේට යන්න කියලා. මම හිටියෙත් ඒ කඩේම තමයි. ලිට්රෝ එකාට අමතලා ෆෝන් එක තිබ්බා මම.

    Whats-App-Image-2021-05-17-at-7-36-08-PM.jpg


    ලිට්රෝ එකෙන් මේ හොර සිලින්ඩර් එක අදුන්වලා දුන්නේ මෙහම පච කියලා.

    Capture1.jpg


    ඒත් ආන්න අද එළිවෙලා ලිට්රෝ ගෑස් එකේ උන් පච කිව්වේ කියලා

    Capture.jpg


    ලිට්රෝ උන්ගේ ෆේස්බුක් එකේ ඒ ගැන ඇහුවම කොමෙන්ට් ඩිලීට් කරනවා.

    ලිට්‍රෝ ගෑස් මිල රහසේ වැඩි කරපු හැටි.
    😅

    සාමන්‍ය ගෑස් සිලින්ඩරයක,
    බර කිලෝ 12.5කී.
    එනම් ගෑස් ලීටර 24.5කී
    මිල රුපියල් 1493කී.
    ගෑස් කිලෝ එකක මිල රු 119.44.
    ⛔
    ලිට්‍රෝ සමාගම අලුත් ගෑස් සිලින්ඩරයක් හදුන්වා දී ඇත.
    එහි බර කිලෝ 9.18කි.
    එහී ලීටර 18කී.
    එහි මිල රු.1395කී
    ගෑස් කිලෝ එකක මිල රුපියල් 151.95කී
    නව සිලින්ඩරය මගින් ගෑස් කිලෝ එකක වැඩි වූ මිල රු 32.51කී.
    32.51 x 9.18 = 298.44
    ඒ අනුව ගෑස් සිලින්ඩරයක මිල ආසන්නව රුපියල් 300කින් වැඩිවී ඇත.

    ප.ලි- ලිට්රෝ එක කියන්නේ රජයේ සමාගමක්. එහෙම එකක් මිනිස්සු රවට්ටන නං ඇමතිට මොකුත් කරන්න බැරි ඇයි? රජයත් මේ හොරකමට හවුල් නිසාද?
     
    Last edited:

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ගන්න 12.5 එකක් නැතුව අද මට ඕවා එකක් ගන්න උනා. 😔
    ඔව්. උන් කලින් තිබ්බ එක එවන්නේ නැහැ. මිනිස්සු රැවටිලා අරං යනවා මේ හොර සිලින්ඩර් එක.
    thnx
    චුට්ටි කාලෙකටනෙ.
    වහ චුට්ටක් කෑවට කමක් නැහැ ළමයෝ
    mala jarawak eka.. mama aran 10 days use karee.... 12.5 eke api 30 days use karanwa...
    මුන් පට්ට හොරු. මිනිස්සු රවට්ටන එක කරන්නේ.
    වැඩ කරන විරුවා අපිට --- ඇරියා................ .

    දැන් සැපද කියලා අහන්ඩවත් එකෙක් නැ ................
    ------ Post added on May 17, 2021 at 8:33 PM
    මම තමයි හොදටම කරේ.
    Dan oka market eken ayin korano kiyala sinha nada kora neda
    කටින් බතල බං. දැන් මාර්කට් එකේ අනික් පරණ ගෑස් සිල්න්ඩර් එක නැති එක උනේ.
    ස හිටියා නම් මෙහෙම වෙන් නෑ මචො. අපේ කරුමේ තමා නේ 🥲
    සොන්නයෙක් අගමැති වෙලා පබයෙක් ජනාධිපති උනාම ඔහොම තමයි කියනවනි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,000
    113
    34
    Kalutara
    තාම ලිට්‍රෝ එක ඉවර වුනේ නෑ ගේන්න. ඉස්සරහ ගෙදර මිනිස්සුත් ගෙනාව කිව්වෙ ඕක. ඉස්සරහට ඕකම ලාෆ් එකේ උනුත් කරන්න ගත්තොත් මොකද වෙන්නෙ කියහන්කො මිනිස්සුන්ට. එතකොට දැන් ලාෆ් ගෑස් එකත් කොහෙවත් නැතිවෙන්න හේතුව ලිට්‍රෝ එකේ උන් ලාෆ් එකේ උන් එක්ක එක්කහු වෙලා ගහන ගේම් එකක්ද?
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මේ රටේ අදාළ බලධාරියෝ බුදිද එක එක කම්පැනි කාරයින්ට නටන්න දීලා බලාගෙන ඉන්නේ?
    ඒක තමයි කියන්නේ. කලින් මාසයක් පාවිච්චි කරා නං මේ සැරේ ගෑස් එක සති තුනෙන් ඉවරයි. ආයේ උස්සන් යන්න ඕනි පුරවන් එන්න. මිනිස්සුන්ගේ කාලය, සල්ලි ඒකට අමතරව යන.
    laughs lath eka patan aran dan...
    එහෙමද
    අපේ පැත්තෙත් තියෙන්නෙ ඔය හොර සිලින්ඩරේ විතරයි.
    මුන් හිතලම අනික් එක එවන්නේ නැහැ. මිනිස්සු කරන්න දෙයක් නැති නිසා සමහරු නොදන්නා නිසා අරං යනවා.
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    Dollar eka wedi wena nisa, GAS mila wedi wenna one.

    Anduwa gas mila wedi karanna denne nethi nisa tamai Company ekata oya hora wede karanna wela thienne.
     
    • Like
    Reactions: CAPITHAN

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    අද කඩවල් 4 ට ගිහින් අමාරුවෙන් පරන් එකක් හොයාගෙන අරන් ආවා,හැබැයි 12.5kg නැති හැම කඩයක් ළඟ ඉදලම පාරිභෝගික අධිකාරියට කතා කරලා කිව්වා,
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,024
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කඩකාරයින්ට උගන්නල තියෙන්නෙ 12.5 නැද්ද ඇහුවම ලබන බදාද එනව කියල (මොකක් හරි දවසක්) කියන්න කියල. මිනිස්සුන්ට ගෑස් නැතුව ඉන්න බැරි නම් තියෙන එක අරන් යනව. ගෙදර බැකප් සිලින්ඩර් තියෙන උන් ඊලඟ දවසෙ යනව. එදාටත් 12.5 නෑ
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    තාම ලිට්‍රෝ එක ඉවර වුනේ නෑ ගේන්න. ඉස්සරහ ගෙදර මිනිස්සුත් ගෙනාව කිව්වෙ ඕක. ඉස්සරහට ඕකම ලාෆ් එකේ උනුත් කරන්න ගත්තොත් මොකද වෙන්නෙ කියහන්කො මිනිස්සුන්ට. එතකොට දැන් ලාෆ් ගෑස් එකත් කොහෙවත් නැතිවෙන්න හේතුව ලිට්‍රෝ එකේ උන් ලාෆ් එකේ උන් එක්ක එක්කහු වෙලා ගහන ගේම් එකක්ද?
    ඇමති නං බයිලා කිව්වා. මේ හොර සිලින්ඩර් එක විකුනන්න දෙන්නේ නැහැ කියලා. හැබැයි අන්තිමට දැන් මාකට් එකේ තියෙන්නේ හොර එක විතරයි.
    හොර එක මාකට් එකට දාන්නේ බන් එකයි ඔය.
    ඔව්