Salli akathu karanne kohomada bn...kiyak hary gaththoth hulage giya wage...epa wela thiyenne
අනවශ්‍ය වියදම්.. වැඩක් නැති මගුල් ගැනීම

Salli akathu karanne kohomada bn...kiyak hary gaththoth hulage giya wage...epa wela thiyenne

what about lolc? anyone have experience wth them?

පොඩක් කියාපාන්කෝ ,මමත් කරන්නේ ඔකක් තමා ,අදුන ගන්න ලැබීම සතුටක් ,හෙල්ප් එකක් ඕනේ උනොත් ගන්න කෙනෙක් හම්ඹ උනා ,ලොකු දෙයක් ,mgt එකක් දැකපු එක එකේ එකේ
kohomada bn salli ekathu karanne
awurdu 100k wath yai ohoma ekathu kaloth


That's Gaje talkingLankawe inflation ekai . Interst rate 1i exchange rate ekai dala fishing equation 1 n baluwama buying power enna enna drop wenawa . Inflation ekata n exchange rate 1 anuwa adayama wenas wena business karana kenek ta hara job karana kenek ta ehema ganna ba .leasing z d option fr them.job karana unge padi nt get adjusted![]()

ptta yako ,niyamyi koheda yuni eka ,uot une mana kaledaCima .bus mgt degree . Cfa lvl 1.mba half way .
npv hadanna godk ayata bane ban ekane hithe hatiyata rawatanna puluwan ,lisin hoda ,wahanyak ganna ,eken kalinta wada adayamak enwanm ho ,giya wiyadamak ithuru wenwanm ,eken poliya kapenwanam godaඕක ගැන පොඩ්ඩක් වෙනස් විදිහකට හිතල බලමුද
1.සල්ලි ඉතුරු කරලා ගන්න එක
සල්ලි ඉතුරු කරන්න පටන්ගන්න දවසේ වාහනේ වටිනාකම ලක්ෂ 20යි කියමුකෝ
එතකොට අවුරුදු 5ක් සල්ලි එකතු කරනවානම් මාසෙට රුපියල් 33,333ක් එකතු කරන්න වෙනවා
අවුරුදු 5 ඉවර වෙනකොට ලක්ෂ 20 හරි .එත් ඒ වෙනකොට ලක්ෂ 20ට බලාපොරොත්තු උන විදිහේ වාහනයක් ගන්න පුලුවන්ද ? බෑ නේ . වාහන ගණන් යන විදිහට මුලින් බලාපොරොත්තු උන විදිහේ එකක් ගන්න ලක්ෂ 30ක් 35ක් වත් යයි නේ
දැන් මොකද කරන්නේ .......... හරි ගන්නවා පාවිච්චි කරපු එකක් .වාහන ගණන් යන නිසා මුලදී ගන්න බලාපොරොත්තු උන වාහනේ අවුරුදු 5ක් පාවිච්චි කරපු එකකුත් ඒ කාලේ Brandnew ගත්තට වඩා ගණන් වෙන්න පුළුවන් . හරි අපි කියමු ඒ ගානයි කියල . ලක්ෂ 20 යි ඔන්න වාහනේ ගත්ත .
2. ලිසින් කරලා ගන්න එක
අවුරුදු 5කට ලීසින් එක දැම්ම ,වාහනේ එදාම අරන් ආව . ලක්ෂෙකට රුපියල් 3000ක් කියමු වාරිකේ .එහෙනම් මාසෙට 60000ක් ගානේ ගෙවනවා දැන් ...
ඔන්න අවුරුදු 5ක් වාහනේ පාවිච්චි කරා .. අවුරුදු 5 අවසානෙදි වාහනේ අයිතිය තමන්ට ලැබුන ...
පොඩ්ඩක් ඉන්න , එතකොට මෙච්චර කල් පාවිච්චි කරේ අපේ වාහනයක්ද ? නෑ නේ . අනුන්ගේ වාහනයක්නේ. එතකොට අපි නිකන් ද එක පාවිච්චි කරේ ? නෑ ලීසින් වාරික ගෙව්වනේ ....හරි ලීසින් නැතුව අනුන්ගේ වාහනයක් rent එකට ගත්තනම් , ඒ ගෙවන වාරිකේ ලිසින් වරිකෙට වඩා වැඩි වින්නත් පුළුවන් ,සමාන වෙන්නත් පුළුවන් නේද .
එතකොට අන්තිමට බලනකොට අපි අවුරුදු 5ක් rent එකට අනුන්ගේ වාහනයක් පාවිච්චි කරලා මෙන්න වාහනේ අන්තිමට නිකන්ම අපිට දීල .
දැන් ආපහු උඩට යමු. මම කලිනුත් කිව්වා වාහන ගණන් වැඩි වෙනවා කියල .එහෙනම් මේ දෙන්නම ගන්නේ එකම වාහන model එක කියල හිතුවොත් දෙවැනි කෙනාට පුළුවන් නේ පලවෙනි කෙනාට ලක්ෂ 20ත පරණ වාහනේ විකුණලා තව ලීසින් එකක් දාල අලුත්ම වාහනයක් ගන්න
ඔන්න ඕකයි කතාව .
පළවෙනිය අර අවුරුදු 5ම ගියේ බස් එකේ ...එත් දෙවනිය අලුත්ම කාර් එකක .තමන්ගේනම් නෙවෙයි එත් පාවිච්චි කරා
අවුරුදු 5 ඉවර උනාම දෙවනිය අලුත් වාහනයක් ගත්ත. එත් පළවෙනියට ලැබුනේ පරණ එකක්
දෙවනියගේ වියදම වැඩියි තමයි ,එත් එක අනුන්ගේ වාහනයක් පදිනවට ගෙවපු rent එකක් නේ .
rent ගෙව්වට මොකද නිකන්ම වගේ අනුන්ගේ වාහනෙකුත් ලැබුනානේ අන්තිමට
ලිසින් වල වියදම දෙගුණයක් වැඩි උනත් අමතක කරන්න එපා කාලයත් එක්ක මුදලේ වටිනාකම ඊට වඩා අඩු වෙනවා කියල. ලංකාවේ කියන උද්දමන අනුපාත ඔක්කොම බොරු.. ඇත්ත අනුපාත අවුරුද්දකට 30% වත් පනිනවා ඇති
ඉතින් හිතල බලන්න මොකද්ද වාසි කියල . අංක වලට රැවටෙන්නේ එපා , ආර්ථිකමය වටිනාකම බලන්න
අපේ ලංකාවේ ලිසිං කාරයෝ
මේ දේ මම කිව්වේ මාස දෙකකට කලින් මගේ දන්නා කියන යාලුවෙක් LB එකෙන් වාහනයක් අරන් . ඌ පලවෙනි මාසේ වාරිකේ ගෙවලා දෙවැනි මාසේ උට රට යන්න උවමනාවකට වාහනේ විකුනන්න ඕන වෙලා LB එකට ගියාට පස්සේ ඌට කියලා ගත්තේ ලක්ෂ 5 නම් ලක්ෂ 7 ගෙවලා ලෝන් එක close කරන්නලු. ඔන්න බලපන් ලංකාවේ ලිස් දෙන කම්පැනි වල වැඩ. ඌ කියනවා ගිනි පොලියට ගත්තා වගෙලු. මිනිස්සුන්ගෙන් හුරන් කන්නම තමයි බලන්නේ. ඉතින් උබලට මම කියන්නේ ඕන වාහනයක් ගනින් සල්ලි එකතු කරලා නැතිව කොහෙවත් ඉන්න වෙසිගේ පුතාලා පෝසත් කරන්න එපා.