ලේලන්ඩ් මාරයාගෙන් ගැලවෙයි

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ලේලන්ඩ් මාරයාගෙන් ගැලවෙයි

අයියයි මල්ලියි දොස්තරලා මෙලොවට ගනිති

පැය අටක සැත්කමක් (සංවේදී ඡායාරූප සහිතයි)

රිය අනතුරකදී යකඩ කූරු කිහිපයක් බඩේ ඇනී සිටි අයිය මලෝ දෙදෙනකු ගේ ජීවිතය බේරා ගැනීමට දියතලාව සහ හල්දුම්මුල්ල රෝහල්වල වෛද්‍යවරු සමත් වූහ.

සහෝදරයන් දෙදෙනාම බසයේ තිබූ එකම යකඩ කූරුවල ඇමිණී සිටි බව හපුතලේ පොලිසිය කියයි.

කාරයක් හා බසයක් හල්දුම්මුල්ල බත්ගොඩදී අනතුරට ලක්වීමෙන් තුවාල ලැබූ තිදෙනා අතර බණ්ඩාරවෙල හල්පේ ජීවන් රවීන්ද්‍ර (28) සහ නුවන් ලක්මාල් (22) වූහ.

අනතුර සැලවූ වහාම එහි පැමිණි හල්දුම්මුල්ල රෝහලේ දොස්තර එම්.එරන්දි මූලික ප්‍රතිකාර කළාය. උදරයේ ඇමිණී තිබූ යකඩ කූරුද සමග දෙදෙනා දියතලාව රෝහලට ගෙනයද්දී වෛද්‍යවරු ඇතුළු සේවකයෝ සැත්කමට සූදානම්ව සිටියහ.

වෛද්‍ය අධිකාරී ඊ.ඒ.එම්.ආර්.අමරකෝන් විශේෂඥ ශල්‍ය වෛද්‍ය සමන් එදිරිමුණි ඇතුළු වෛද්‍යවරු සැත්කමට සහාය වූහ.

රවීන්ද්‍ර ගේ උදරය පසාරු කරගෙන තිබූ යකඩ කූරු 4ක් ඉවත් කිරීමට පැයක් පමණ ගතවිය. දෙදෙනාගේම බඩවැල්වලට 40%ක් පමණ හානි සිදුවී ඇතැයි දැනගන්නට ඇත. බ්‍රහස්පතින්දා පස්වරු 5.30 සිට පසුදා අලුයම 1 දක්වා සැත්කම් සිදුවිය. මෙම දෙදෙනාගේ ජීවිත බේරාගැනීමට හැකිවූයේ නිර්වින්දන වෛද්‍ය පී.එම්.සී.බණ්ඩාරනායක මහත්මිය,ශල්‍ය වෛද්‍ය දර්ශන අමරකෝන් , හපුතලේ පොලිස් ස්ථානාධිපති ප්‍රසන්න ද සිල්වා, දියතලාව රෝහලේ සියලුම වෛද්‍යවරුන් හෙද හෙදියන්, හල්දුම්මුල්ල රෝහලේ වෛද්‍යවරු, හපුතලේ පොලිසිය හා ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු සහාය නිසා යැයි රෝහල් අධිකාරී අමරකෝන් මහතා පැවසීය.

Lankadeepa

http://www.lankadeepa.lk/index.php/top_story/368395

DSCN0073-1.jpg

operation_20151211-3.jpg

20151210_201906.jpg

20151210_173849.jpg

20151210_184127.jpg

operation_20151211-4.jpg

operation_20151211.jpg
 
  • Like
Reactions: Yahapala_Naya

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අප්පේ බලපංකෝ ජරා බස් නිසා මිනිස්සුන්ට වෙන වැඩ. අමු අමුවේ එල් අයන් තියලා පොඩි පොඩි වෑල්ඩිං ඩොට්, පොප් රිවට් ගහලා අටමගල අමුනනවා. වැදුන ගමන් ඇතුලේ ඉන්න මිනිස්සුන්ගේ ඇගේ කඩු කිනිසි වගේ ඒවා ඇනෙනවා. ජීවිත බේරුනත් ඔය කොල්ලෝ දෙන්නට කොච්චර කට්ටක් කන්න වෙයිද :(
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අප්පේ බලපංකෝ ජරා බස් නිසා මිනිස්සුන්ට වෙන වැඩ. අමු අමුවේ එල් අයන් තියලා පොඩි පොඩි වෑල්ඩිං ඩොට්, පොප් රිවට් ගහලා අටමගල අමුනනවා. වැදුන ගමන් ඇතුලේ ඉන්න මිනිස්සුන්ගේ ඇගේ කඩු කිනිසි වගේ ඒවා ඇනෙනවා. ජීවිත බේරුනත් ඔය කොල්ලෝ දෙන්නට කොච්චර කට්ටක් කන්න වෙයිද :(

    සිරාවටම.. ඕවයේ පාරේ දුවන්න පුලුවන් අවම පහසුකම් විතරයි තියෙන්නෙ... ඇතුළෙත් ඔක්කොම තහඩුයි යකඩයි විතරයි... ඇක්සිඩන්ට් එකක් උනාම ඉතින් කෝච්චියට අහු උනා වගේ තමයි.. :sorry:
    ඩ්‍රයිවර් ඉන්න තැන උනත් මූන කෙලින්ම ඇණ එහෙම හයි කරල තියෙනව සමහර ඒවයේ.. ඉස්සරහෙන් හැප්පුනොත් එහෙම ඇණ ඇනිල නහිනවා...
    ලේලන්ඩ් විතරක් නෙමෙයි, ටාටා උනත් ඔච්චර තමයි...:baffled:
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    සිරාවටම.. ඕවයේ පාරේ දුවන්න පුලුවන් අවම පහසුකම් විතරයි තියෙන්නෙ... ඇතුළෙත් ඔක්කොම තහඩුයි යකඩයි විතරයි... ඇක්සිඩන්ට් එකක් උනාම ඉතින් කෝච්චියට අහු උනා වගේ තමයි.. :sorry:
    ලේලන්ඩ් විතරක් නෙමෙයි, ටාටා උනත් ඔච්චර තමයි...:baffled:

    ඉන්දියන් ජරාවල් ඔක්කොම එකයි මල්ලි. මුන් මිනිස්සුන්ගේ සේෆ්ටියක් ගැන හිතන්නෙ නෑ. මුන්ට ඕනේ බල්ලෝ කුකුලෝ වගේ හරි කමක් නෑ මොකක හරි පටවලා මිනිස්සු ප්‍රවාහනය කරන්න විතරයි. බලන්න ඔය තරුණ කොල්ලෝ දෙන්නා දැන් කොච්චර දුක්විදින්න ඕනිද ඕක හොද කරගන්න. හොද වෛද්‍යවරු, සහයකයෝ හිටපු හින්දා ඔහොම හරි බේරුනා.
    ලෝකේ ගොඩක් රටවලට වාහන ගෙන්නන දෙන්නේ ප්‍රමිතිය බලලා වුනාට ලංකාව ඕනි කුණු ගොඩක් ගේන්න ඉඩ දෙන එකේ විපාක තමයි ඔය.
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    අප්පේ බලපංකෝ ජරා බස් නිසා මිනිස්සුන්ට වෙන වැඩ. අමු අමුවේ එල් අයන් තියලා පොඩි පොඩි වෑල්ඩිං ඩොට්, පොප් රිවට් ගහලා අටමගල අමුනනවා. වැදුන ගමන් ඇතුලේ ඉන්න මිනිස්සුන්ගේ ඇගේ කඩු කිනිසි වගේ ඒවා ඇනෙනවා. ජීවිත බේරුනත් ඔය කොල්ලෝ දෙන්නට කොච්චර කට්ටක් කන්න වෙයිද :(

    බස්වල ප්‍රමිතියක් නැතිඑකත් සහතික ඇත්ත ...ඊටත් වඩා මේ ප්‍රයිවට් බස් එළවන්නේ අමු සක්කිලි නුගත් හැත්තක්:oo:. මේවා අඩුකරන්න පුළුවන් එකම ක්‍රමය මාර්ග නීති කඩකිරීමට අධික දඩයක් නියමකිරීමෙන් පමණයි !!! ඉරි කැපීමකට රු. 20000/= වැනි :baffled::baffled:. ලංකාවේ ඉන්න නුගත් හැත්තට තේරෙන්නේ එකම ක්‍රමය ආර්ථිකමය අලාබයක් කිරීම පමණයි !! :yes::yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    ඉන්දියන් ජරාවල් ඔක්කොම එකයි මල්ලි. මුන් මිනිස්සුන්ගේ සේෆ්ටියක් ගැන හිතන්නෙ නෑ. මුන්ට ඕනේ බල්ලෝ කුකුලෝ වගේ හරි කමක් නෑ මොකක හරි පටවලා මිනිස්සු ප්‍රවාහනය කරන්න විතරයි. බලන්න ඔය තරුණ කොල්ලෝ දෙන්නා දැන් කොච්චර දුක්විදින්න ඕනිද ඕක හොද කරගන්න. හොද වෛද්‍යවරු, සහයකයෝ හිටපු හින්දා ඔහොම හරි බේරුනා.
    ලෝකේ ගොඩක් රටවලට වාහන ගෙන්නන දෙන්නේ ප්‍රමිතිය බලලා වුනාට ලංකාව ඕනි කුණු ගොඩක් ගේන්න ඉඩ දෙන එකේ විපාක තමයි ඔය.

    :yes::yes::yes:
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43

    බස්වල ප්‍රමිතියක් නැතිඑකත් සහතික ඇත්ත ...ඊටත් වඩා මේ ප්‍රයිවට් බස් එළවන්නේ අමු සක්කිලි නුගත් හැත්තක්:oo:. මේවා අඩුකරන්න පුළුවන් එකම ක්‍රමය මාර්ග නීති කඩකිරීමට අධික දඩයක් නියමකිරීමෙන් පමණයි !!! ඉරි කැපීමකට රු. 20000/= වැනි :baffled::baffled:. ලංකාවේ ඉන්න නුගත් හැත්තට තේරෙන්නේ එකම ක්‍රමය ආර්ථිකමය අලාබයක් කිරීම පමණයි !! :yes::yes:

    Ekanam sirama katawa ban .....
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28

    බස්වල ප්‍රමිතියක් නැතිඑකත් සහතික ඇත්ත ...ඊටත් වඩා මේ ප්‍රයිවට් බස් එළවන්නේ අමු සක්කිලි නුගත් හැත්තක්:oo:. මේවා අඩුකරන්න පුළුවන් එකම ක්‍රමය මාර්ග නීති කඩකිරීමට අධික දඩයක් නියමකිරීමෙන් පමණයි !!! ඉරි කැපීමකට රු. 20000/= වැනි :baffled::baffled:. ලංකාවේ ඉන්න නුගත් හැත්තට තේරෙන්නේ එකම ක්‍රමය ආර්ථිකමය අලාබයක් කිරීම පමණයි !! :yes::yes:

    :yes::yes::yes:
     
    Waruna.eranga

    Active member
  • Jan 11, 2010
    607
    73
    28
    ඔබ සියලු දෙනාටම මාගේ උත්තමාචාරය. ඔබ සියලුදෙනා ඇති වි‍ශිෂ්ඨයි
     
    Waruna.eranga

    Active member
  • Jan 11, 2010
    607
    73
    28

    බස්වල ප්‍රමිතියක් නැතිඑකත් සහතික ඇත්ත ...ඊටත් වඩා මේ ප්‍රයිවට් බස් එළවන්නේ අමු සක්කිලි නුගත් හැත්තක්:oo:. මේවා අඩුකරන්න පුළුවන් එකම ක්‍රමය මාර්ග නීති කඩකිරීමට අධික දඩයක් නියමකිරීමෙන් පමණයි !!! ඉරි කැපීමකට රු. 20000/= වැනි :baffled::baffled:. ලංකාවේ ඉන්න නුගත් හැත්තට තේරෙන්නේ එකම ක්‍රමය ආර්ථිකමය අලාබයක් කිරීම පමණයි !! :yes::yes:

    Aniwa Machan oya wage gaanak danawanam hodai
     
    ramitha1987

    Active member
  • Jun 11, 2007
    464
    77
    28
    lankawe hama wahanayakatama annual road worthiness test ekak aniwaraya karanna ona...

    bara wahana walata abs aniwarya karanna ona(india we ehema karanna yanne)

    mekata mulikathawaya ganna ona anduwen ctb ekata bus gaddi bus ganna ona quality ekakata hadapu (ex: japanese)