ලොකු ටෝක් 1| නැව් ටෝක්

  • Jul 6, 2012
    9,906
    2,024
    113
    ලොකු ටෝක් 1| නැව් ටෝක්

    කාලෙකට ත්‍රෙඩ් දාන්නෙ නෑ කියලා හිතා ගත්ත ත් මේක කරන්න බැරි වැඩක් කියල මට තේරුම් ගියේ ඊයෙ.ඒ ඊයෙ වෙච්ච පොඩි සිදුවීමක් එක්ක.ඒ ගැන පස්සෙ කියන්නම්.;)

    මේ වගේ මාතෘකාවකට යන්න අදහස ආවෙ ඊයෙ එළකිරි රේඩියෝ අහන ගමන් නිකමට TV එක බලද්දි.:cool:
    එහෙනම් අද අපි පොඩි පරිමාණෙන් එහාට යන්න තමයි හදන්නෙ.කොටින්ම කිව්වොත් මේ පාර අත ගහන්නෙ ලොකුම ලොකු වැඩකට.ත්‍රෙඩ් සීරීස් එකක් විදියට එක එක ගැන දාන තමයි හිතුවෙ.එහෙනම් එළකිරි ම තමයි කියලා හැරෙමු දැන් අපේ මාතෘකාව පැත්තට:D

    හබලක් නැති අපිට නැව් ටෝක් මොකට ද කියල දැන් අපේ එවුන් ටික අහන්න ගනියි.
    නැව්ත් දැකලා ඇති ඒත් මේ වගෙ නැව්?:shocked:

    allure.jpg
    Allure%20of%20the%20Seas.jpg

    මේ තියෙන්නෙ Royal Caribbean International කියන නැව් සමාගමට අයිති Allure of Seas කියන නැව.දැනට ලෝකෙ තියෙන විශාලතම මගී නෞකාව විදියට සළකන්නෙ මේක.විශාලත්වය කොච්චර ද කියල හිතාගන්න පුලුවන් ද?
    ;)

    allure_of_the_seas.jpg

    මේ ඒ නැවේ ප්‍රමාණය සාපේක්ෂ කරල පෙන්නන්න හදපු එකක්.කොහොමද සයිස් එක?:shocked::eek:

    මේ මගී නෞකාව බහමාස් වල නසාවු වරාය යතෙ තමයි ලියාපදිංචි කරල තියෙන්නෙ.නිෂ්පාදනය කරල තියෙන්නෙ ෆින්ලන්තෙ STX Europe සමාගමෙන්.:nerd:

    අයිතිකාරයො ටික මේක හදන්න කියල පොඩි ගානක් වියදම් කරල තියෙනව.ඒ කිව්වෙ ඇමරිකන් ඩොලර් බිලියන 1.2ක් විතර.:shocked:වැඩිය නෑ:nerd:;)

    මේකට බින්දු කීයක් අගට තියෙනව ද??මන් දන්නෑ.
    :no::no:

    bingung.gif

    මේ නැවේ පටවන්න පුලුවන් උපරිම බර,නැත්නම් ධාරිතාව නැත්නම් tonnage (Gross tonnage)එක 225,282 GT ඒ කොච්චරක් කියල ද නම් අහන්නෙපා
    :no:
    මේ නැවේ දිග මීටර 361.813 යි.එක කෙළවරකින් අනිත් පැත්තට යන්න බස් එකක් ඕන වෙයි.ත්‍රීවීල් rent ගනන් නෙ මේ දවස් වල
    :sorry:
    මෙයාගෙ අක්කට තමයි Oasis Of the seas කියන්නෙ.මෙයා එන්න කලින් අක්ක තමයි ලෝකෙටම බඩ්ඩ.ඒත් එයාට වඩා මෙයා ජුන්ඩිත්තක් දිගයි.ඒක නිසා දැන් මෙයා තම යි ලෝකෙට බඩ්ඩ.
    මෙයාගෙ අක්ක ඉපදිලා තියෙන්නෙ 2009 මෙයා 2011.ඒත් මෙයා අක්කට වඩා 50 mm දිගයි.:cool::cool:

    ඒ වුනාට මේ අක්කයි නංගියි දෙන්නම එක වගේ මයි.බොහෝමයක් ගතිගුණ වලිනුත් මේ දෙන්න වෙන් කරල අඳුර ගන්න බෑ.මේ දෙන්නම් එකම Project Genesis නම් පොදු සැළස්මක් යටතේ නිර්මාණය කරන ලද නැව් දෙකක්.ඒ නිසාම නිර්මාණකරණ තාක්ෂණයෙන් මේ දෙකම එක හා සමානයි වගේම ඉහල තාක්ෂණයකිනුත් නිපදවල තියෙනවා. :nerd::nerd:

    Oasisoftheseasgallery.grid-6x2.jpg

    මේ ඉන්නෙ මෙයාගෙ අක්කණ්ඩි:eek:

    Z

    දෙන්නම හරි ලස්සනයි නේ??
    9.gif


    මේ දෙන්නම ටොන් ලක්ෂයක් බරයි හොඳේ.දැන් හැදෙන ගෑනු ළමයි ඔහොම්ම මයි:shocked::shocked:
    හැන්කොක් ආවත් උස්සනව නම් බොරු:no:

    ඒක නිසා ගෙ තියෙන ඔක්කොම සැප පහසුකම් ගෙත් තියෙනවා ඒ වගේම.මේ නැව් තුළ ක්‍රීඩා පිටි ,නාන තටාක,ව්‍යායාම මධ්‍යස්ථාන,භෝජන ශාලා ,වෙළඳ මධ්‍යස්ථාන,ආදී පහසුකම් බොහෝමයක් තියෙනව මේකෙ.කෙටියෙන්ම කියනව නම් සුපිරිම ගනයේ නිවාඩු නිකේතනයක්.:D


    images

    images
    images
    images
    images
    images
    images
    images
    images

    තව බොහෝමයක් පහසුකම් තියෙනවා:yes:

    මේ නැව තට්ටු මගී තට්ටු දහසයකින් සමන්විතයි.ඒ වගේම යාත්‍රා කරන්නන්ගේ සේවය උදෙසා 2384 දෙනෙක් සැදී පැහැදී ඉන්නවා.:cool:

    මේ ගැන Specifications ටිකකුත් තිබුනා
    මෙව්ව ටික නම් අමු අමුවෙ ඉස්සුවෙ wikiයෙන්:sorry:

    Class & type|Oasis-class cruise ship
    Tonnage|225,282 GT|242,999 NT|19,750 DWT
    Displacement|approximately 100,000 tons
    Length|362 m (1,187 ft)
    Beam|47 m (154 ft) waterline|60.5 m (198 ft) max moulded|
    65 m (213 ft) max beam
    Height|72 m (236 ft) above water line
    Draught|9.3 m (31 ft)
    Depth|22.5 m (74 ft)
    Decks|16 passenger decks
    Installed power|3 × 13,860 kW/18,590 hp Wärtsilä 12V 46D3 × 18,480 kW/24,780 hp Wärtsilä 16V 46D
    Propulsion| 3 × 20 MW/27,000 hp ABB Azipod
    4 × 5.5 MW/7,400 hp Wärtsilä CT3500 bow thrusters

    Speed|22.6 knots (41.9 km/h; 26.0 mph)
    Capacity|5,400 passengers at double occupancy
    6,296 maximum
    Crew|2,384 as of July 2012


    මේ නැව ෆින්ලන්තයෙ හදලා මුහුදට දාපු අවස්ථාව


    මේ නැව ගැන හදපු වීඩියෝවක්


    ඒ වගේමයි ඉස්සරහට මේ සමාගමෙන්ම මේ වාර්ථාව කඩන්නයි යන්නෙ.
    ඒ කියන්නෙ 2016 දි අලුත් නැවක් එළියට දානවලු.
    කවද කාපු කොස් ඇට ද නේ බං?

    capede.gif

    හරි හරි එහෙනම් වැඩේ අහවරයි
    ලොකු ටෝක් ඊළඟ කොටස් වලින් ඉස්සරහට මුන ගැහෙමු

     
    Last edited:
  • Jul 6, 2012
    9,906
    2,024
    113
    හෆ්ෆේ තව පොඩ්ඩෙන් අමතක වෙනව
    මේක දාන්න උනෙත් මේ නිසා

    හිකි හිකි මමත් ඔන්න දැන් කොටු පැනලා ඉවරයි.
    ඊයෙ තමයි කොටු 1500 සම්පූර්ණ කරල තිබුනෙ.
    දැන් මම Glorious Beacon of Light වෙලා :shocked:
    ඒ වුනාට වැඩේ මාටු උනේ හවස් වෙලා.ඔන්න ඩී ඇන් ඒ ටැස් කරේ නෑ ඕං:sorry:

    විශේෂයෙන් ස්තූති කරන්න ඕන මෙතනදි Rcccc ,Kandyan වගේම Kmc madhushan සහෝදරයට.මටත් වඩා Reps 1500 ක් ගහන්න ඌමනාව තිබුනෙ අපෙ Rcccc අයියට.:lol:
    hammer.gif

    ඒ වගේම හැම දාම රෑට එළකිරියෙ පිස්සු කෙලින රේඩියෝ ත්‍රෙඩ් එකේ යාලුවො සෙට් එකත් මෙතුවක් කාලෙකට එළකිරියෙදි රෙප් දීපු රෙප් කපපු වගේම කොමෙන්ට් කරපු ඔක්කොම යාලුවොන්ට බොහොම ස්තූතියි.;)
    හැම කෙනාගෙම නම කියන්න ගිහින් එකෙක්ගෙ නම හැලුනොත් ඒක හෙන අප්සට් කේස් එකක් වෙන නිසා තමයි එහෙම කිව්වෙ.:sorry:

    ඒ වගේම රත්තරං අයියවත් අමතක කරන්න බෑ.මොකද බයික් පිස්සුව අම්බානකට තියෙන දවස් වල රත්තරං අයියගෙ ත්‍රෙඩ් වගේම Kandyan අයියගෙ පෝස්ට් අනිත් යාලුවො දාපු ත්‍රෙඩ් පෝස්ට් බලල තමයි මේකට රිංගුවෙ.එහෙව් එකේ මම අද තත්ත්වෙට ආපු එක ගැන සන්තෝසයි බං අම්බානකට.;)

    මම අන්තිමට ත්‍රෙඩ් එකක් දැම්මෙ දෙසැම්බර් මැද හරියෙදි.එතකොට කොටු 10 ක් පැන්න විතරයි.ඒත වැඩ කටයුතුත් එක්ක ඉස්සරහට ත්‍රෙඩ් දාන එක අමාරු නිසා වැඩේ නැවැත්තුවා හොනට් 600 ත්‍රෙඩ් එකෙන්ම.ඒත් මාසයක් යන්නත් කලින් තව රෙප් පොයින්ට් 200 ක් එකතු වෙලා තියෙනවා.ඒ ගැන සතුටුයි

    alay.gif

    හැබැයි තව දෙයක් තියෙනවා මචන්zzලා.මේ කොටු පැනිල්ල ගැන.අපි ත්‍රෙඩ් එකකට රෙපුවක් දෙන්නෙ යම් අගය කිරීමකට.කොටු 11 කියන්නෙ ඔළුවට ඔටුන්නක් නෙමෙයි.මොකද මම එළකිරියෙ දැකලා තියෙන බොක්කෙ ෆිට් වලින් ආශ්‍රය කරන බුවාලා ඉන්නවා පරණ සාමාජිකයො උනාට කොටු 11ක් ගහල නැති.ඒත් ඒ මිනිස්සු එළකිරියෙ හුඟක් අයට උදව් කරල තියෙනවා.Reps වලින් කොටු 11ක් ගැහුවෙ නැති උනාට හිතට එකඟව කියනව නම් අන්න බුවාලා කියන්න පුලුවන් අය.

    rate.gif

    බොරුනම් බලපං සමහර විට තව ටිකකින් කොමෙන්ටුවකුත් වැටෙයි බුවාල ගෙන්

    එහෙනම් අපි කැපි!
    54.gif


    යන්න කලින් කියන්න ඕනෙ
    'හබලක් නැති අපිට නැව් ටෝක් කුමට ද?
    '
    ;)

     
    Last edited:

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,703
    819
    113
    Kurunegala-West
    අප්පට එලකිරි කොල්ල , අම්මෝ නැවේ සයිස් එක​, ඇඩෙනව බන්, එල එල​, ඔන්න අපෙනුත් රෙප් මචන් :yes::yes::yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,395
    7,028
    113
    32
    කෙල්ල ළඟ
    මැක්සා මචං.. සිරා පෝට් එක..
    උඹට කලින් රෙප් දීලා..

    එළකිරියෙ මෙතෙක් ආ ගමනට
    78.gif

    තව දිගු ගමනක් යන්නට හැකි වේවායි කියා ප්‍රාර්ථනා කරනවා බොක්කෙන්ම

    ජයවේවා කොල්ලා!