ලොකේ අමුතු තැන්

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    ලොකේ අමුතු තැන්

    1. චිම්බරාසෝ, එක්වඩෝර් – පෘථිවි කේන්ද්‍රයේ සිට දුරම ස්ථානය.
    chimborazin-ecuador-4_980x551.jpg


    පෘථිවි කේන්ද්‍රයේ සිට සැතපුම් 3,967 පිහිටි මේ ප්‍රදේශය එවරස්ට් කන්දේ මුදුනට ඇති දුරටත් වඩා වැඩී.

    2. ඩලොල්, ඉතියෝපියාව – මිනිසුන් ජීවත්වෙන උණුසුම්ම තැන.
    dallol-ethiopia_980x551.jpg



    මුහුදු මට්ටමින් අඩි 380ක් පහළට තියන මේ අවපාතයේ වායුගෝල උෂ්නත්වය අංශක 94ක් දක්වා ඉහළ යනවා.

    3. මළ මුහුද, ජොර්ඩනය/ඊශ්‍රායලය – පෘථිවියේ පහළම තැන.

    dead-sea_980x551.jpg


    මුහුදු මට්ටමින් අඩි 1,391 පහළින් තියෙන මළ මුහුදේ වෙරළ ලෝකේ පහළම තැනයි. මළ මුහුදේ ජලය ලෝකේ ලුණු සාන්ද්‍රනය වැඩිම ජල එකතුවත් වෙනවා. ඒ නිසා ඒ මුහුදේ නිකම්ම පාවෙන්න පුලුවන්.

    4.ටැන්ගියුලා, චීනය – ලෝකේ උසම දුමි‍රිය ස්ථානය.

    tanggula_980x551.jpg


    ක්වින්සැන්ග් දුමි‍රිය මාර්ගය හරහා තියෙන මේ දුමි‍රිය ස්ථානය මුහුදු මට්ටමට සැතපුම් 3ක් ඉහළින් පිහිටලා තියෙන්නේ.

    5. ඒන්ජල් දියඇල්ල, වෙනුසිවේලා - ලෝකේ උසම දියඇල්ල.

    angel-falls_980x551.jpg


    ඔයන්ටේපී කන්දේ මුදුනේ සිට සැතපුම් බාගයකට වඩා කඩා හැලෙන ඒන්ජල් දියඇල්ල කිසිම බාධාවකින් තොරව ගලාබසින උසම දියඇල්ලයි.

    6. අරිකා, චිලී – ලෝකේ මිනිසුන් ජීවත්වෙන වියළිම ප්‍රදේශය.

    arica-chile_980x551.jpg


    වාර්ශික වර්ශාපතනය අඟල් 0.03ක් වෙන මේ ප්‍රදේශයේ කාන්තාරකයට සමාන පරිසරයක් දකින්න පුලුවන්.

    7. ලට් කාන්තාරය, ඉරානය – ලෝකේ උණුසුම්ම තැන.

    lut-desert-iran_980x551.jpg


    චන්ද්‍රිකා වලින් ලබාගත් තොරතුරු අනුව අංශක 159ක උපරිම උෂනත්වයක් මේ කාන්තාරයේ වාර්තා වෙලා තියනවා.

    8. චෙරපන්ජි, ඉන්දියාව – ලෝකේ තෙතම තැන.

    cherrapunji_980x551.jpg


    නැගෙනහිර හිමාලයේ බෑවුමක පිහිටලා තියන මේ ගමට 1861දී අඟල් 905ක වර්ශාපතනයක් වාර්තා වුනා.

    9. කිලවෙයා, හවායි – ලෝකේ සක්‍රීයම ගිණි කන්ද.

    kilauea-hawaii_980x551.jpg


    1983 සිට සක්‍රීය මේ ගිණි කන්දෙන් එන ලාවා කෙලින්ම නිදහස් වෙන්නේ සාගරයට.

    10. ඔයිමියාකෝන්, රුසියාව – ලෝකේ මිනිසුන් ජීවත්වෙන සීතලම තැන.

    oymyakon_980x551.jpg


    අංශක -92ක අඩුම උෂනත්වයක් වාර්තා වුන මේ ප්‍රදේශයේ පොළව සම්පූර්ණයෙන්ම අයිස් බවට පත්වෙලයි තීයෙන්නේ.
    පොඩි හරි වැදගත් වෙන කික් එකක් අවනම් ඉතින් + රෙප් වලින් සලකන්න...:shocked::angry: