ලොක සංගීතයේ රජවරු 02 **** [Queen]

hans078

Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    ලොක සංගීතයේ රජවරු 02 **** [Queen]

    Queen කියපු ගමන් අපේ ඔලුගෙඩි වලට එන්නෙ එංගලන්තේ රැජිනවනෙ;):lol:;). මේ නම් ඒ රැජින නෙමේ. ඒ රැජිනගේ රටේ හිටිය සංගීත කණ්ඩායමක් තමයි මේ. Queen සංගීත කණ්ඩායම ආරම්භවෙන්නෙ 1971 Freddie Mercury දී කියන පුද්ගලයාගේ මූලිකත්වයෙන් එංගලන්තයේදී. ඊට Brian May ගිටාරයෙන්ද, John Deacon බේස් ගිටාරයෙන්ද, Roger Taylor ඩ්‍රම්ස් වාදනයෙන්ද සහය දක්වා තිබුනා. මෙයාල ලොකෙ රොක් සංගීතය අලුත් පැත්තකට ගෙන ගිය පිරිසක්. We Are the Champions කියන සිංදුව හැමෝම අහල ඇතිනෙ. මේයාලා තමා ඒක කියන්නෙ.

    68ac7180.jpg

    මේ ඉන්නෙ සෙට් එකම

    freddie_mercury_35.jpg

    Freddie Mercury - ප්‍රධාන ගායක වගේම කණ්ඩායම් නායකයා.

    tumblr_l8na82hMt51qbrrs3.jpg

    Brian May - කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදකයා

    john%20deacon%2018.jpg

    John Deacon - කණ්ඩායමේ බේස් ගිටාර් වාදකයා

    roger-taylor-03.jpg

    Roger Taylo - කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදකයා


    මෙයාල දැන් වයසයි. ඒත් විශේෂත්වය කියන්නෙ මේයාලා තාමත් ඉස්සර වගේම ම්නිස්සු අතරේ ප්‍රසිද්ධයි. තාමත් සංගීත කණ්ඩායම තියනව. හැබැයි දැන් John Deacon සහ Freddie Mercury කණ්ඩායමේ නැහැ.

    Queen බෑන්ඩ් එක Studio Albums 15ක් සහ Singles 62ක් කරල තියනව. ඒ ගැන විස්තර බලන්න මෙතනින් යන්න.

    Queen කියන්නෙ Stage Music කලාව නව මාවතකට යොමු කරපු කට්ටියක්. ඒයාලගෙ ප්‍රසංග වලට මිනිස්සු ලක්ෂ ගණනින් තමයි සහභාගී වුනේ. ලෝකෙ අති සුවිශාල සංගීත ප්‍රසංග පවත්වන තැනක් තමා එංගලන්තයේ වෙම්බලි ක්‍රීඩාගාරය. මෙයාල ඒතන සංගීත සංදර්ශන කීපයක්ම පැවැත්තුව. ඒ වගේ අවස්තාවක් ලැබෙන්නෙ බොහිම කලාතුරකින්. 1986 දී මේයාල වෙම්බලි ක්‍රීඩාංගනයේ පවත්වපු ප්‍රසංගයට සහභාගී වුනු සෙනග ගැන මේ පිංතූර බලල අදහසක් ගන්න පුලුවන් වෙයි.


    0%2520%25281%2529.jpg


    0.jpg


    00146291_medium.jpeg


    music_greatest_uk_performances_queen.jpg


    6119f62689708a9e45fb86f84571_grande.jpg


    Queen වෙනුවෙන් Hollywood Walk of Fame එකේ එක තරුවක් වෙන් කරල තියනව.
    800px-Queen_star_walk_of_fame.jpg


    Queen ගැන කියද්දි Freddie Mercury ගැනත් නොකිය බෑ. මොකද කිව්වොත් මෙයා තමා මේ බැන්ඩ් ඒකේ ආරම්භකයා. අනික තමා Freddie කියන්නෙ ඒදා මෙදාතුර ලෝකෙ සංගීත කණ්ඩායම් අතුරින් බිහිවුන හොදම ගායකයා. Freddieට 1991 දි විතර ඒඩ්ස් (AIDS) රෝගය වැලදෙනව:sorry::sorry:. ගොඩක් අය කියන්නෙ මෙයා සමලිංගිකයෙක් කියල:shocked::shocked:. ඒත් ඒ කතාවෙ ඇත්ත නැත්ත තාම තහවුරු වෙලා නෑ. කොහොම හරි 1991 නොවැම්බරි 24 වෙනිද මෙයා නිව්මෝනියාව හැදිල ලෝකයෙන් සමුගන්නව:(:(. ඒඩ්ස් වැලදිලා තිබුන නිසා නිව්මෝනියාව හොද කරන්න බැරි වෙනව.

    Freddie-Mercury-mm01.jpg

    මේ ඉන්නෙ මෑන්ස්. ඒ කාලෙ හෙන හැන්ඩියලු. කෙල්ලො වහ වැටිලලු. අච්චිලගෙන් හරි අම්මලගෙන් හරි අහල බලන්න. එයාලත් වහ වැටිල හිටියද දන්නෙ නෑ. :lol::lol:

    309px-Freddy_Mercury_Statue_Montreux.jpg

    මේ පිලිමය Freddie වෙනුවෙන් හදල තියෙන්නෙ එයාව මතක් වෙන්නෙ සුවිට්සර්ලන්තයේ.

    FreddieMercuryRange.jpg

    මේ Freddie ගේ ගීත ගායන පරාසය. සංගීතය කරන අය නම් දන්නව. සරලව කිව්වොත් මිනිහට පහලම සෘතියක ඉදල ඉතා ඉහල සෘතියකට ගායානා කරන්න පුලුවන්. ඒක ඒයාගෙ උපතින්ම තිබුන හැකියාවක්.


    මේ තියෙන්නෙ google සමාගම Freddie ගේ 64 වෙනි උපන් දිනය වෙනුවෙන් නිකුත් කරපු Google Doodle එක වෙනුවෙන් හදපු වීඩියෝ එක.

    freddie11_static-hp.jpg

    මේ තියෙන්නෙ Doodle ඒ එක. 2011 Sep. 05 තමයි මේක නිකුත් කලේ. මේ ගැන විතර බලන්න මේතනින් පුලුවන්.


    මෙයාලගෙ සිංදු අතරින් කියන "Bohemian Rhapsody" සිංදුව සහ අපි ගොඩ දෙනක් අහල තියන "We Will Rock You" , "We Are the Champions" කියන සිංදු තාමත් ලෝකෙ Music Charts වල වෙනව. ඒ ඇරුනම මේයාලගෙ ගීත ඔක්කොම වාගෙ තාමත් රොක් සංගීත ලෝලීන් අතරෙ ජනප්‍රියයි. මෙයාලගෙ සිංදු අහන්න මෙතනින් යන්න.

    HardRock_-_queen-band.jpg


    queen14.jpg


    ඔන්න ඕක තමා ලෝකෙ තවත් ප්‍රසිද්ධ සංගීත පිටුවක කතාව. කට්ටියම දෙයක් දැනගත්තනම් සතුටුයි. කමෙන්ට් එකක්වත් දාල යන්න අනිත් අයටත් කියවන්න.


    කලින් ත්‍රෙඩ් එක බලන්න මෙතනින් යන්න.

    ලොක සංගීතයේ රජවරු 01 **** [Guns N’ Rose]

    ජයවේවා. මම කැපුන එහෙනම්. ලොක සංගීතයේ රජවරු 03න් ආයෙ මුන ගැහෙමු.