ලොවම සසල කළ දළදා මාලිගාවට එල්ල කළ කොටි ප්‍&#35

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    ලොවම සසල කළ දළදා මාලිගාවට එල්ල කළ කොටි ප්‍&#35

    dalada-maligawa51.jpg

    DMattack-300x210.jpg

    d-215x300.jpg

    ශ්‍රී ලංකාවාසී බෞද්ධ හදවත් පමණක්‌ නොව දෙස්‌ විදෙස්‌ විවිධ ජාතීන්, ආගම් බේදයකින් තොරව සසල වූ දිනය ඔබට අමතක විය නොහැක. බෞද්ධයාගේ මුදුන්මල්කඩ බඳු බොදු හදවතට ප්‍රහාර එල්ල වූ ඒ දිනය අමතක විය නොහැක. වර්ෂ 1998 ජනවාරි මස 25 වැනිදා එවකට මෙරට අස්‌සක්‌ මුල්ලක්‌ නෑර පැතිර තිබුණු කොටි ත්‍රස්‌ත භීතිය සෙංකඩගල පුරවරයට ද අඩුවක්‌ නොමැතිව පැතිර තිබිණි. එහි හද කකියන පුවත නම් බෞද්ධයාගේ විශේෂිතම පාදනමස්‌කාරයට පාත්‍ර වන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩසිටිනා මහනුවර ශ්‍රී දළදා මාලිගයට ද පෙර කී ජනවාරි 25 වැනි දින කොටි ත්‍රස්‌තවාදීන් සිත්පිත් නැති කුරිරු හදවතින් බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කිරීමය. යුනෙස්‌කෝ සංවිධානය විසින් 1984 වසරේ ශ්‍රී දළදා මාලිගය ලෝක උරුමයක්‌ ලෙස නම් කිරීමත් සමඟ මෙහි අවධානය ලෝක ප්‍රජාවගේ වැදගත් ස්‌ථානයක්‌ විය. කොටි බෝම්බ ප්‍රහාරයෙන් ශ්‍රී දළදා මාලිගයේ ප්‍රධාන දොරටුවට හා ගොඩනැඟිල්ලේ ඇතැම් ස්‌ථානවලට පමණක්‌ හානි සිදුවිය. මෙම ප්‍රහාරය ලෝක බෞද්ධ ජනතාවගේ අනන්‍යතාවයට හා බෞද්ධ උරුමයට කළ විශාල පහර ගැසීමකි. විශාල හානියකි. ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩහිඳිනා ස්‌ථානයට කිසිදු හානියක්‌ කිරීමට තරම් රුදුරු කොටියාට නොහැකි වූයේ දළදා වහන්සේගේ බල මහිමය නිසාම වේ.
    වසර 1000 කට අධික කාලයක සිට ශ්‍රී දළදා වහන්සේ ශ්‍රී ලංකාවේ රජවරුන් හා පසුකාලීනව ජනාධිපතිවරුන් දක්‌වාම රාජ්‍යත්වයේ සංකේතය ලෙස සැලකීම නිසා දළදා වහන්සේට රටේ විශේෂ ස්‌ථානයක්‌ හිමි වූ අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අතීතයේ සිට අද දක්‌වා පවතින ආගමික, සංස්‌කෘතික, සමාජයීය හා දේශපාලනික සබඳතා වර්ධනය වීමට මෙම දළදා වහන්සේ ඉවහල් වී තිබේ. අතීතයේ රජ දවස මෙරට පාලකයන් සිය රාජ මාලිගය අසල දළදා මාලිගය තබා ගැනීමට පියවර ගන්නා ලදී. මහනුවර රාජධානිය පැවැති කාලයේ දළදා වහන්සේ කෙරේ රටවැසියාගේ බැඳීම වර්ධනය වීම නිසාම විදේශීය ආක්‍රමණවලදී දළදා වහන්සේට විවිධ බලපෑම් එල්ල වී ඇත.

    උදේනි රජුගේ පුත් දන්ත කුමරුන් දළදා වහන්සේ කෙරේ මහත් ගෞරවයෙන් යුතුව වූ බවත් ගුහසිව රජුගේ දියණිය වූ හේමමාලා කුමරිය දන්ත කුමරුට මුණගැසුණ්‌ මෙම දළදා පූජා අවස්‌ථාවකදී බවත් අතීත පුවත්වල සඳහන් වන අතර දළදා වහන්සේ සම්බන්ධයෙන් යුද්ධයක්‌ ඇතිවීමට ගිය අවස්‌ථාවේ ශ්‍රී දළදාව ලක්‌දිවට ඔවුන් විසින් වැඩම කළ බවත් එහි සඳහන් වේ. දළදා වහන්සේ පිළිබඳ පුවත අතීතයට කියවාගෙන යන විට දීර්ඝ ඉතිහාස කතාවක්‌ කියවන්නට සිදුවුවද මෙම ලිපිය මගින් දළදා වහන්සේට එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්‌ත ප්‍රහාරය යළි යළිත් ලෝකයාට මතක්‌ කර සිටිනු පමණක්‌ සිදුකිරීමට අපේක්‍ෂා කළේ එය යළි යළිත් සිහි කළ යුතු මහා අපරාධයක්‌ නිසාමය.

    අනුරාධපුර, පොලොන්නරු, යාපහුව, දඹදෙණිය, කුරුණෑගල රාජධානිවල සිට මහනුවර රාජධානිය දක්‌වා විශේෂ ස්‌ථානයක්‌ හිමිකරගෙන මෙරට බෞද්ධ අයිතියට සාක්‍ෂිත ලෝකයාට කියාපානා ශ්‍රී දළදා වහන්සේට ඒ සියලු රාජධානිවල සිට අද දක්‌වාම දළදා පෙරහැරින් සරසන්නේ පුද පූජා පවත්වන්නේ එහි බලමහිමය පිළිබඳ විශ්වාසය නිසාය. 1815 සිට අද දක්‌වාම මහනුවර දළදා පෙරහැර දේශීය මෙන්ම විදේශීය ජනතාවගේ විශේෂ අංගයකි. දළදා පෙරහැරේ බෞද්ධ හා දේශීය නැටුම්, කලා නිර්මාණාංග, මෙරට සංස්‌කෘතික අංග සියල්ල අන්තර්ගතය. එය අපේ බෞද්ධාගමට, හින්දු හා සෙසු ආගමික බලපෑම්වලින් එල්ල වූ විවිධ හානිවලින් බෞද්ධාගම ආරක්‍ෂා කිරීමට දළදා පෙරහැරට බෞද්ධයාට සුවිසල් මෙහෙයක්‌ වසරක්‌ පාසා ඉටුකර තිබේ. 1814 සිට වර්තමානය දක්‌වා ශ්‍රී දළදා මාලිගාවේ නිලමේවරුන් 19 ක්‌ සිට ඇත. දන්ත ධාතූන් වහන්සේගේ ආරක්‍ෂාව උදෙසා දියවඩන නිලමේවරුන්ගේ කාර්යය ද අමිලය. මීට අමතරව ශ්‍රී දළදා මාලිගාවේ ආරක්‍ෂාව උදෙසා තවත් බොහෝ පිරිසක්‌ සේවය කරති. 1998 ජනවාරි 25 වැනිදා කොටි ප්‍රහාරය එල්ල වන විට ශ්‍රී ලංකා පොලිසියේ ආරක්‍ෂාව ද දළදා මාලිගාවට ලැබී තිබිණි. එහි ප්‍රතිඵලයක්‌ ලෙස ඡේ. එම්. බණ්‌ඩාර (9671) නමැති පොලිස්‌ නිලධාරි මහතා වහා ක්‍රියාත්මක වී දළදා මාලිගයට ඇතුළු වන ප්‍රධාන දොරටුව වසා දැමීම නිසා සිදුවන්නට ගිය හානිය අවම විය. එහෙත් ප්‍රධාන දොරටුව දක්‌වා කොටි ත්‍රස්‌තයන් පැමිණියේ එවකට පැවති ආරක්‍ෂාවේ සවිබලය දුර්වල වීම නිසාය. බෝම්බ ප්‍රහාරයෙන් සඳකඩපහන, මුරගල් හා දළදා වහන්සේ වැඩහිඳි මාලිගයේ බිත්තිවල ඇතැම් කොටස්‌ ප්‍රධාන දොරටුව ඉදිරිපිට තාප්ප බැමි විනාශ විය. මෙහිදී සිදු වූ හානිය එපමණකැයි කියා අපට සිත හදාගත නොහැකිය. මෙරට බෞද්ධ සිත් කොතරම් තැවුණාද? දෙස්‌ විදෙස්‌ ජනතාවගේ ලෝක උරුමයට වූ මෙම හානියෙන් විදෙස්‌ ජනතාව කොපමණක්‌ නම් තැවුණාද? බෞද්ධ උරුමයට එල්ල වූ කුරිරු ප්‍රහාරය එදා හෙළාදැක්‌කා සේම අදටත් අප කවුරුත් හෙළා දකී. අද අපට ශ්‍රී දළදා මාලිගයට ගොස්‌ දළදා වහන්සේට නමස්‌කාර කොට නැවත නිවෙස්‌ කරා ඒමට හැකි වන අයුරින් රට ආරක්‍ෂිතය. එහෙත් යළි යළිත් ජනවාරි 25 දා සිදු වූ එම ම්ලේච්ඡ ප්‍රහාරය තුළින් බිඳුණු බොදු සිත යළි එකලස්‌ කළ හැකිද? අපට සෑම වසරකම ජනවාරි 25 දා මතකය යළි එනු ඇත. මෙම ප්‍රහාරයෙන් වසර 14 ක්‌ ගෙවුණු මේ මොහොතේ අපට එම සිදුවීම මනසට නැඟුණේ ද ඒ නිසාමය.
     
    • Like
    Reactions: asanka10

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බෞද්ධයන්ට කරපු දේවල් වලට තමයි,කොටින්ට පල දුන්නෙ.
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    ආසියාෙ ව් ආස්චර්යයආසියාෙ ව් ආස්චර්යය

    ආසියාෙ ව් ආස්චර්යය

    405584_3997856943938_1206439350_102440976_1985945284_n.jpg
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මම දන්නා දෙයක් තියනවා share කරගන්න..
    මාලිගාවේ ඔය බෝම්බෙන් පස්සේ මට ගොඩක් ලග මිතුරෙක්ගේ මාර්ගයෙන් මාලිගාව ඇතුලට යන්න එකේ ගොඩක් දේවල් නිරීක්ෂණය කරන්න අවස්ථාවක් ලැබුනා. මම යාළුවන්ට කියන්නේ අපි නොදැකපු පැත්තක්. තාමත් දළදා වහන්සේ තැන්පත් කරලා තියෙන්නේ පැරණි රජකල හැදුව ඒ මාලිගාව තුල. අපි අදටත් දකින්නේ මැද තියන ඒ මාලිගාව. ඔයාල දැකල තියනවනේ මාලිගාවට ගියාම එකේ තියන පහත මාලය එහෙම. ඔය පරණ මාලිගාව තියෙන්නේ වෙනමම.අනෙක් දේවල් වලින් support එකක් නැතිව. කොටින්ගේ බෝම්බයෙන් ඔය මාලිගාවේ බිත්තියකට තියා උළු කැටයකටවත් හානි වෙලා තිබුනේ නෑ.ඒත් පුදුමේ කියන්නේ ඊට එහා උසාවි සංකීර්ණයට පවා හානි වෙලා තිබ්බ. එක හරි පුදුමයි. මාලිගාව වටේම තිබුන දේවල් වලට හානි වෙලා තිබ්බත් හරියට ඉරක් අදාල වගේ මැද මාලිගාවේ කිසිම සීරීමක් වෙලා තිබුනේ නෑ.

    ඔයාල දන්නවා ඇති අලුතෙන් හදපු අර පහල මාලේ තියන ලස්සන චිත්‍ර සහ සියම් හැඩතල තියන බුදු පිළිම තියල තියන දළදා මාලිගාවේ පහල බුදු මැදුර. ඒක හදල තියෙන්නේ පස්සේ කාලෙක දළදා වහන්සේ එතනට වැඩම කරන්න. ඒක කරන්න තිබ්බ දවසට කලින් දවසේ රෑ හොදටම වැහැල ඒ පහල මැදුර වතුරෙන් පිරිලා. ඉතින් දියවඩන නිලමේ මල්වතු හාමුදුරුවරු ඇතුළු කට්ටිය තීරණය කලා ඒක නොකර ඉන්න. මේවා වල ඇත්ත නැත්ත මාලිගාවේ වැඩ කරන දන්නම කෙනෙක් ඉන්නවනම් කියාවි. මම සමහරක් දේවල් ඇසින් දැක්ක දේවල්. මේකෙන් තේරෙන්නේ මේ දේවල් ආරක්ෂා කරන්න අපිට නොපෙනෙන බලවේග තියනවා කියන ඒක නේද..

    තෙරුවන් සරණයි
     
    • Like
    Reactions: MEN94

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^

    :):):)
     
    MEN94

    Member
    Sep 15, 2011
    520
    64
    0

    thanks for share with us machoo
    තෙරුවන් සරණයි :):)