ලොව දුප්පත්ම ජනපති ජොසේ මුජිකා..!

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,649
    6,968
    113
    United States
    ලොව දුප්පත්ම ජනපති ජොසේ මුජිකා..!

    269851374_707292633577147_4686618724033702505_n.jpg
    268317903_707292666910477_5297570600089262327_n.jpg


    ඕනෑම රටක දේශපාලකයන්ව දෝෂාරෝපණය කිරීම හරිම සාමාන්‍ය දෙයක්. ලංකාවෙ වගේම වෙනත් රටවලත් ඒ මැසිවිලි නැඟීම් කිසිම අඩුවක් නැතිව කෙරෙනවා. ජනාධිපති වරුන් සම්බන්ධයෙන් නම් එම දෝෂාරෝපණ තවත් වැඩිපුර දැකගන්න ඇසෙන්න ලැබෙනවා. ඒත් උරුගුවේ ජනාධිපතිටනම් ඒ කිසිම දෙයක් අදාළ වෙන්නෙ නැති හැඩයි.
    "ජොසේ මුජිකා" අද දවසේ මගේ වීරයාය. බල ලෝභයෙන් ධන ලෝභයෙන් අන්ධ වූ රාජ්‍ය පාලකයන්ට ආදර්ශ සපයන විදේශික වීරයාය.
    1935. 05. 20 දින උපත ලැබූ ජොසේ ඇල්බර්ටෝ මුජිකා කෝර්ඩනෝ උරුගුවේ හි හතළිස් වන ජනාධිපතිවරයාය. ඔහූ 2009 වර්ෂයේදී වැඩ භාරගන්නාවිට වයස අවුරුදු 75ක් විය. 2015 දී ඔහූ එම තනතුරින් විශ්‍රාම ගිය අතර ලොව දුප්පත්ම ජනපති ලෙස වාර්තාවක් තැබීය.
    ලෝ පුරා සිටින රාජ්‍ය නායකයන් ජීවත්වන විසල් මන්දිර හා සසඳද්දී ඔහූගෙ නවාතැන බොහෝ අයට හාස්‍යය උපදවන්නකි. නමුත් ඔහූට ඒ ගැන ගානක්වත් නැත. ජොසේ ජීවත්වන්නේ මොන්ටෙවීදියෝ අගනුවරින් ඈතට වන්නට පිහිටි ගම්මානයක තිබෙන ඔහූගේ දුප්පත් ගොවිපොලේය. එයද දැන් බොහෝසෙයින් දිරාපත්ව ඇත.
    ඔහූගෙ රාජ්‍ය කාලය තුළ හෝ වෙනත් කිසිම නිලනිවසක් හෝ භාවිතා නොකළ ඔහූ සිය නිවසේ සිටම රාජකාරීන් සදහා පිටත්ව ගියේය. ඔහූගෙ ආරක්ෂාවට කොතෙක් ආරක්ෂක නිලධාරීන් ලබාගත හැකි වුවද ජොසේ ඔහූ වෙනුවෙන් ළඟ තබාගත්තේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පමණි. එසේම ජොසේ හුරතලා වන කකුලක් අහිමි වූ "මැනුවේලා" නම් සුනඛයාද ළඟින්ම තබාගත්තේය.
    නිවසින් පිට ලණු ඇද, රෙදි වේලීම සදහා වැල් ගැට ගසා තිබෙන ඇතර රෙදි සේදීමටත්, වගා කටයුතුවලටත් අනෙක් ගේදොර අවශ්‍යතා සදහාත් වතුර ලබාගන්නේ නිවසින් පිටත තැනූ පැරණි ළිඳකිනි. ජොසේ ඔහූගේ දවසම වැය කරන්නේ මල් වැවීමේ කාර්යය වෙනුවෙනි.
    "මං ජීවිත කාලයේ වැඩිපුරම ජීවත් උනේ මේ විදිහට" ඔහූ එහෙම කියන්නෙ ඔහූගෙ මල් තවානේ මැද්දට වෙන්න තියෙන පරණ බංකුව උඩට වී පා තුනේ මැනුවේලා ද සමඟ නිදහසේ සිටින අතරතුරදීය.

    269967641_707292783577132_2855359353042189131_n.jpg
    268993294_707292736910470_7629054885622262196_n.jpg

    269691099_707292700243807_3067202458192226103_n.jpg


    ජොසේ මුජිකා ලොව දුප්පත්ම ජනාධිපතිවරයා ලෙස දක්වන්නේ ඔහූගේ පැල්පත් නිවස නිසාවත් ජීවන රටාව නිසාවත් නොවේ. ජනාධිපති නිල කාලය පුරාම ඔහූ ලැබූ ඇ.ඩොලර් 12,000 (රුපියල් මිලියන 2කට ආසන්නයි) මාසික වේතනයෙන් 90%ක්ම සමාජ සුබසිද්ධිය උදෙසා පරිත්‍යාග කර තිබීමද ඊට හේතුවකි.
    උරුගුවේ වැසියන්ගේ සාමාන්‍ය දල මාසික ආදායම ඇ.ඩොලර් 1750 කි. නමුත් ආදායම් විෂමතාව අනුව රටේ වැඩිපුරම ජීවත් වන්නේ ඩොලර් 500 කටත් වඩා අඩු ආදායම් ලාභී පවුල්ය. ජොසේගේ වැටුපෙන් 90%ක්ම ආධාර කලේ එවැනි දුප්පත් රටවැසියන් වෙනුවෙනි. තවද කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් නගාසිටුවීමටය.
    කියුබානු විප්ලවයත් සමඟින් පිබිදුණු වාමාංශික කණ්ඩායමක් වන Uruguayan Guerrilla Tupamaros හි 1960-70 දශකවදී ප්‍රබලම සාමාජිකයෙක් වූ ජොසේ හය වතාවක් වෙඩි තබා ඇති අතර වසර 14ක් බන්ධනාගාරයක ගත කර තිබේ. 1985 දී උරුගුවේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් වීමෙන් අනතුරුව ඔහූව නිදහස් කල අතර බන්ධනාගාරය තුළ ඔහූ ගෙවූ ජීවිතය බොහෝ අප්‍රසන්න හා හුදෙකලා එකක් විය. ඔහූ දේශපාලනයට පැමිණුනේ විප්ලවයෙන් ලද වටිනා අත්දැකීම්ද පාදක කරගනිමිනි.
    ජොසේ පවසන පරිදි ලෝකය අවසාන වෙන්නේ කෙදිනද, සමහර දේශපාලකයන් එතෙක් තම නොනිත් ධන තණ්හාවෙන් ඒ පසුපසම හඹායන්නෝ වෙති.

    උපුටාගැනීමකී .
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    apita oona rajek
    ohoma higannek wage idala ape ratata lajja karanawata api kemathi na
    suddo kola athu adiddi dadu monaren ahasen giya abhimaanawath jaathiyak api
     
    • Like
    Reactions: RLT4U

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,297
    26,807
    113
    Kandy
    එකට මයින්ත මාත්තියා ලොකෙ ලොකුම පොසත් මිනිසා
    හොරා හඩවත් සොරා
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මොන හිගන්නෙක්ද බං ඒ මනුස්සයා.. 😂