ලොව බලවතුන් වීමට සැරසෙන රාජ්‍ය 05 ක් එක් තැන&#
ලොව බලවතුන් බවට පත්වන රාජ්‍යයන් පහක සමුළුවක් දකුණු දිග චීනයේ සන්යා නගරයේදී අද පැවැත්වුණා. චීන ජනාධිපති හූ ජින්තාවෝගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමුළුවට චීනයට අමතරව බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව සහ දකුණු අපි‍්‍රකාව එක්ව සිටියා. ලිබියාව ඇතුළු අරාබි රටවලට බටහිර ලෝකයේ අනෙකුත් රටවලින් එල්ල වන බලපෑම් නතර කළ යුතු බවයි මෙම රටවල් පහේ පොදු මතය වී ඇත්තේ. එමෙන්ම භාණ්ඩ මිල උච්ඡුාවචනය වීම ආර්ථික වර්ධනය මන්දගාමී කිරීමට හේතුවක් වී ඇති බවද ඔවුන් පවසනවා.




