ලොව වටා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ &#3482

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ලොව වටා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ &#3482

    මිනිස් සමාජයේ යහපැවැත්ම උදෙසා සමාජය විසින්ම නිර්මාණය කරන ලද සම්මුතීන් තිබෙනවා. අපරාධ අවම නීත්යානුකූල සමාජයක් පවත්වාගැනීමට මිනිසුන් විසින් මෙම සම්මුතීන් විවිධාකාරයෙන් භාවිතා කරනවා. අප විසින් මෙම ලිපියෙන් සාකච්ඡා කරන මරණීය දණ්ඩනය තවත් එවැනි ක්රියාවක්.
    මරණීය දණ්ඩනය කියන්නෙ ඉතාම මතභේදකාරී දඬුවම් ක්රමයක්. ලොව පුරා සැලකිය යුතු සංඛ්යාවක් රටවල මරණ දණ්ඩනය ක්රියාත්මකයි. ලංකාවේ දී නම් යමෙකු විසින් මනුෂ්ය ඝාතනය, මනුෂ්ය ඝාතනයට අනුබල දීම, රජයට විරුද්ධව කුමන්ත්රණය කිරීම, ග්රෑම් 2කට වැඩි හෙරොයින් ප්රමාණයක් ළඟ තබාගැනීම ආදී වැරදි වලට වරදකරු වුවහොත්, ඔහුට මරණීය දණ්ඩනය පැවැත්වීමේ බලය මහාධිකරණය සතු වෙනවා. ඇතැම් රටවල පැහැරගැනීම, ලිංගික අඩත්තේට්ටම් කිරීම, අනාචාරයේ හැසිරීම, සමලිංගික සේවනය, හා දේවාපහාසනය ආදී ක්රියාවන්ට එරෙහිව ද මරණීය දණ්ඩනය පමුණුවනවා.
    මරණීය දණ්ඩනය නියම වූ විට එය ක්රියාත්මක කෙරෙන ප්රධාන ක්රම කීපයක් වර්තමාන භාවිතයේ පවතිනවා. මරණීය දණ්ඩනය ක්රියාත්මක වන රටවල මෙයින් එක් ක්රමයක් හෝ පොදුවේ ක්රම කීපයක් භාවිතා වෙනවා. එම ප්රධාන ක්රම පිළිබඳව සරලව විස්තර කිරීමයි මෙම ලිපියේ අරමුණ. මරණීය දණ්ඩනය පනවන ක්රම පහත පරිදි වනවා.

    1.එල්ලා මැරීම
    xdwia0.jpg


    1902 දී කැනඩාවේ සිදු කෙරුණු එල්ලා මැරීමේ සිදුවීමක්. (Wikipedia)
    මෙහි දී ප්රාණය නිරුද්ධ වන තෙක් වරදකරු ගෙලින් එල්ලා තබනු ලබනවා. වරදකරුවෙකු එල්ලා මරණයට පත්කිරීමට පෙර දිනයේ දී ඔහුගේ බර මැනීම සිදුවෙනවා. ඉන් අනතුරුව ඔහුගේ බරට සමාන වැලි ගෝනි භාවිතයෙන් පෝරකයේ දී පෙරහුරුවක් සිදු කරනු ලබනවා. කඹය දිගින් අඩු වැඩි බව තීරණය කෙරෙන්නේ මෙම පෙරහුරුවේ දී යි.
    කඹය දිගින් ඉතා වැඩි වූ විට එල්ලනු ලබන පුද්ගලයාගේ හිස ගෙලින් ගැලවි යෑමේ අවධානමක් ඇති අතර, කඹය අවැසි තරම් දිගක් නොමැති විට වරදකරු හුස්ම සිරවීමෙන් මියයෑම සිදුවෙනවා. මෙම හුස්ම සිරවී මිය යෑම සිදු වීමට ඇතැම්විට විනාඩි 45ක් තරම් කාලයක් ගත විය හැකි නිසා, වැටුමේ ගැස්මෙන් කඹය මගින් සුෂුම්නාවට හානි වීමෙන් වරදකරුගේ මරණය සිදු වන සේ දිගු කඹයක් යොදාගැනීම සිරිතයි.
    දණ්ඩනය ක්රියාත්මක කිරීමට මොහොතකට පෙර වරදකරුගේ දෑත් හා දෙපා බැඳ, දෑස් වසා, වම් කන පිටුපසට ගැටය එන සේ තොණ්ඩුව ගෙල වටා පළඳවනවා. කෙසේ වෙතත් ගෙල විසන්ධි වී සුෂුම්නාවට හානි වීමෙන් යමෙක් මිය යතැයි බලාපොරොත්තු වන තරම් ඉක්මනින් මෙම පුද්ගලයින් මියයන්නේ කලාතුරකින් බවටයි සැලකෙන්නේ. එම නිසා ලංකාව ද ඇතුළුව ඇතැම් රටවල ක්රියාත්මක වන මෙම දඬුවම් ක්රමය ඉතා අමානුෂික බව ප්රසිද්ධ මතය යි.​

    2. රසායන එන්නත් කිරීම
    මරණ දණ්ඩනය පනවන ක්රම අතුරින් ඉතාම මානුෂික ක්රමය ලෙස සැලකෙන්නේ මෙයයි. මෙම ක්රමයේ දී සිදුවන්නේ නිර්වින්දන ඖෂධයක් වන සෝඩියම් තයෝපෙන්ටල් එන්නත් කර වරදකරු නින්දට වැටීමට සලස්වා, ඉන් අනතුරුව පැන්කියුරෝනියම් බ්රෝමයිඩ් නම් රසායනය එන්නත් කිරීමයි.
    මෙමගින් පේශි පද්ධතිය අප්රාණික කරවීමෙන් ශ්වසනය අඩාල කරවනවා. අවසානයේ දී පොටෑසියම් ක්ලෝරයිඩ් එන්නත් කිරීම මගින් වරදකරුගේ හෘදය අඩාල කරවනවා. මෙම මුළු ක්රියාවලිය අතරතුරම වරදකරු නින්දේ පසුවන බැවින් මෙය වේදනා රහිත ක්රමයක් යැයි සැලකෙනවා.
    4uyn8h.jpg

    මෙහි දී වරදකරු මෙම ඇඳට තබා බැඳ දමනවා. (CNN)
    මෙහිදී එන්නත් ලබාදීමට පෙර වරදකරු විශේෂ ඇඳක තබා පටි මගින් බැඳ දමන අතර, හෘදයේ ක්රියාකාරීත්වය මැනීමට උපකරණ සම මතට ට සම්බන්ධ කරනවා. සාමාන්යයෙන් අතක ශිරාවකට එන්නත ලබාදීම සිදුවන්නේ මින් අනතුරුවයි. කෙසේ නමුත් නුපුහුණු ශිල්පීන් විසින් ශිරාව වෙනුවට ඇතැම් විට මාංශ පේශීන් වලට එන්නත් කිරීම හේතුවෙන් වරදකරුට තදබල වේදනාව ඇතිකරවන අවස්ථා ද බහුලයි.​

    3.විදුලි පුටුව
    මෙය 1888 දී හඳුන්වාදුන් ක්රමයක්. මෙහිදී වරදකරුගේ හිස මුඩු කර, විශේෂ පුටුවක හිඳුවා, පපුව, උකුල් ප්රදේශය, අත්, සහ පාද පුටුවට තබා පටි මගින් තද කරනවා.
    හිස් ආවරණයක හැඩය ගත් ලෝහ ඉලෙක්ට්රෝඩ සේලීන් දියර මගින් තෙත් කළ හිස් කබල සහ නළල මත සවිකිරීම ඉන්පසුව සිදුවනවා. ප්රතිරෝධය මැඩලීමට ජෙලි වර්ගයක් මගින් තෙත් කළ ඉලෙක්ට්රෝඩයක් වරදකරුගේ පාදයකට සවි කිරීම ඉන් අනතුරුව සිදු කෙරෙනවා. වරදකරුගේ දෑස් ආවරණය කිරීමෙන් අනතුරුව වෝල්ට්ස් 500ත් 2000ත් අතර වන විද්යුත් කම්පනයක් තත්පර 30ක පමණ කාලයක් ලබාදෙනවා.
    ඉන්පසු වෛද්යවරයෙකු මගින් වරදකරුගේ හදගැස්ම පරීක්ෂා කර බලන අතර, වරදකරුගේ ප්රාණය නිරුද්ධ වී මැති නම් තවත් විද්යුත් කම්පනයක් ලබා දෙනවා. වරදකරුගේ ප්රාණය නිරුද්ධ වන තෙක් මෙම ක්රියාවලිය මෙලෙස සිදුකෙරෙනු ලබනවා.
    1z17lsj.jpg

    විදුලි පුටුව. (Washington Examiner)
    මෙම ක්රියාවලිය අතරතුර දිය බිබිළි නැගීම, දුමක් පිටවීම, සහ වරදකරු ගින්නට හසුවීම පවා ඇතැම්විට සිදුවනවා. මෙය වේදනාත්මක ක්රමයක් නිසා ඇතැම් රටවල් දැනටම මෙම ක්රමය මගින් මරණ දණ්ඩනය දීම අත්හිටුවා තිබෙනවා.​

    4.වෙඩි තැබීම
    මෙම ක්රමයේ දී සාමාන්යයෙන් වරදකරු ඕවලාකාර කැන්වස් රෙද්දක් ඉදිරියේ තබා ඇති පුටුවක හිඳුවා හිස සහ උකුළ ප්රදේශ හරහා පටි මගින් බැඳ දමන අතර, හිස ආවරණය වන සේ කළු රෙදි කඩක් යොදනවා.
    පපුව මත සුදු රෙදි කඩකින් ඉලක්කය සළකුණු කරන අතර, වෛද්යවරයෙකු විසින් හෘද ස්පන්දනය නිරීක්ෂණය කරනවා. පස් දෙනෙකු හෝ දොළොස් දෙනෙකුගෙන් යුත් භට කණ්ඩායමකට එක් පතොරමක් සහිත තුවක්කු ලබා දෙන අතර (මෙයින් එක් තුවක්කුවක ඇත්තේ හිස් පතොරමකුයි) ඔවුන් එකිනෙකා තවත් කැන්වස් රෙද්දක සිදුරක් හරහා වරදකරුට වෙඩි තැබීම සිදු කරනවා.
    2ym7m1l.jpg

    වෙඩි තබා මරා දැමීමේ දණ්ඩනය මෑත අතීතයේ ක්රියාත්මක කළ ආකාරය. (Wikipedia)
    වරදකරුගේ මරණය සිදුවන්නේ හදවතට හෝ පෙනහැලි වලට සිදුවන හානි හේතුවෙන් හෝ, ප්රධාන ධමනියකට හානි වීමෙන් සිදුවන අධික රුධිරවහනය මගිනු යි.
    5. ගෑස් කුටිය
    මෙහිදී වායුරෝධක කුටියක තබා ඇති පුටුවකට සිරකරු බැඳ දැමෙනවා. පුටුවට පහතින් සල්ෆියුරික් අම්ලය අඩංගු බඳුනක් තබනු ලැබෙනවා. සිරකරුගේ සිරුරට සම්බන්ධ උපකරණයක් මගින් කුටියේ පිට සිට ඔහුගේ හෘද ස්පන්දනය මනිනු ලබනවා. දඬුවම ක්රියාත්මක කරන්නේ පිටත සිට ලීවරයක් මගින් සෝඩියම් සයනයිඩ් ස්ඵටික සල්ෆියුරික් අම්ල අඩංගු බඳුනට දැමීම මගිනුයි.
    එම ද්රව්ය ප්රතික්රියාවෙන් මාරාන්තික හයිඩ්රජන් සයනයිඩ් වායුව පිටවන අතර, මරණය ඉක්මන් කරනු පිණිස ගැඹුරු හුස්මක් ගන්නා ලෙසට වරදකරුට උපදෙස් දෙනු ලබනවා. මෙය වේදනාත්මක ක්රමයක් වන අතර, විෂ වායුව ආඝ්රානය නිසා මොළයට ලැබෙන ඔක්සිජන් මද කමෙන් සිරකරු මියයනවා.
    වරදකරුගේ මරණයෙන් අනතුරුව පංකා මගින් කුටියේ ඉතිරිව ඇති විෂ වායූන් ඉවත් කෙරෙන අතර, ඇමෝනියා සිරුරට ඉස ඉතිරි විෂ උදාසීන කිරීම සිදුවෙනවා.
    21owv9l.jpg

    ගෑස් කුටිය. (Raw Story)
    මීට අමතර සෞදි අරාබිය වැනි ශාරියා බලාත්මක රටවල හිස ගසා දැමීම හා ගල් ගසා මැරීම ද නීත්යානුකූල දඬුවම් ක්රමයන් ලෙස සැලකෙනවා. බොහොමයක් රටවල මරණ දණ්ඩනය ක්රියාත්මක කරන්නේ අප්රසිධියේ වුවත්, ඇතැම් මැදපෙරදිග රටවල මරණ දණ්ඩනය ජන්යා ඉදිරියේ ප්රසිද්ධියේ ක්රියාත්මක කෙරෙනවා.
    මරණ දණ්ඩනය පැනවීම මගින් අපරාධ වැලැක්වීම ශිෂ්ඨ සමාජයකට ගැලපෙන ක්රමයක් දැයි සිතා බැලිය යුතු කාලය පැමිණ ඇතැයි අප විශ්වාස කරනවා. මරණ දණ්ඩනය පැණවීම මගින් අපරාධ රැල්ල පාලනය කළ හැකි නම්, දැනටත් මරණ දණ්ඩනය බලාත්මක රට අපරාධ වලින් තොර සුරපුරයන් බවට පත්ව තිබිය යුතු නමුත් සැබෑ තත්ත්වය නම් එය නොවේ.
    මරණ දණ්ඩනය පැනවීමේ එක් අරමුණක් නම් අපරාධකරු ඉදිරියටත් කළ හැකි වරද වලින් ඔහු වළක්වාලීමයි. ඔහු විසින් නැවත වරදක් කරනු ඇතැයි අනුමාන කර මරණ දණ්ඩනය පැමිණවීම ශිෂ්ඨ සමාජයකට කොතරම් උචිතදැයි නැවත නැවතත් සිතා බැලිය යුත්තක්, ඔබ මේ ගැන සිතන්නේ කුමක්ද?​


    Source : Roarsinhala
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සමහර වෙලාවට සේයාගේ සිද්දිය එහෙම මතක් වෙනකොට මරණ දඬුවම ඕනේ කියලා කිය උනාට මේවා දැක්කාමනම ටිකක් අවුල් වගේ..:sorry: අනේ මන්ද..?:baffled:
    TFS +Rep

     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Faces of Death videos tika mathak una..
    gedarata horen bayen beluwe e dawas wala :(

    meekath balanna

    rep +18
     
    Last edited:

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    කඹය දිගින් ඉතා වැඩි වූ විට එල්ලනු ලබන පුද්ගලයාගේ හිස ගෙලින් ගැලවි යෑමේ අවධානමක් ඇති අතර, කඹය අවැසි තරම් දිගක් නොමැති විට වරදකරු හුස්ම සිරවීමෙන් මියයෑම සිදුවෙනවා. මෙම හුස්ම සිරවී මිය යෑම සිදු වීමට ඇතැම්විට විනාඩි 45ක් තරම් කාලයක් ගත විය හැකි නිසා, වැටුමේ ගැස්මෙන් කඹය මගින් සුෂුම්නාවට හානි වීමෙන් වරදකරුගේ මරණය සිදු වන සේ දිගු කඹයක් යොදාගැනීම සිරිතයි.
    කෙසේ වෙතත් ගෙල විසන්ධි වී සුෂුම්නාවට හානි වීමෙන් යමෙක් මිය යතැයි බලාපොරොත්තු වන තරම් ඉක්මනින් මෙම පුද්ගලයින් මියයන්නේ කලාතුරකින් බවටයි සැලකෙන්නේ. එම නිසා ලංකාව ද ඇතුළුව ඇතැම් රටවල ක්රියාත්මක වන මෙම දඬුවම් ක්රමය ඉතා අමානුෂික බව ප්රසිද්ධ මතය යි.

    කොහොමද බං මෙච්චර වේදනාවක් දරා ගන්නෙ.. :(
    එල්ලල මරන්නෙ තමන්ගෙ සහෝදරයෙක්නං දරුවෙක් නං තාත්ත කෙනෙක්නං බලන් ඉන්න කෙනා හිතින් මේක දරාගන්නෙ කොහොමද.. :sorry:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ලාබම ක්‍රමේ බෙල්ලට තුණ්ඩුව තමයි නේ :baffled::baffled: මොනා උනත් ජිවිත නේ :sorry:

    මොන වැරදි කරල ආවත් අන්තිම මොහොතේ අම්මව තමයි මතක් වෙනවා ඇත්තේ :(

    TFS මෝරා අයියා ;) +21
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අනේ මන්දා බන් මරණ දණ්ඩනේ ඇතුවත් බෑ නැතුවත් බෑ වගේ
    :frown::frown:
    ත්‍රෙඩ් එක පට්ට

    :):)