ලොව විශාලතම බිලි පූජාව

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ලොව විශාලතම බිලි පූජාව

    9kIxdMx.jpg

    ගදිමෙයි උත්සවය යනු වසර 5ක් පාසා පැවැත්වෙන මහා බිලි පූජාවකි.නේපාලයේ බාරා දිස්ත්‍රික්කයේ බරියාර්පුර් හි ගදිමෙයි දෙවොල ආශ්‍රිතව පැත්වෙන මෙය ලොව විශාලතම සත්ව ඝාතනය සිදුවන අවස්ථාවයි.ගදිමෙයි දෙවියන් සතුටු කරනු පිණිස වසර 5කට වරක් මී ගවයන්,ඌරන්,එළුවන්,කුකුළන් සහ පරවියන් ආදි සතුන් ලක්ෂ ගණනක් මරා දමයි.2009 වසරේ පැවැති උත්සවයේදී සතුන් ලක්ෂ පහක් මරා දැමූ බව වාර්තා වේ.සතුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනීසිටින සංවිධානවල දැඩි විවේචනයට බඳුන් වූ මෙම මහා ඝාතන උත්සවය 2015 පටන් නවතා දමන ලද බවට වාර්තා පළවී තිබේ.

    qdcqYpG.gif

    මෙතරම් විශාල සතුන් ප්‍රමාණයක් ඝාතනය කරන්නේ හින්දු ආගමේ දේවතාවියක් වන ගදිමෙයි සතුටු කර අයහපත අවසන් කර සෞභාග්‍යය ළඟාකර ගැනීමට බවයි මේ සඳහා සහභාගී වන හින්දූන් පවසන්නේ.නමුත් ගවයා යනු හින්දූන්ගේ පූජනීය සත්වයෙකි.කරුණු එසේ වුවද 2009 වසරේදී ඔවුන්ගේ දේවතාවිය සතුටු කිරීමට මීගවයන් 20,000ක් පමණ ඝාතනය කර තිබේ.සතුන් බිලිදීම දින දෙකක කාලයක් සිදුකෙරේ.ඒ සඳහා දේවාලය අසල ඝාතකාගාරයක් තිබෙන අතර මිනිසුන් 200 පමණ තියුණු මන්නා පිහි වලින් ගවයන් ඇතුලු සතුන්ගේ හිස ගසා දමයි.

    cOvY6lt.jpg
    ගදිමෙයි දේවතාවියගේ යැයි සැලකෙන ප්‍රතිමාවක්​

    aJ2Ud7K.jpg
    temple of Gadhimai​

    sWHhGdK.jpg
    බිලි පූජාවට එරෙහිව සාමකාමී විරෝධතාවයක්​

    සතුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනීසිටින සංවිධාන මෙම මහා සත්ව සංහාරය අවසන් කිරීමට අවස්ථා ගණනාවකදී විවිධ උත්සාහයන් ගෙන තිබේ.2009 වසරේදී ඔවුන් නේපාල රජයටද මෙම උත්සවයේදී සතුන් ඝාතනය කිරීම නැවැත්වීමට පියවර ගන්නා ලෙස දන්වන ලද මුත් පුරාණ සම්ප්‍රදායයන්ට එරෙහි වීමට තමන්ට හැකියාවක් නැති බව කියමින් රජය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදි.

    O2VQmpH.jpg
    ඝාතනයට යොදාගන්නා ආයුද​

    XRpU6sP.jpg
    ගවයෙක්ගේ අවසන් මොහොත​

    ZUHuNML.jpg
    ඝාතකයෙක් විසින් ගවයෙක්ගේ හිස කඳින් වෙන් කරන අයුරු​

    vsCvSVT.jpg
    දෙවියන්ට අවශ්‍ය කුසල කර්මවලින් සිදුවන පින මිස මෙවැනි අකුසලයන්ද

    මෙම බිලි පූජාව උදෙසා පැමිණෙන වැඩි පිරිසක් අසල්වැසි ඉන්දියානුවන්ය.ඔවුන් නේපාලයට පැමිණෙන විට ඝාතනය කිරීම සඳහා සතුන්ද රැගෙන එයි.2014 වසරේදී පටන් ඉන්දියාවේන් මෙම උත්සවය සඳහා සතුන් නේපාලයට ගෙන යාම තහනම් කරන ලදි.2015 ජූනි මාසයේදී නේපාලයේ ගදිමෙයි දේවාලයේ භාරකරුවන් කියා සිටියේ එම වසරේ පටන් සියලු බිලිපූජා නවතා දමන බවයි


    RWBUXKB.jpg
    දේවාලයේ ප්‍රධාන පූජකයා සහ පළමු බිල්ල​

    BHkVwik.jpg
    ගවයාට පුද සත්කාර කරන හින්දූන් මෙවැනි තත්ත්වයකට පත්වූයේ ඇයි-නමුත් බිලිපූජා සිදුකිරීම හින්දු ආගමට අලුත් දෙයක් නොවේ​



    2009 වසරේදී 350,000ක් පමණ සතුන් මරා දමන ලද මෙම උත්සවයේ ඊළඟ දිග හැරුම 2014 දී සිදුකෙරිණි.එහිදී සතුන් 500,000 දෙනා ඝාතනය කිරීමට නියමිතව තිබිණි.

    NkCU9xV.jpg
    ඝාතනයට ලක්වූ ගවයන්ගේ මළ සිරුරු භූමියේ වැටී තිබෙන අයුරු - 2014 නොවැම්බර් 28​




    මෙම උත්සව අවස්ථාවට ඉන්දියාව සහ නේපාලය යන රටවල හින්දූන් මිලියන ගණනක් සහභාගී වන අතර නම් දේවතාවිය උදෙසා මෙම සත්ව ඝාතන සිදු කෙරේ.

    JVswudY.jpg
    බිලිපූජාවට පෙරට හින්දූන් රැස්ව සිටින අයුරු​




    හොඳින් මුවහත් කල කඩු යොදාගෙන ගවයන් ඝාතනය කිරීම ඇරඹේ.සතුන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානවල දැඩි විරෝධය නොතකා 2014 වසරේදී මෙම මහා බිලිපූජාව පැවැත්විය.

    4V6Y389.jpg





    පසුගිය සමයේ නේපාලයේ පැවැති මෙම බිලිපූජාවට ගෙන ආ සතුන් ගෙන් 70%ක් ඉන්දියාවෙන් සැපයිණි.නමුත් ඉන්දියානු අධිකරණය විසින් නේපාලයට නීතිවිරෝධීව සතුන් ගෙන යාම වලක්වාලමින් තීරණයක් නිකුත් කිරීමත් සමග ඉන්දියාවෙන් ගෙන යන සතුන් ප්‍රමාණය අඩු විය.

    u8wW21n.jpg

    බිලි පූජාවෙන් පසුව ගවයන්ගේ මළ සිරුරු එකතු කරන අයුරු




    මෙම උත්සවයට නේපාල රජයේද සහාය යම් ප්‍රමාණයකට ලැබිණි.ඒ ඔස්සේ රටට පැමිණෙන සංචාරකයන් සහ විදේශ විනිමය ගැන සිතාය.දේවාලය විසින් ඇතුලු වීමට සහ එහි නවාතැන් ගන්නවාට මුදලක් අය කරන ලදි.

    7TcdhFC.jpg
    වීදි වෙළෙන්දෙක් විසින් රසකැවිලි සාදා හින්දූන්ට අලෙවි කරන අයුරු​




    ගවයන් මරා දැමීමට පෙර විශාල භූමියක කොටු කර තැබෙන අතර ඔවුන්ගේ හිස ගසා දැමීමෙන් මරණයට කෙරේ.

    OHJNnzQ.jpg
    අසනීපවූ මීගව පැටවෙක් භූමියේ වැටී සිටින අයුරු​




    ගවයන් ඝාතනය කල භූමියේ සිට ඡායාරූප ගන්නා පවුලක්

    aDpzDGh.jpg





    මරා දමන ගවයන්ගේ හිස් භූමිය පුරා විසිර තිබේ.ඔවුන්ගේ සම් විශාල මිලකට අලෙවි කරන බව කියවේ.

    1AA6mYe.jpg
    බිලි පූජාවෙන් දිනකට පසු ගවයන්ගේ හිස් වලින් දිව ඉවත් කරන පුද්ගලයෙක්​




    සත්ව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින පිරිස් මෙම කෲර සම්ප්‍රදාය අවසන් කරන්න යැයි පෙත්සමක් නේපාල ජනපති වෙත යවන ලදි.මෙම උත්සවය මීට වසර 260 පමණ පෙර ඇරඹුණු බව සඳහන්ය.

    hqpglhq.jpg





    rKkiF17.jpg
    ඝාතකයෙක් රුධිරයෙන් තෙත් වූ කඩුවක් රැගෙන තවත් ගවයන් ඝාතනය කිරීමට ඇවිද යන අයුරු​




    hkhWSU3.jpg
    තම ජීවිතයේ අවසන් මොහොත ගෙවා දමන ගවය්න් කිහිපදෙනෙක්​




    Xr8vSph.jpg
    නොපෙනෙන දෙවියෙක් සතුටු කිරීමට ප්‍රාණ ඝාත සිදුකල තවත් මිත්‍යාදෘෂ්ඨිකයෙක්​




    3ZRGs7c.jpg
    පිරිසක් බලා සිටියදී ගවයෙක්ගේ හිස කඳින් වෙන් කරන්නට මහන්සි ගන්නා තවත් ඝාතකයෙක්​




    j212APv.jpg
    ලැජ්ජාව සහ බිය නොමැති නිසා අකුසල කර්ම කන්දක් රැස් කරගන්නා හින්දු ආගමිකයෙක්​




    Am8Z2gl.jpg
    සාම්ප්‍රදායික කුක්රි පිහියක් සහිතව ඝාතකයෙක්​




    4tDMYok.jpg
    ඔවුන්ට ජීවිත දානය අයදින්න හැකියාවක් නැත.මන්ද ඔවුන් මිනිසුන් මෙන් උසස් මනසක් සහිත පිරිසක් නොවන නිසා​




    UCSsfXT.jpg
    2014 වසරේ බිලි පූජාව - පළමු දින ගවයන් 6000කට වඩා ඝාතනය කරන ලදි.​




    NkCU9xV.jpg
    කාර්යබහුල ඝාතකයන්​




    D4Uxuz7.jpg
    තවත් ගවයෙක් සොයා යන ඝාතකයෙක්​




    zDoicnS.jpg
    ගවයන් ඝාතනයට පෙර මීයන්,එළුවන්,ඌරන් සහ පරවියන් ඝාතනය ඇරඹේ​




    Ukc2Lic.jpg
    මරණයේ හෝරාව​




    Ezh0m3K.jpg
    කරන කලට පව් මීරිය මී සේ විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ​




    2fhBmz5.jpg
    ඔබ බෞද්ධයෙක්ව ඉපිද තිබීම ගැන සතුටු වන්න​




    hYwvHDu.jpg
    ඝාතකයන්ගේ ඝෝෂාව​




    hXCstHL.jpg
    බිලිපූජාවට පෙර රාත්‍රිය ගෙවා දමන හින්දූන්​




    nUzafVn.jpg
    ඝාතකයන්ගේ ඝෝෂාව​




    ToGIbuH.jpg
    මරණයට කැප කල ගවයන්​




    2gm2Pu5.jpg
    හින්දු වැසියෙක් උත්ස්වය වෙනුවෙන් ඝාතනය කිරීමට තමන්ගේම ගවයෙක් ගෙන යන අයුරු​




    3HMPhcd.jpg
    උත්සවයට සහභාගී වනු පිණිස ඉන්දියාවෙන් හින්දුන් විශාල පිරිසක් පැමිණේ​




    yTnLE9f.jpg
    උත්සව භූමියේ මහා ජනකාය​




    yfGo9Fn.jpg
    මිලියන 2කට වැඩි හින්දූන් පිරිසක් මෙම උත්සවයට 2014 වසරේදී සහභාගී වී තිබේ​




    eEI3nRt.jpg
    උත්සවයට පෙර පිරිසිදුවන හින්දූන් - තමන්ගේ පව් ජලයෙන් සෝදාගත හැකි යැ‍යි සිතා සිටින මිත්‍යාදෘෂ්ඨිකයන් පිරිසකි.​




    p5fQw1T.jpg
    බිලි පූජාව උදෙසා ගෙන ආ පරවියන්​




    EGZTpmN.jpg
    ඝාතනය කිරීමට රැගෙන යන එළුවෙක්​




    Dg8lXkU.jpg
    පිරිස පාලනය කරන නේපාල පොලිස් භටයන්​




    zRHjsGv.jpg
    බිලි පූජාවට පෙර රාත්‍රියේ​




    පසුගියදාක එක්තරා පිරිසක් උකුස්සෙක් ඝාතනය කර මස් කර ඒවාහි ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරිම නිසා ඔවුන් පොලිස් අත් අඩංගුවට පත්වූවා.එහි තිබෙන හාස්‍ය ජනක සිද්ධිය නම් නීතිය ක්‍රියාත්මක වන්නේ විශේෂිත සතුන් පිරිසක් වෙනුවෙන් පමණක් වීමයි.

    MeatChickens.jpg

    එම ඡායාරූප දුටු සමහරුන් අන්තර්ජාලයේ පළකල ප්‍රතිචාර සිනා උපදවන සුළුය."මෙච්චර ලස්සන සතෙක් මොන හිතකින් මුන් මැරුවද?" - බොහෝදෙනා තුල අනුකම්පාව උපදින්නේ සතාගේ ස්වභාවය අනුවයි.කුකුලෙක් මස කර සිත්ගන්නා සුළු ලෙස පැකැට් කර හෝ උගේ මස් පිසගෙන අලංකාරව පිඟානක අසුරා තැබූ කල්හි ඔවුන්ට එම අනුකම්පාව උපදින්නේ නැත.එක් සතෙක්ගේ ජීවිත අයිතිය වෙනුවෙන් පෙනී සිටින දුක්වන මිනිසුන් තවත් සතෙක්ගේ මාංශ රස බලන අපූරුව.නිදහසට කරුණ වන්නේ ප්‍රෝටීන අවශ්‍යතාවය පිරිමසා ගැනීමයි.නැතිනම් එම සතුන් මස් පිණිස ඇති කරන සතුන් බවයි.සමහර ආගම්වලට අනුව සතුන් මවා තිබෙන්නේ මිනිසාගේ ආහාරය පිණිසයි.බුද්ධ දේශනාවට අනුව මෙම සතුන් අයත් වන්නේ තිරිසන් නම් අපායටයි.එසේ වුවද ඔවුන්ගෙන් ජිවිතය ගැන තීරණ ගැනීමට මිනිසුන්ට අයිතියක් තිබේද?

    XbOsLg9.jpg



    "අපි මරන් කන්නේ නෑනේ.මරලා තියෙන සත්තු අපි කන්නේ අපිට පවු නෑ"​

    "බුදු හාමුදුරුවොත් මස් කෑවා ඉතින් අපි කෑවාම මොකද වෙන්නේ"

    "මස් මාංශයෙන් වැළකී සිටීම යනු වෘතයකි.බුදු දහමේ වෘත සමාදම් වීම පිළිනොගනියි.බුදුන් වහන්සේ මස් මාංශයෙන් වළකින්න යැ‍යි දේශනා කර නොමැත" - සමහරක් බෞද්ධ ස්වාමීන් වහන්සේලා මෙවැනි අදහස් සමාජ ගත කරමින් සිටියි.​

    .ඔව් .නුඹලා සතුන් මරාගෙන කන්නේ නෑ.දිනෙන් දින වැඩි වන ඉල්ලුම හමුවේ මාංශ පිණිස සතුන් ඝාතනය කිරීම ඉහළ යමින් ඇත.ඒ ඉල්ලුම වැඩි කිරීමට නුඹලාද නුඹලාගේ දරුවන්ද දායක වන බව මතක තබාගන්න.​

    mRHEEQs.jpg

    නේපාලයේ මහා සත්ව ඝාතනය අවසන් වුවද මිනිසාගේ දිව පින වීමට,ඔවුන්ගේ ප්‍රෝටීන අවශ්‍යතාවය උදෙසා මේ මොහොත වන විටත් ගවයන්,ඌරන්,බැටලුවන්,කුකුළන්,මත්සයින් වැනි සතුන් ලක්ෂ ගණනක් ඝාතනය වන බව අමතක නොකරන්න.ඔබේ බත් පතේ සිටින කුකුලා එතැනට ඒමට කොතරම් දුකක් විදින්නට ඇද්ද?ඌ මිය යද්දී තම ඝාතකයා කෙරෙහි කොතරම් වෛර කරන්නට ඇතිද? ඕනෑම සතෙක් ඔබ මෙන්ම තම ජීවිතයට ආදරය කරයි.ඔවුන්ගේ ආසාව තව මොහොතක් හෝ ජීවිත වීම මිස ඔබගේ දිව පිනවීම නොවේ.



    Source:Businessinsider.com & Dailymail.co.uk

    -HarshaLulSec-​
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ආගමක් ඉස්සරහට දාගෙන සත්තු මරණ මේ වගේ තිරිසන්නුන්ට හෙනම ගහන්නේ ඕනි
    :angry::angry::angry::angry:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    වැඩිකල් නොගිහින් අකුලෝලම යයි.
     
    Last edited:

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සත්තු මරන සියල්ලෝම මෝඩ පොන්නයෝ වේ.
    :rolleyes:

    :( :( පිස්සු හැදෙනවා බන්.. මොන අපායක්ද මේ
    මාධ්‍ය වලින් උස්සලා පෙන්නද්දී ඕන එකෙක් මේවාට විරුද්ධ වෙනවා.හරියට අර අපේ උන් උකුස්සා මරලා මස් කලාට විරුද්ධ වුනා වගේ.හැබැයි ඉතින් පුදුම වැඩේ කියන්නේ දවසට දහස් ගණනන් කුකුල්ලු ,හරක් මරන රටේ ,ඒ මස් බුදින බහුතරයක් ඉන්න රටේ උන්ට උකුස්සෙක් මැරුවාම මෙච්චර අනුකම්පාවක් පහළ වුනේ ඇයි කියන එක.

    rep denna bahe lu
    Thanks

    Mahansiyata REP 8+
    Thanks

    what goes around, what comes around...
    karma :)
    karma :yes:

    :(

    ආගමක් ඉස්සරහට දාගෙන සත්තු මරණ මේ වගේ තිරිසන්නුන්ට හෙනම ගහන්නේ ඕනි
    :angry::angry::angry::angry:
    ඔය මස් ටික පිගානට ආපු වාම ඕවා මතක් වෙන්නේ නෑ.:D

    mewa sahagahana aparada.:sorry:
    ඕක නම් දැන් ඉවරයි නේ.ඒත් මිනිස්සුන්ගේ දිව පින වන්න දවස ගානේ සත්තු කී ලක්ෂයක් නම් මරනවා ඇතිද.ඒවා කවදාවත් නවතින්නේ නෑ.ඒවා නවත්වන්න උද්ඝෝෂණ ,විරෝධතා,පෙත්සම් නෑ.

    Thanks

    :(

    වැඩිකල් නොගිහින් අකුලෝලම යයි......
    :rolleyes:

    okun marenne widawala ban
    ipdena jiwitayak ganet widawanawa
    ඔව්.ඇගේ තිබුණ රෝම ගාණට සමාන භවයන් වලදී බෙල්ල කැපිලා මැරෙන්න වෙන්නේ.
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    :rolleyes:
    ඕක නම් දැන් ඉවරයි නේ.ඒත් මිනිස්සුන්ගේ දිව පින වන්න දවස ගානේ සත්තු කී ලක්ෂයක් නම් මරනවා ඇතිද.ඒවා කවදාවත් නවතින්නේ නෑ.ඒවා නවත්වන්න උද්ඝෝෂණ ,විරෝධතා,පෙත්සම් නෑ.

    apita karanna puluwan ekama de mas mansha anubawayen hakithak walakina eka.
    puluwan nam awaththalama dana eka.:sorry: