ලොව විශාලතම බිලි පූජාව
ගදිමෙයි උත්සවය යනු වසර 5ක් පාසා පැවැත්වෙන මහා බිලි පූජාවකි.නේපාලයේ බාරා දිස්ත්‍රික්කයේ බරියාර්පුර් හි ගදිමෙයි දෙවොල ආශ්‍රිතව පැත්වෙන මෙය ලොව විශාලතම සත්ව ඝාතනය සිදුවන අවස්ථාවයි.ගදිමෙයි දෙවියන් සතුටු කරනු පිණිස වසර 5කට වරක් මී ගවයන්,ඌරන්,එළුවන්,කුකුළන් සහ පරවියන් ආදි සතුන් ලක්ෂ ගණනක් මරා දමයි.2009 වසරේ පැවැති උත්සවයේදී සතුන් ලක්ෂ පහක් මරා දැමූ බව වාර්තා වේ.සතුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනීසිටින සංවිධානවල දැඩි විවේචනයට බඳුන් වූ මෙම මහා ඝාතන උත්සවය 2015 පටන් නවතා දමන ලද බවට වාර්තා පළවී තිබේ.
මෙතරම් විශාල සතුන් ප්‍රමාණයක් ඝාතනය කරන්නේ හින්දු ආගමේ දේවතාවියක් වන ගදිමෙයි සතුටු කර අයහපත අවසන් කර සෞභාග්‍යය ළඟාකර ගැනීමට බවයි මේ සඳහා සහභාගී වන හින්දූන් පවසන්නේ.නමුත් ගවයා යනු හින්දූන්ගේ පූජනීය සත්වයෙකි.කරුණු එසේ වුවද 2009 වසරේදී ඔවුන්ගේ දේවතාවිය සතුටු කිරීමට මීගවයන් 20,000ක් පමණ ඝාතනය කර තිබේ.සතුන් බිලිදීම දින දෙකක කාලයක් සිදුකෙරේ.ඒ සඳහා දේවාලය අසල ඝාතකාගාරයක් තිබෙන අතර මිනිසුන් 200 පමණ තියුණු මන්නා පිහි වලින් ගවයන් ඇතුලු සතුන්ගේ හිස ගසා දමයි.
සතුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනීසිටින සංවිධාන මෙම මහා සත්ව සංහාරය අවසන් කිරීමට අවස්ථා ගණනාවකදී විවිධ උත්සාහයන් ගෙන තිබේ.2009 වසරේදී ඔවුන් නේපාල රජයටද මෙම උත්සවයේදී සතුන් ඝාතනය කිරීම නැවැත්වීමට පියවර ගන්නා ලෙස දන්වන ලද මුත් පුරාණ සම්ප්‍රදායයන්ට එරෙහි වීමට තමන්ට හැකියාවක් නැති බව කියමින් රජය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදි.
මෙම බිලි පූජාව උදෙසා පැමිණෙන වැඩි පිරිසක් අසල්වැසි ඉන්දියානුවන්ය.ඔවුන් නේපාලයට පැමිණෙන විට ඝාතනය කිරීම සඳහා සතුන්ද රැගෙන එයි.2014 වසරේදී පටන් ඉන්දියාවේන් මෙම උත්සවය සඳහා සතුන් නේපාලයට ගෙන යාම තහනම් කරන ලදි.2015 ජූනි මාසයේදී නේපාලයේ ගදිමෙයි දේවාලයේ භාරකරුවන් කියා සිටියේ එම වසරේ පටන් සියලු බිලිපූජා නවතා දමන බවයි

ගදිමෙයි දේවතාවියගේ යැයි සැලකෙන ප්‍රතිමාවක්
temple of Gadhimai
බිලි පූජාවට එරෙහිව සාමකාමී විරෝධතාවයක්
සතුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනීසිටින සංවිධාන මෙම මහා සත්ව සංහාරය අවසන් කිරීමට අවස්ථා ගණනාවකදී විවිධ උත්සාහයන් ගෙන තිබේ.2009 වසරේදී ඔවුන් නේපාල රජයටද මෙම උත්සවයේදී සතුන් ඝාතනය කිරීම නැවැත්වීමට පියවර ගන්නා ලෙස දන්වන ලද මුත් පුරාණ සම්ප්‍රදායයන්ට එරෙහි වීමට තමන්ට හැකියාවක් නැති බව කියමින් රජය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදි.
ඝාතනයට යොදාගන්නා ආයුද
ගවයෙක්ගේ අවසන් මොහොත
ඝාතකයෙක් විසින් ගවයෙක්ගේ හිස කඳින් වෙන් කරන අයුරු
දෙවියන්ට අවශ්‍ය කුසල කර්මවලින් සිදුවන පින මිස මෙවැනි අකුසලයන්ද
මෙම බිලි පූජාව උදෙසා පැමිණෙන වැඩි පිරිසක් අසල්වැසි ඉන්දියානුවන්ය.ඔවුන් නේපාලයට පැමිණෙන විට ඝාතනය කිරීම සඳහා සතුන්ද රැගෙන එයි.2014 වසරේදී පටන් ඉන්දියාවේන් මෙම උත්සවය සඳහා සතුන් නේපාලයට ගෙන යාම තහනම් කරන ලදි.2015 ජූනි මාසයේදී නේපාලයේ ගදිමෙයි දේවාලයේ භාරකරුවන් කියා සිටියේ එම වසරේ පටන් සියලු බිලිපූජා නවතා දමන බවයි
දේවාලයේ ප්‍රධාන පූජකයා සහ පළමු බිල්ල
ගවයාට පුද සත්කාර කරන හින්දූන් මෙවැනි තත්ත්වයකට පත්වූයේ ඇයි-නමුත් බිලිපූජා සිදුකිරීම හින්දු ආගමට අලුත් දෙයක් නොවේ
2009 වසරේදී 350,000ක් පමණ සතුන් මරා දමන ලද මෙම උත්සවයේ ඊළඟ දිග හැරුම 2014 දී සිදුකෙරිණි.එහිදී සතුන් 500,000 දෙනා ඝාතනය කිරීමට නියමිතව තිබිණි.
පසුගියදාක එක්තරා පිරිසක් උකුස්සෙක් ඝාතනය කර මස් කර ඒවාහි ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරිම නිසා ඔවුන් පොලිස් අත් අඩංගුවට පත්වූවා.එහි තිබෙන හාස්‍ය ජනක සිද්ධිය නම් නීතිය ක්‍රියාත්මක වන්නේ විශේෂිත සතුන් පිරිසක් වෙනුවෙන් පමණක් වීමයි.
එම ඡායාරූප දුටු සමහරුන් අන්තර්ජාලයේ පළකල ප්‍රතිචාර සිනා උපදවන සුළුය."මෙච්චර ලස්සන සතෙක් මොන හිතකින් මුන් මැරුවද?" - බොහෝදෙනා තුල අනුකම්පාව උපදින්නේ සතාගේ ස්වභාවය අනුවයි.කුකුලෙක් මස කර සිත්ගන්නා සුළු ලෙස පැකැට් කර හෝ උගේ මස් පිසගෙන අලංකාරව පිඟානක අසුරා තැබූ කල්හි ඔවුන්ට එම අනුකම්පාව උපදින්නේ නැත.එක් සතෙක්ගේ ජීවිත අයිතිය වෙනුවෙන් පෙනී සිටින දුක්වන මිනිසුන් තවත් සතෙක්ගේ මාංශ රස බලන අපූරුව.නිදහසට කරුණ වන්නේ ප්‍රෝටීන අවශ්‍යතාවය පිරිමසා ගැනීමයි.නැතිනම් එම සතුන් මස් පිණිස ඇති කරන සතුන් බවයි.සමහර ආගම්වලට අනුව සතුන් මවා තිබෙන්නේ මිනිසාගේ ආහාරය පිණිසයි.බුද්ධ දේශනාවට අනුව මෙම සතුන් අයත් වන්නේ තිරිසන් නම් අපායටයි.එසේ වුවද ඔවුන්ගෙන් ජිවිතය ගැන තීරණ ගැනීමට මිනිසුන්ට අයිතියක් තිබේද?
නේපාලයේ මහා සත්ව ඝාතනය අවසන් වුවද මිනිසාගේ දිව පින වීමට,ඔවුන්ගේ ප්‍රෝටීන අවශ්‍යතාවය උදෙසා මේ මොහොත වන විටත් ගවයන්,ඌරන්,බැටලුවන්,කුකුළන්,මත්සයින් වැනි සතුන් ලක්ෂ ගණනක් ඝාතනය වන බව අමතක නොකරන්න.ඔබේ බත් පතේ සිටින කුකුලා එතැනට ඒමට කොතරම් දුකක් විදින්නට ඇද්ද?ඌ මිය යද්දී තම ඝාතකයා කෙරෙහි කොතරම් වෛර කරන්නට ඇතිද? ඕනෑම සතෙක් ඔබ මෙන්ම තම ජීවිතයට ආදරය කරයි.ඔවුන්ගේ ආසාව තව මොහොතක් හෝ ජීවිත වීම මිස ඔබගේ දිව පිනවීම නොවේ.
Source:Businessinsider.com & Dailymail.co.uk
-HarshaLulSec-
ඝාතනයට ලක්වූ ගවයන්ගේ මළ සිරුරු භූමියේ වැටී තිබෙන අයුරු - 2014 නොවැම්බර් 28
මෙම උත්සව අවස්ථාවට ඉන්දියාව සහ නේපාලය යන රටවල හින්දූන් මිලියන ගණනක් සහභාගී වන අතර නම් දේවතාවිය උදෙසා මෙම සත්ව ඝාතන සිදු කෙරේ.
බිලිපූජාවට පෙරට හින්දූන් රැස්ව සිටින අයුරු
හොඳින් මුවහත් කල කඩු යොදාගෙන ගවයන් ඝාතනය කිරීම ඇරඹේ.සතුන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානවල දැඩි විරෝධය නොතකා 2014 වසරේදී මෙම මහා බිලිපූජාව පැවැත්විය.
පසුගිය සමයේ නේපාලයේ පැවැති මෙම බිලිපූජාවට ගෙන ආ සතුන් ගෙන් 70%ක් ඉන්දියාවෙන් සැපයිණි.නමුත් ඉන්දියානු අධිකරණය විසින් නේපාලයට නීතිවිරෝධීව සතුන් ගෙන යාම වලක්වාලමින් තීරණයක් නිකුත් කිරීමත් සමග ඉන්දියාවෙන් ගෙන යන සතුන් ප්‍රමාණය අඩු විය.
බිලි පූජාවෙන් පසුව ගවයන්ගේ මළ සිරුරු එකතු කරන අයුරු
මෙම උත්සවයට නේපාල රජයේද සහාය යම් ප්‍රමාණයකට ලැබිණි.ඒ ඔස්සේ රටට පැමිණෙන සංචාරකයන් සහ විදේශ විනිමය ගැන සිතාය.දේවාලය විසින් ඇතුලු වීමට සහ එහි නවාතැන් ගන්නවාට මුදලක් අය කරන ලදි.

වීදි වෙළෙන්දෙක් විසින් රසකැවිලි සාදා හින්දූන්ට අලෙවි කරන අයුරු
ගවයන් මරා දැමීමට පෙර විශාල භූමියක කොටු කර තැබෙන අතර ඔවුන්ගේ හිස ගසා දැමීමෙන් මරණයට කෙරේ.
අසනීපවූ මීගව පැටවෙක් භූමියේ වැටී සිටින අයුරු
ගවයන් ඝාතනය කල භූමියේ සිට ඡායාරූප ගන්නා පවුලක්
මරා දමන ගවයන්ගේ හිස් භූමිය පුරා විසිර තිබේ.ඔවුන්ගේ සම් විශාල මිලකට අලෙවි කරන බව කියවේ.

බිලි පූජාවෙන් දිනකට පසු ගවයන්ගේ හිස් වලින් දිව ඉවත් කරන පුද්ගලයෙක්
සත්ව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින පිරිස් මෙම කෲර සම්ප්රදාය අවසන් කරන්න යැයි පෙත්සමක් නේපාල ජනපති වෙත යවන ලදි.මෙම උත්සවය මීට වසර 260 පමණ පෙර ඇරඹුණු බව සඳහන්ය.
ඝාතකයෙක් රුධිරයෙන් තෙත් වූ කඩුවක් රැගෙන තවත් ගවයන් ඝාතනය කිරීමට ඇවිද යන අයුරු
තම ජීවිතයේ අවසන් මොහොත ගෙවා දමන ගවය්න් කිහිපදෙනෙක්
නොපෙනෙන දෙවියෙක් සතුටු කිරීමට ප්‍රාණ ඝාත සිදුකල තවත් මිත්‍යාදෘෂ්ඨිකයෙක්
පිරිසක් බලා සිටියදී ගවයෙක්ගේ හිස කඳින් වෙන් කරන්නට මහන්සි ගන්නා තවත් ඝාතකයෙක්
ලැජ්ජාව සහ බිය නොමැති නිසා අකුසල කර්ම කන්දක් රැස් කරගන්නා හින්දු ආගමිකයෙක්
සාම්ප්‍රදායික කුක්රි පිහියක් සහිතව ඝාතකයෙක්
ඔවුන්ට ජීවිත දානය අයදින්න හැකියාවක් නැත.මන්ද ඔවුන් මිනිසුන් මෙන් උසස් මනසක් සහිත පිරිසක් නොවන නිසා
2014 වසරේ බිලි පූජාව - පළමු දින ගවයන් 6000කට වඩා ඝාතනය කරන ලදි.
කාර්යබහුල ඝාතකයන්
තවත් ගවයෙක් සොයා යන ඝාතකයෙක්
ගවයන් ඝාතනයට පෙර මීයන්,එළුවන්,ඌරන් සහ පරවියන් ඝාතනය ඇරඹේ
මරණයේ හෝරාව
කරන කලට පව් මීරිය මී සේ විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ
ඔබ බෞද්ධයෙක්ව ඉපිද තිබීම ගැන සතුටු වන්න
ඝාතකයන්ගේ ඝෝෂාව
බිලිපූජාවට පෙර රාත්‍රිය ගෙවා දමන හින්දූන්
ඝාතකයන්ගේ ඝෝෂාව
මරණයට කැප කල ගවයන්
හින්දු වැසියෙක් උත්ස්වය වෙනුවෙන් ඝාතනය කිරීමට තමන්ගේම ගවයෙක් ගෙන යන අයුරු
උත්සවයට සහභාගී වනු පිණිස ඉන්දියාවෙන් හින්දුන් විශාල පිරිසක් පැමිණේ
උත්සව භූමියේ මහා ජනකාය
මිලියන 2කට වැඩි හින්දූන් පිරිසක් මෙම උත්සවයට 2014 වසරේදී සහභාගී වී තිබේ
උත්සවයට පෙර පිරිසිදුවන හින්දූන් - තමන්ගේ පව් ජලයෙන් සෝදාගත හැකි යැයි සිතා සිටින මිත්‍යාදෘෂ්ඨිකයන් පිරිසකි.
බිලි පූජාව උදෙසා ගෙන ආ පරවියන්
ඝාතනය කිරීමට රැගෙන යන එළුවෙක්
පිරිස පාලනය කරන නේපාල පොලිස් භටයන්
බිලි පූජාවට පෙර රාත්‍රියේ
පසුගියදාක එක්තරා පිරිසක් උකුස්සෙක් ඝාතනය කර මස් කර ඒවාහි ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරිම නිසා ඔවුන් පොලිස් අත් අඩංගුවට පත්වූවා.එහි තිබෙන හාස්‍ය ජනක සිද්ධිය නම් නීතිය ක්‍රියාත්මක වන්නේ විශේෂිත සතුන් පිරිසක් වෙනුවෙන් පමණක් වීමයි.
එම ඡායාරූප දුටු සමහරුන් අන්තර්ජාලයේ පළකල ප්‍රතිචාර සිනා උපදවන සුළුය."මෙච්චර ලස්සන සතෙක් මොන හිතකින් මුන් මැරුවද?" - බොහෝදෙනා තුල අනුකම්පාව උපදින්නේ සතාගේ ස්වභාවය අනුවයි.කුකුලෙක් මස කර සිත්ගන්නා සුළු ලෙස පැකැට් කර හෝ උගේ මස් පිසගෙන අලංකාරව පිඟානක අසුරා තැබූ කල්හි ඔවුන්ට එම අනුකම්පාව උපදින්නේ නැත.එක් සතෙක්ගේ ජීවිත අයිතිය වෙනුවෙන් පෙනී සිටින දුක්වන මිනිසුන් තවත් සතෙක්ගේ මාංශ රස බලන අපූරුව.නිදහසට කරුණ වන්නේ ප්‍රෝටීන අවශ්‍යතාවය පිරිමසා ගැනීමයි.නැතිනම් එම සතුන් මස් පිණිස ඇති කරන සතුන් බවයි.සමහර ආගම්වලට අනුව සතුන් මවා තිබෙන්නේ මිනිසාගේ ආහාරය පිණිසයි.බුද්ධ දේශනාවට අනුව මෙම සතුන් අයත් වන්නේ තිරිසන් නම් අපායටයි.එසේ වුවද ඔවුන්ගෙන් ජිවිතය ගැන තීරණ ගැනීමට මිනිසුන්ට අයිතියක් තිබේද?
"අපි මරන් කන්නේ නෑනේ.මරලා තියෙන සත්තු අපි කන්නේ අපිට පවු නෑ"
"බුදු හාමුදුරුවොත් මස් කෑවා ඉතින් අපි කෑවාම මොකද වෙන්නේ"
"මස් මාංශයෙන් වැළකී සිටීම යනු වෘතයකි.බුදු දහමේ වෘත සමාදම් වීම පිළිනොගනියි.බුදුන් වහන්සේ මස් මාංශයෙන් වළකින්න යැයි දේශනා කර නොමැත" - සමහරක් බෞද්ධ ස්වාමීන් වහන්සේලා මෙවැනි අදහස් සමාජ ගත කරමින් සිටියි.
.ඔව් .නුඹලා සතුන් මරාගෙන කන්නේ නෑ.දිනෙන් දින වැඩි වන ඉල්ලුම හමුවේ මාංශ පිණිස සතුන් ඝාතනය කිරීම ඉහළ යමින් ඇත.ඒ ඉල්ලුම වැඩි කිරීමට නුඹලාද නුඹලාගේ දරුවන්ද දායක වන බව මතක තබාගන්න.