ලොව_භයානකම_උත්සවයක්

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
ලොව_භයානකම_උත්සවයක්

පව් නැති වෙන්නයි මෙහෙම පනින්නේ
ස්‌පාඤ්ඤයේ පැවැත්වෙන ලොව භයානකම උත්සවය

ලොව නන්දෙසින් හැමදාමත් කුමක්‌ හෝ අලුත් පුවතක්‌ අනිවාර්යෙන්ම වාර්තා වෙනවා. යුද කෝලාහල, දේශපාලන සිදුවීම්, කලා තොරතුරු මේ අතරින් ප්‍රධානයි. නමුත් මේ සැමටම වඩා වෙනසක්‌ අරුම පුදුම දැද මේ ලෝක බෝලය තුළ දිනපතාම සිදුවෙනවා. මේ කතාවත් ඇත්ත වශයෙන්ම අමුතු සිදුවීමක්‌. ලංකාවේ අපිට නම් හිතාගන්නවත් බැරි වැඩක්‌.
article-2008617-0CBEB94300000578-961_634x919.jpg


article-2008617-0CBEDF4E00000578-127_634x445.jpg


article-0-0CBED4E300000578-804_306x503.jpg
article-0-0CBEB73100000578-540_306x503.jpg

මේක වාර්තාවන්නේ ස්‌පාඤ්ඤයෙන්. බිළින්දන්ට ඉහළින් පැනීම (Baby Jumping) ලෙසට තමයි මේ ඉසව්ව නම් වුණේ. ස්‌පාඤ්ඤ බසින් නම් "එල් කොලාචෝ" (El Colacho) යනුවෙන් මෙය හඳුන්වනවා. මෙහිදී ඉතාමත්ම අසීරු කාර්යක පුද්ගලයෙක්‌ යෙදෙනු දක්‌නට පුලුවන්. අලුත උපන් කිරිකැටි බිළින්දන් මෙට්‌ටයක තබා ඔවුනට ඉහළින් පුද්ගලයකු පනිනු ලබනවා. සමහරුන් පවසන්නේ මෙය බලා සිටිය නොහැකි තරමේ අසීරු ක්‍රියාවක්‌ ලෙසටයි. ස්‌පාඤ්ඤයෝ බර්ගෝස්‌ (Burgo) නගරයට ආසන්නයේ "කැස්‌ට්‍රිලෝ ඩි මර්සියා" (Castrillo de Murcia) ග්‍රාමයේ ඔබ උපන්නානම් ඔබ බිළිඳුම අවධියේදීද අනිවාර්යෙන් මේ ආකාරයෙන් කෙනෙකු ඔබට ඉහළින් පිම්මක්‌ පනිනවා.
article-0-0CBEE1BD00000578-152_634x786.jpg


article-0-1A1D2C1B000005DC-540_634x788.jpg


article-0-1A1D2110000005DC-355_634x628.jpg


article-0-1A1D2684000005DC-180_634x440.jpg


article-0-1A1D24BE000005DC-767_634x440.jpg


මෙහි ඉතිහාසගත වාර්තා පිරික්‌සීමේදී කෙසේ, කුමක්‌ සඳහා ආරම්භ වූයේද යන්න ගැන තොරතුරු හමුවී නැහැ. නමුත් මෙය සිදු කිරීම අරමුණ ලෙස දක්‌වන්නේ මෙම බිළිඳුන්ගේ පව් නැති කිරීමටයි. මෙහි ඉතිහාසය 1620 දක්‌වා විහිදී ඇති බවටද සමහර වාර්තාවල සඳහන්. එසේම ලොව ඇති ඉතා භයානකම ඉසව්වක්‌ ලෙසටද පිරිස්‌ මෙය නම්කර තිබෙනවා.

උත්සවයට මූලිකවන පව් නැති කරන්නා හෙවත් පිනුම් කරු කහපැහැති ඇඳුමකින් තමයි සැරසෙන්නේ. එසේම ඔහු අත යෂ්ටියක්‌ද දක්‌නට හැකියි. වාර්ෂිකව ස්‌පාඤ්ඤයේ මෙම නගරයේ පැවැත්වෙන "කෝපස්‌ ක්‍රිස්‌ටි" (Corpus Christi) උත්සවයේ භයානකම අංගය මෙයයි. මෙය කතෝලික නිකායකට අයත් පල්ලියක්‌ විසින් තමයි සංවිධානය කරනු ලබන්නේ. උත්සවය පැවැත්වෙන්නේද ඉරිදාවකයි. මේ සඳහා එම වර්ෂය තුළ උපන් දරුවන් පමණයි සුදුසුකම් ලබන්නේ. ඔවුන් මේ කුඩා බිළිඳුන් මහපාර මැද මෙට්‌ටයක්‌ දමා පෙළට තබනවා. මේ පනින පුද්ගලයාගේ මුහුණද යකඩ වැස්‌මකින් වසා තිබෙනු දැකිය හැකිය. එම මිනිසා යක්‍ෂයා සංකේතවත් කරන බවටයි සඳහන් වන්නේ. ඔහු හඳුන්වන්නේ "කොලාචෝ" (Colacho) යන නාමයෙන්. නගර වැසියන්ද තම දරුවා පාපයෙන් ගලවා ගැනීමට ඉතා කැමැත්තෙන් මේ මෙට්‌ටය මත තබනු ලබනවා. මේ දිනයේ සාමාන්‍යයෙන් මුලු ස්‌පාඤ්ඤය පුරාවටම විවිධ සැණකෙළි, පෙරහැර පවත්වන නමුත් බිළිඳුන් උඩින් පැනීම දන්නට ලැබෙන්නේ මෙම ග්‍රාමයේ පමණයි. එසේම ලෝකයේ වෙනත් කිසිදු රටකින්ද මේ ආකාරයේ ඉසව්වක්‌ වාර්තාවන්නේ නැහැ.

උත්සවයේ කහ පැහැය ඇඳගත් පුද්ගලයාට අමතරව තවත් ප්‍රධාන චරිතයක්‌ද දක්‌නට ලැබෙනවා. ඔහු "එල් ඇටබලෙරෝ" (El Atabalero) ලෙසයි හඳුන්වන්නේ. ඔහුගේ ඇඳුමේ පැහැය කලු වර්ණයයි. ඔහු නගරය පුරාම වීදි සංචාරය කරන්නේ බෙරයක්‌ද ගසමින්. උත්සවයට පෙර බදාදා දින ඔවුන් දෙදෙනා එක්‌ව නගරයේ පුද්ගලයන් ලුහුබඳිනවා. එසේ ලුහුබඳින්නේ කස පහරද දෙමින්. මෙයින් මිදීමට ඔවුන් නගරය පුරාම දුවනු ලබනවා. මෙය මහත් අපහසුතාවයන් ගෙන් පිරී ඇති දිනයක්‌ බවටයි සඳහන් වන්නේ. ඉන් පසුව එළඹෙන ඉරිදාවේදී තමයි බිළිඳුන් මතින් පැනීම සිදුවන්නේ. එමගින් නරක ආත්මයන්ගෙන් දරුවා ආරක්‍ෂා වී, ඔවුන්ගේ පාපයන්ද නැතිවී යන බවට මේ පිරිස්‌ ඉතාමත් තදින් අදහනවා.

පසුගිය වර්ෂයකදී බෙනඩික්‌ පාප්තුමාද ස්‌පාඤ්ඤයේ මේ ඉසව්ව පවත්වන පූජකයන්ගෙන් කරුණු විමසා ඇති බවට වාර්තාවල සඳහන්. ඒ මේ සම්ප්‍රදාය හා කතෝලික ධර්මයේ ඇති බැඳියාව කුමක්‌ද යන්න පිළිබඳවයි. සියල්ල කෙසේ වෙතත් මේ අරුම පුදුම ක්‍රියාකාරකම සෑම වර්ෂයකම අදටද පැවැත්වෙන්නේ මහත් උත්සවාකාරයෙන් යුතුවයි.

විස්තරේ "දිවයින "පත්තරෙන්...

 
Last edited:

Similar threads