ලෝකයේ අමුතුම රටක්
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙහි සත්කාරකත්වය ලබා ගැනීම සදහා ලාංකිකයන් වශයෙන් අප සිහිනයක් දුටිමු. නමුත් අවසානයේ මිලියන සියයකට වඩා වැඩි මුදලක් වියදම් කිරීමෙන් අනතුරුව එම සිහිනය බොදව ගියේය.
සාමාන්‍යයෙන් ලංකාව යනු පුදුමාකාර රටටකි. මේ රට දියුණු වන්නේ මේ රටේ පහළ වන ජනාධිපතිවරයා නියෝජනය කරණ දිස්ත්‍රික්කය අනුවය. ප්‍රේමදාස ජනාධිපතිවරයා කෙසෙල්වත්ත දියුණු කළ අතර චන්ද්‍රකා කුමාරතුංග ගම්පහත්, විජෙතුංග ජනාධිපතිවරයා පිළිමතලාවත් දියුණු කරණු ලැබීය. දැන් අවසානයේ මහින්ද රාපක්ෂ ජනාධිපතිවරයා හම්බන්තොට දියුණු කිරීමේ මෙහෙවර කරට ගෙන තිබේ. මෙහි ප්‍රතිථලයක් ලෙස අප පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙහි සත්කාරකත්වය ලබා ගන්නට සිහින දුටිමු.
මේ අනුව අනාගතයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපත් වූ පසු පොලොන්නරුවත්, නිමල් සිරිපාල මහතා ජනාධිපති වූ පසු බදුල්ලත් දියුණු වනු ඇත. ඒ අනුව ලංකාවේ දිස්ත්‍රික්ක විසි දෙකෙන් ජනාධිපතිවරුන් විසි දෙකක් බහිවූ පසුව මේ රට දියුණුව ලබා අවසන් වේ.
නිවන් දකින්නට බුදුවරුන් පහල වන තරු පෙරුම්පුරණ ආකාරයට රට සංවර්ධනය කරන්නට සෑම දිස්ත්‍රික්කයකින්ම ජනාධිපතිවරයෙකු පහළ වන තුරු සංවර්ධනයේ සිහිනය දකින්නට අපට අවස්ථාව උදා වී ඇත. මෙය ශ්‍රී ලාංකිකයන්ට පමණක් ලැබෙන සුවිශේෂි අවස්ථාවක් වන අතර ලෝකයේ කිසිදු රටකට මෙවැනි සිහිනයක් දකින්නට අවස්ථාව නොලැබේ. මේ නිසා මෙවැනි සිහිනයක ජීවත් වන්නට ලැබුන අප සැබැවින්ම වාසනාවන්තයෝ නොවෙමුද?

Source: 3Mana