පරිනාමවාදය කියන්නේ චාල්ස් ඩාවින් ගැන විස්වාසෙන් ඩාවින් කියන තනි මනුස්සය අදහගෙන මිනිස්සු පිළිගන්න දෙයක් නෙවෙයි. කොටින්ම දැන් තියෙන තියරිය ඩාවින් කියපු මුල් එක නෙවේ මිනිස්සු ලක්ෂ ගානක් මහන්සිවෙලා පරීක්ෂණ කරලා දායකවෙලා හදපු සාමුහික තියරියක්. අදටත් හම්බෙන සාක්කි අරකට ගැලපෙනවද නැද්ද පරීක්ෂණ සාර්ථකද නැද්ද කියන එකේ සාර්තකත්වේ අනුව තමා එක ප්රතික්ෂේප වෙනවද තවත් ශක්තිමත් වෙනවද කියන එක තීරණය වෙන්නෙ. නැතුව ඩාවින්ව අදහන මිනිස්සු ඩාවින් කියපු නිසා ඩාවින් ගැන විස්වාසෙන් ඩාවින් කිව්වොත් හරි තමා ආය අහන්න දෙයක් නෑ කියල අදහන්නේ නෑ. වෙන මිනිහෙක් අලුත් තියරියක් ගෙනාවම "අඩෝ ඩාවින් කියපු එක වැරදි කියන්න උඹ කවුද ? අපි ඩාවින් කියපු එක ඇර වෙන දේවල් පිළිගන්නේ නෑ, මොන සාක්කි ඒකට විරුද්දව ආවත් අපි ඩාවින් එක්ක" කියන්නෙත් නෑ. හෙට උනත් ඕක කුණුබක්කියට වැටෙන්න පුළුවන්.
ඒ හින්ද ආගමක ශාස්තෘවරයෙක් කියපු එක කිසිම සාක්කියක් නැතුව භක්තියෙන් ඇදහීමයි ඩාවින්ගේ පරිනාමවාදේ පිළිගැනීමයි එකක් කියල හිතන්න එපා.