ලෝකයේ_භයානකම_අධිවේගී_මාර්ගය

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
ලෝකයේ_භයානකම_අධිවේගී_මාර්ගය

යන මිනිසාගේ පණ ඉතිරිවන්නේ කලාතුරකිනි!

ලෝකයේ භයානකම "පාර" ලෙස මෙතෙක්‌ කලක්‌ හඳුන්වන ලද්දේ ඉන්දියාව සහ පාකිස්‌තානය අතර දේශ සීමාවේ කයිබර් දුර්ගය හරහා වැටී ඇති නිත්‍යානුකූල නොවන "හොර පාර" ය.
bYnEYoI.jpg

මේ පාර ඇති ප්‍රදේශය ඉන්දියාව හා පාකිස්‌තානය යන රටවල් දෙකෙන් එකකටවත් අයත් වන්නේ නැත. ඒ නිසා ලොව සිටින භයානකම සොරු, මංපහරන්නෝ, ස්‌ත්‍රී දූෂකයෝ යනාදීහු මේ පාරේ සිටිති. මේ පාර පාවිච්චි කර රටවල් දෙකෙන් එකකට යැමට උත්සාහ කරන අයට තමන් සතු සියලු මුදලුත් ඇඳිවතත් ජීවිතයත් යන තුනම අහිමි වේ. මේ ප්‍රදේශයේ සිටින සොරුන් කොතරම් දරුණු හොරු ද යත් පාර දෙපස කුණු වෙමින් පවත්නා නිරුවත් මළ සිරුරු බහුලය.
I9MYusn.jpg


-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ලෝකයේ ඇති භයානකම අධිවේගී මාර්ගය පිහිටා ඇත්තේ නයිජීරියාවේය. ඒ රටේ ලාගෝස්‌ සහ ඉබදුන් යන නගර දෙක යා කෙරෙන මේ අධිවේගී මාර්ගය මේ භයානක පාර ය.
NwQE4pr.jpg

හැමතැනම වළවල් ඇති, තාර ගැලවී ඇති, අවුරුදු 40 කින් පමණ අලුත්වැඩියා කර නැති මේ පාරේ යන කෙනකුට යම් හෙයකින් නොමැරි ගමනාන්තය තෙක්‌ යැමට වාසනාව ලැබුණ ද ඔහු රියෙන් පිටතට එන්නේ මගදී රිය වළවල්වල වැටීම නිසා හිස කොහේ හෝ හැපී ලේ පෙරාගෙනය. තෙල් සම්පත්වලින් ධනවත් වූ නයිජීරියාව සතු මහා මාර්ගවලින් කිලෝමීටර් එක්‌ලක්‍ෂ හැටහතර දහසකට තාර දමා නැත. ඒ රටේ පාරවල්වලින් තාර දමා ඇත්තේ 15% කට පමණි. මේ නිසාම වාහන තදබදය නිසා හට ගන්නා දරුණු අනතුරුවලින් පළමුවැනි තැන ලැබෙන්නේ නයිජීරියාවට බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.
72w7eKo.jpg

නයිජීරියාව පිහිටි අප්‍රිකා මහාද්වීපය මාර්ග අනතුරුවලින් වැඩිම පිරිසක්‌ මිය යන මහාද්වීපය බවද වසර 2009 දී ලෝක සෞඛ්‍ය සංවිධානය කියා තිබිණ. එම සංවිධානයේ ගණන් හිලව්වලට අනුව වසර 2007 දී පුද්ගලයෝ 47800 ක්‌ නයිජීරියාවේ සිදුවූ රිය අනතුරුවලින් මියගියහ (රිය අනතුරුවලින් වැඩිම පිරිසක්‌ මියයන්නේ චීනයේය. ඊළඟට ඉන්දියාවේය).

c8N2wvs.jpg


ලාගෝස්‌ හා ඉබදුන් මාර්ගයේ රියෑදුරෝ නිතරම බීමත්ව සිටිති. පාර දිගේ අධිවේගයෙන් යන තෙල් බවුසර් වෙනත් වාහනවල ගැටීම නිසා හට ගන්නා ගිනි ජාලා නිතර දැකිය හැකිය. වාහනවල සුන්බුන් ඉවත් කිරීමට රජය යුහුසුලු නොවන අතර ඒවා පාර දෙපැත්තට ඇද දමනු ලැබේ.
Z6sWk3Q.jpg

මේ නිසා පාර දෙපස, වාහන සඳහා වෙන් කළ අමු සොහොන් පේළියක්‌ බවට පත්ව තිබේ. මේ පාරේ යන "බස්‌ රථ" වූ කලී යකඩ බංකු එක පෙළට තබා වෙල්ඩිං කරන ලද පරණ ට්‍රක්‌ රථය.
w7d81Qv.jpg

මෙවැනි ට්‍රක්‌ රථයක්‌ පෙරළුණු විට මිනිසුන් මැරෙන්නේ මේ යකඩ බංකුවල හිස, පපුව යනාදිය ගැටීම නිසා ය.මේ පාරේ නැග්මක්‌ ඇති කොටසකදී තෙල් බවුසරයක්‌ පෙරැළී ගිනි ගත්තේය. පාර බෑවුමක්‌ වූ නිසා පිටුපසින් පැමිණි වාහන සියල්ල වෙත තෙල් ගලාවිත් ගිනි ඇවිළිණ. ඉතා දූෂිත පොලිසියක්‌ නයිජීරියාවේ ද තිබේ. ලාගෝස්‌ - ඉබදුන් මාර්ගයේ සිටින අනෙක්‌ මාරයා මේ පොලිසියය. රියෑදුරන්ගෙන් පගා ගැසීම සඳහා පොලිසිය හිටි හැටියේම පාර අයිනෙන් මතුවී රථ නවත්වයි. සමහර රථ නවත්වා ගැනීමට නොහැකිව පෙරළේ. තවත් රථ හදිසිsයේම නැවැත්වීම නිසා පසුපසින් එන රථ ගැටේ. බොහෝ විට මේ රථ තෙල් ප්‍රවාහනය කරන නිසා වහා ගිනි ගනී. පසුගිය දිනක වූ මෙබඳු අනතුරු දෙකකින් 40 කට වැඩි පිරිසක්‌ පිළිස්‌සී මළහ. නයිජීරියාවේ මෝටර් සයිකල් වැඩි හරියකට සවි කර ඇත්තේ ට්‍රක්‌ රථවලට සවි කරන විශාල නළා ය. මෝටර් සයිකල්වල ගමන් කරන වැඩිදෙනාට හෙල්මට්‌ නැත. ඔවුන් සිය නළා හඬවමින් පාර දෙවනත් කරගෙන යන වේගවත් ගමන් බොහෝවිට කෙළවර වන්නේ මරණයෙනි.
qTGJeau.jpg

නයිජීරියාවේ තෙල්වලින් ඩොලර් බිලියන ගණනක්‌ උපදවන නමුදු පාරවල්වල අයිතිය සම්බන්ධයෙන් මතභේද පවතින නිසා ඒවා අලුත්වැඩියා කරනු නොලැබේ. කවර පාරක්‌ මධ්‍යම ආණ්‌ඩුවට අයත්ද, කවර පාරක්‌ ප්‍රාන්ත ආණ්‌ඩුවට අයත්ද, කවර පාරක්‌ ප්‍රාදේශීය සභාවලට අයත් ද යන්න තෝරා බේරා ගැනීමට බැරි තරමට ඒ රටේ පරිපාලනය අවුල්ය. පාරවල් අලුත්වැඩියා කිරීමට වෙන් කරන මුදල් ගසාකනු ලැබේ.
car-crash-101.jpg

ලාගෝස්‌ - ඉබදුන් අධිවේගී මාර්ගය කිලෝ මීටර් දහස්‌ ගණනක්‌ දිගය. මීට පස්‌ වසරකට පෙර මේ පාරේ කිලෝමීටර් 1600 ක්‌ යැමට දින දෙකක්‌ ගත විය. අද දින පහක්‌ ගත වේ. දින පහක්‌ ගත වී ගමනාන්තයට යන විට වාහනය යළි පාවිච්චි කළ නොහැකි තරමට අබලන් වෙලාය·

 
Last edited:

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,591
    17,655
    113
    Auckland
    යකො මෙව්ව පාරවල්ද නැත්තන් වෙන මොනව හරිද ? යකො වත්තක් මැදින් වාහනයක් පැදන් ගියත් ඔච්ච්‍ර අවුලක් නැතුව ඇති
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    තව ටික දවසකින් මෙහෙත් ඔය වගේ වෙයි මේ යන යැවිල්ලට. පගා මරුවෝ නෙ ඉන්නේ.....good post machan. you must spread some..... :(
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,655
    113
    Auckland
    කයිබර් පාර පකිස්තානෙ-ඇෆ්ගනිස්තානෙ අතර නේද තියෙන්නෙ ? ඉන්දියාවටත් එකෙන් යනවද ? ඉන්දියාව පතරන්ග බොඩර් එකක් ගහල තියනව නේද පකිස්තානෙ වෙන් වෙන්න ? පොඩ්ඩක් ඔක ගැන පැහැදිලි කිරිමක් කරපන්කො :D
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    නියම ලිපියක් මචන්.කාලෙකට පස්සේ