ලෝකය බේරාගත් මිනිසා

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ලෝකය බේරාගත් මිනිසා

    rDjpfKF.jpg

    බොහෝ පුද්ගලයෝ වීරයන් බවට පත් වන්නේ යම් දෙයක් කිරීමෙන්ය.ස්ටැනිස්ලව් පෙට්‍රොව් විරයෙක් බවට පත් වූයේ කිසිවක් නොකර සිටීමට ගත් නිර්භීත තීරණයක් නිසාය.ලෝකය බේරාගත් මිනිසා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ස්ටැනිස්ලව් පෙට්‍රොව් වයස අවුරුදු 77දී මිය ගිය මුත් ඔහුගේ මරණය එළිදරව් වන්නේ සැප්තැම්බර් මාසයේ 18දාය.මොහු සෝවියට් දේශයේ මොස්කව් නගරයෙන් පිටත පිහිටා ඇති පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානයේ ප්‍රධානිය ලෙස කටයුතු කල නිලධාරියෙකි.ඔහු 2017 මැයි මස 19දා දිවියෙන් සමුගෙන ගියේය.

    ස්ටැනිස්ලව් පෙට්‍රොව් මෙතරම් විශේෂිත පුද්ගලයෙක් වූයේ ඇයි?අනෙක් නිලධාරීන් නියමයන්ට අනුව ක්‍රියා කරද්දී 1983 සැප්තැම්බර් මස 26 දා ඇති වීමට ගිය න්‍යෂ්ඨික යුද්ධය වළක්වාලීමට ඔහු ස්වයං තීරණයක් ගැනීම 'ලෝකය බේරා ගත් මිනිසා' යන නමින් හඳුන්වන්නට හේතු විය.

    0yYQlM6.jpg
    ස්ටැනිස්ලව් පෙට්‍රොව්​




    සීතල යුද්ධයේ අවිනිශ්චිතභාවය

    සීතල යුද්ධය එහි උච්චතමය ස්ථානයට ලගා වූයේ සෝවියට් දේශය සහ ඇමෙරිකා එක්සත් ජනපදය න්‍යෂ්ඨික අවි යොදාගෙන එකිනෙකා වනසා ගැනීමට තත්පර කිහිපයක් පිටුපසින් සිටිමින්ය.සති කිහිපයකට පෙර සෝවියට් දේශයේ ඈත පෙරදිග ප්‍රදේශයේදී දකුණු කොරියානු මගී ගුවන් යානයක් බිම හෙළුයේ එය සෝවියට් ගුවන් සීමා උල්ලංඝනය කිරීම නිසාය.එසේම එවකට ඇමෙරිකාවේ ජනපති වූ රොනල්ඩ් රේගන් යුද්ධය ප්‍රිය කරන අයෙක්ද විය.

    lJHt4Oa.jpg
    Don-2N radar(නේටෝ නාමය: Pill Box)මොස්කව් නගරයෙන් පිටත පිහිටා තිබෙන දැවැන්ත මිසයිල ආරක්ෂණ සහ පූර්ව අනතුරු ඇඟවීම් රේඩාර් මධ්‍යස්ථානයකි.​

    එදින මධ්‍යම රාත්‍රියෙන් පසුව පාලක පුවරුව වාර්තා කලේ එක් බැලස්ටික් මිසයිලයක් සෝවියට් දේශය දෙසට එමින් සිටින බවයි.පසුව එක්සත් ජනපදය දෙසින් තවත් මිසයිල 4ක් තම රට දෙසට දියත් කර තිබෙන බව පුර්ව අනතුරු ඇඟවීම් පද්ධතිය විසින් වාර්තා කරන ලදි.පෙට්‍රොව්ගේ රාජකාරිය වූයේ සෝවියට් දේශය ඉලක්ක කරගෙන දියත් කරන මිසයිල සම්බන්ධව ඉහළ පෙළේ බලධාරී දැනුවත් කිරීමයි.ඉන්පසු ඔවුන් ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර දියත් කරයි.එහි ප්‍රතිඵලය වන්නේ මානව වර්ගයාගේ අවසානය ළගාවන න්‍යෂ්ඨික යුද්ධයකි.

    එවකට 44 වන වියේ පසුවූ පෙට්‍රොව් මෙම සිදුවීම ඔහුගේ ඉහළ නිලධාරීන්ට වාර්තා නොකලේය.පරිගණක,චන්ද්‍රිකා ඇතුලු පූර්ව අනතුරු ඇගවීමේ පද්ධතියේ දෝෂයක් නිසා වැරදි සහගත තොරතුරක් ලබා දී ඇතැ‍යි යන උපකල්පනය මත පිහිටා ඔහු තීරණයක් නොගෙන සිටියේය.පෙට්‍රොව්ගේ තීරණය නිවැරදි බව පසුව හෙළිවිය.ඇමෙරිකානුවන් එවැනි මිසයිල ප්‍රහාරයක් දියත් කර නොතිබිණි.ඉහල අහසේ වලාකුලු වලට හිරු එළිය පරාවර්තනය වීම හේතුවෙන් ඔත්තු බැලීමේ චන්ද්‍රිකා දෝෂ සහගත තොරතුරු සැපයීම එවැනි ව්‍යාජ අනතුරු ඇගවීමක් වාර්තා වීමට හේතු වී තිබිණි.

    ei4fGvD.jpg
    ලුතිනන් කර්නල් ස්ටැනිස්ලව් පෙට්‍රොව් සිය නිල ඇඳුමෙන්​

    පෙට්‍රොව් ලුතිනන් කර්නල් තනතුරේ සිට විශ්‍රාම යන තෙක් මෙම සිද්ධිය පිළිබදව ලෝකය දැන සිටියේ නැත.1998 වර්ෂයේදී පළමුවරට ඔහු මේ සිද්ධිය අනාවරණය කරන ලදි.එම ක්‍රියාව වෙනුවෙන් පෙට්‍රොව් සෝවියට් හමුදාවේ කිසිදු උසස්වීමකට සුදුසුකම් නොලැබීය.නමුත් සිද්ධිය සම්බන්ධව ලෝකය දැනුවත් වීමෙන් පසුව පෙට්‍රොව්ගේ තීරණය ප්‍රශංසාවට ලක්විය."ලෝකය බේරා ගත් මිනිසා" යන අන්වර්ථ නාමයෙන් ඔහුව හඳුන්වන්නට පටන් ගන්නේ එතැන් පටන්ය.ඩ්‍රෙස්ඩන් සම්මානය ඇතුලුව ජාත්‍යන්තර සම්මාන කිහිපයකින්ම පිදුම් ලැබූ පෙට්‍රොව් 2013 වර්ෂයේදී ඩ්‍රෙස්ඩන් සම්මානය දිනා ගන්නා විට මෙසේ ප්‍රකාශ කරන ලදි.

    "මම කිසිම වීරකමක් කලේ නැහැ.මට මාව වීරයෙක් ලෙස දැනෙන්නේ නැහැ.මම කලේ මගේ කාර්යය සහ මම් ඒක කල විදියට කැමතියි"





    ඔහුගේ තීරණයට හේතුව

    තමන් ගත් බරපතල තීරණයට හේතු පෙට්‍රොව් මහතා මෙසේ විස්තර කරන ලදි.

    "පාලක පුවරුව පෙන්වූයේ මිසයිල 5ක් පමණක් දියත් කර තිබෙන බවයි.නමුත් එක්සත් ජනපදයට අත්‍යාවශයෙන්ම සෝවියට් දේශයට පහරදීමට උවමනාවක් තිබේ නම් ඔවුන් මිසයිල 5ක් නොව මිසයිල සියගණනක් දියත් කර යුතුව තිබුණා.මිනිත්තු 23කට පසුව කිසිවක් සිදුනොවූ බව මට තේරුම් ගියා."

    rotQQgE.jpg
    ස්ටැනිස්ලව් පෙට්‍රොව් සම්මානයක් ලබාගත් අවස්ථාවක්​

    පසුගිය බ්‍රහස්පතින්දා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හමුවකදී ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන්,ස්ටැනිස්ලව් පෙට්‍රොව් සම්බන්ධව මතකය අවදි කලේය.

    "සීතල යුද ඉතිහාසයේ වැදගත් තැනැත්තෙක් වූ නමුත් වැඩිදෙනෙක් නොදන්නා චරිතයක් මියගිය බව මේ සතියේදී වාර්තා වුනා.ඔහුගේ නම ස්ටැනිස්ලව් පෙට්‍රොව්.ඔහුව ලෝකය බේරා ගත් මිනිසා යන නමින්ද හඳුන්වයි.මෙම සිද්ධිය න්‍යෂ්ඨික අවිවල අවදානම් සහගතබව කොතරම් ඉහළද යන්න පෙන්නුම් කරයි."

    The Man Who Saved the World(2014)වාර්තා චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය




    Source:sputniknews.com,RT.com

    -HarshaLulzSec-