~ලෝසක~මහ~රහත්~තෙරණුවෝ

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ~ලෝසක~මහ~රහත්~තෙරණුවෝ

    අපි හැම කෙනෙකුගෙම ගෙදර සීවලී පින්තූරයක් එල්ලලා තියනවා. ඒ බුද්ධ සාසනයේ ලාභින් අත්තරින් අග්‍ර වන්නේ අපේ සීවලී මහා හාමුදුරුවෝ නිසයි. සීවලී හාමුදුරුවන්ගේ ලාභී ගුණයට සම්පූර්යනයෙන්ම වෙනස් තවත් මහ රහත් හිමි කෙනෙක් හිටියා කියලා ඔයාලා දන්නවාද? මම කියන්න යන්නේ ඒ කතාව.

    ලෝසක හාමුදුරුවෝ.

    බුද්ධ කාලයේ කොසොල් නුවර එක්තරා විදියක දුප්පත් දරුවෙක් වාසය කරලා තියෙනවා. මේ දරුවාට කිසිම කෙනෙක් සිගමනක් දෙන්නේ නැහැ. කිසිම කෑමක් ලැබෙන්නේ නැහැ. මේ දරුවා ජීවත් වෙලා තියෙන්නේ කුනුගොඩවල් හාරා අවුස්සා කෑමෙනුයි. ඒ ලැබෙන කෑමත් සරිලන්නේ යැපීමට පමනයි.බඩ පිරෙන්නට මුලු ජීවිත කාලේම කිසිම කෑමක් කාලා නැහැ. ටික කලක් යනකොට කාත් කවුරුත් නැති මේ දරුවාගේ සිරුර නහර වැල් ඉලිප්පිලා පඬූ පාටට හැරිලා තියෙනවා.


    දවසක් අපේ සැරියුත් මහා හාමුදුරුවෝ සැවැත් නුවර මහා විදියේ පින්ඩපාතයේ වඩිනකොට මේ අසරන දරුවා දැක්කා. දැකලා ඒ දරුවා ගැන අනුකම්පා කරලා පැවදි කර ගත්තා. ලෝසක හාමුදුරුවෝ නමින්. පැවදි උනා කියලා උන් වහන්සේට වෙනසක් උනේ නැහැ. දානය ගිලන් පස ලැබීම අතින් බොහෝම අන්ත තත්වයක තමයි උන් වහන්සේ හිටියේ.කොසොල් රජුගේ අසදෘෂ මහා දානයේදීවත් හරි හැටි ආහාරයක් ලැබුනේ නැති බව තමයි කියවෙන්නේ. සිව්පසය ලැබීම අතින් ලෝසක හාමුදුරුවෝ වගේ දුර්වල හිමි නමක් මුලු බුද්ධ ශාසන්යේම නැති තරම්.

    උන්වහන්සේට දානය පිලිගන්වනකොට පාත්‍රයේ කට දක්වා පිරීගියා මෙන් මිනිසුන්ට පෙනිලා තියෙනවා. ඒ උන්වහන්සේ පෙර කර තිබූ අකුසල කරිම නිසා. මේ ආකාරයෙන් ටික කලක් ගත වුනා. ලෝසක තෙරුන්ට මේ භවයේ විදිනා දුක ටික ටික තේරෙන්න ගත්තා. උන් වහන්සේ ගණයා කෙරෙන් වෙන්වෙලා කෙලෙස් තවන වෙර ඇතිව විදසුන් වඩා මහ රහත් භාවයට පත් වූවා. රහත් වුවා කියලත් වෙනසක් උනේ නැහැ. සිව් පසය ලැබීම අතින් බොහෝම අන්ත තත්වයක තමයි උන් වහන්සේ සිටියේ. බත් ලැබෙනකොට බත් ලැබෙන්නේ හැන්දයි. කඩල ඇට දෙක තුනයි.

    මෙසේ බොහෝම අමාරු තත්වයක උන් වහන්සේ ජීවත් උනා. කෙමෙන් කෙමෙන් උන් වහන්සේ පිරිණිවන් පානා දවස උදා වුනා. එදින පෙරවරුවේ දම් සෙනෙවි සැරියුත් මහා හාමුදුරුවො, ලෝසක තෙරනුවෝ පිළිබදව අතීතය ආවර්ජනා කරමින් සිටියා. උන් වහන්සේගේ දිවැසට ලෝසක තෙරනුවන් එදින සවස් ජාමයේ පිරිණිවනට වඩිනා බව පෙනීගියා. ලෝසක හාමුදුරුවෝ මුලු ජීවිත කාලය පුරාවටම බඩ පිරෙන තරමේ ආහාරයක් වලදා තිබුනේ නැති බව උන් වහන්සේට පෙනී ගියා. මම අදවත් ආහාරයකින් සoග්‍රහ කල යුතුයි කියා සිතූ සැරියුත් හාමුදුරුවෝ ලෝසක තෙරුන් සමග පින්ඩපාතයේ වැඩියා සැවැත් නුවර වෙත. සියලුම මිනිසුන් සැරියුත් මහ තෙරුන්ගේ පාත්‍රයට අහාර පූජා කරා. නමුත් සැරියුත් හාමුදුරුවන් සමග වැඩි ලෝසක තෙරුන්ට කිසිවක් පූජාකලේ නැහැ. සැරියුත් තෙරුන්ට එසේ වීමට හේතු වැටහුනා. දෙවන අවස්ථාවේ ලෝසක තෙරුන් විහාරයට පිටත් කරවා සැරියුත් තෙරුන් තනිව පින්ඩපාතයේ වැඩියා. පාත්‍රය පිරී ගිය පසුව උන් වහන්සේ පුද්ගලයෙකු ගෙන්වා ඒ ආහාර පාත්‍රය ලෝසක තෙරුන් වෙත පිටත් කර යැවුවා. නමුත් ඒ පුද්ගලයා අතරමගදී ඒ සියලු අහාර අනුභව කලා.

    මදක් දවල් වී
    සැරියුත් හාමුදුරුවන් ලෝසක තෙරුන්වෙත පැමින මම ඔබ වහන්සේට දවල් ආහාර පාත්‍රයක් පුරවා එවනු ලැබුවා. ඔබ වහන්සේට ඒවා ලැබුනා දැයි විමසා සිටියා. එවැනි යමක් තමන් වහන්සේ වෙත නොලැබුන බව ලෝසක තෙරුන්, සැරියුත් හාමුදුරුවන් වෙත ප්‍රකාශ කලා. පෙර කර්ම වල විපාක හොදහැටි වටහාගෙන සිටි සැරියුත් හාමුදුරුවෝ මේ පින්ඩපාතයට කාලය නොවයි. යන්නට ඇත්තේ රජ මැදුර පමනයි සිතා තනිවම කොසොල් රජුගේ මාලිගාවට වැඩම කලා. අවේලාවේ තම මැදුරට පින්ඩපාතයේ වැඩි සැරියුත් තෙරනුවන් හට රජතුමා චතුමදුර පූජාකලා.
    ඒ පාත්‍රය රැගෙන ලෝසක තෙරුන් වෙත ගිය සැරියුත් හාමුදුරුවෝ තම පාත්‍රය තුල ඇති චතුමදුර වලදන ලෙන ලෝසක තෙරුන්ට කියා සිටියා. නමුත් සැරියුත් හාමුදුරුවන්ට ඇති ගෞරවය නිසා ලෝසක තෙරුන් කිසිවක් නොපවසා පසකට වී සිටියා. ඒ බව දුටු සැරියුත් තෙරුන් "ඇවැත්නි පසුබට වෙන්න එපා. මම පාත්‍රය අල්ල ගෙණ සිටින්නම්. එසේ නොවුනහොත් මේ සියලු චතුමදුර අතුරුදහන් වී යනු ඇත. මෙහි එන්න. ඇවිත් මේ චතුමදුර වළදන්න" යැයි පවසා සිටියා. ලෝසක තෙරනුවො,
    සැරියුත් හාමුදුරුවෝ පාත්‍රය අල්ලා සිටියදීම චතුමදුර වැළදුවා. සැරියුත් හාමුදුරුවන්ගේ අනන්ත අප්‍රමාන සීල බලය නිසා පාත්‍රය තුල වූ ආහාර වලට කිසිවක් වුනේ නැහැ. ලෝසක තෙරුන් මුලු ජීවිත කාලය පුරාවටම බඩකට පුරා ඇති තරම් ආහාර වැළදුවේ මෙදින පමනයි. ඒ අපේ මහා සැරියුත් හාමුදුරුවන්ගේ පිහිටෙන්.

    මේ දානය වළදා නොබෝ වේලාවකින් උන් වහන්සේ අපවත් වුනා. ලෝසක තෙරුන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කර වෙහෙරක් කරවීමට අප මහා බුදුරජානන් වහන්සේ කටයුතු කලා.

     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ගොඩාක් පින්
    වටිනා දෙයක් ගොඩාක් වටිනා දෙයක්
    රෙප්+ දෙන්න බැලූ
    තෝරන් වලට දුන්න නිසා
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගොඩාක් පින්
    වටිනා දෙයක් ගොඩාක් වටිනා දෙයක්
    රෙප්+ දෙන්න බැලූ
    තෝරන් වලට දුන්න නිසා

    බුදු සරණයි යාලුවා
    කොහොමද රෙප් දෙන්නෙ..එක දවසෙම..හෆොයි!

    thanks for the valuable post bro

    rep 4+ added,,,godak pin...kathawa ahala tibba...good post

    good post...!!!!


    ස්තුත්යි හැමෝටම.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    ගොඩ දවසකින් කියවපු වැදගත්ම ලිපිය:D
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    ගොඩක් පිං
    මේ කතාව මං අදයි දැනගත්තේ...ස්තුතියි....