ලෞකානිකොස්
ග්‍රීසියේ අයාලේ ගිය බල්ලෙක් තමයි මේ ලෞකනිකොස් කියන්නේ. ග්‍රීක් භාෂාවෙන් ලෞකානිකොස් කියන්නේ සොසේජ් එකකට. කලින් මේ බල්ලාට නම තිබුනේ තියඩෝර් කියලා.
ලෞකානිකොස් ගොඩක්ම ජනප්‍රිය වෙන්නේ ග්‍රීසියේ පීඩිත පන්ති උද්ගෝෂණ වලට සහභාගී වීම නිසයි. හැම වෙලේම ග්‍රීසියේ තිබුන උද්ගෝෂණ මර්ධනය කරන්න කැරළි කාර පොලිසියට නිතරම බුරන සපාකන්න ඉදිරිපත් වෙන ලෞකානිකොස් ගොඩක් ජනප්‍රිය චරිතයක් උනා. පොලිසියටත් මේ බල්ලා තර්ජනයක් උනා කිව්වොත් නිවැරදි මොකද හැම උද්ගෝෂණයක්ම ආවරණය කරන්න යන මාධ්‍ය වේදීන් ලෞකානිකොස් ප්‍රධාන මාතෘකාව කරගත්තා. කැරළි මර්ධන පොලිසියේ කඳුළු ගෑස් කකා ඒ ගෑස් කැනිස්ටර් නැවත පොලිසිය වෙතම ගිහින් දාන්නත් මේ ලෞකානිකොස් සමත් උනා. පොලිසියට මේ බල්ලා මර්ධනය කරලා තවත් සවුත්තු වෙන්න බැරි නිසා පොලිසියත් මේ බල්ලා ඔහේ හිටපු දෙන් කියලා ඔවුන්ගේ කැරළි මර්ධන වැඩ පිළිවෙල කරන් ගියා.
ලෞකානිකොස් ජීවත් වෙන්නේ 2005 - 2014 කාල වල. 2009 උද්ගෝෂණ වල නිතරම පෙනී සිටියා. අයාලේ යන බල්ලෙක් උනත් උද්ගොෂකයන් ලෞකානිකොස්ව හොඳින් බලා ගත්තා. කැව්වා, නෑව්වා අවශ්‍ය බෙහෙත් එහෙමත් දුන්නා ඒත් කොහෙවත් නිතරම අයාලේම තමයි ගමන. උද්ගෝෂණ උග්‍ර වන තරමට ලෞකානිකොස් ඒ මැද.
2014දී ලෞකානිකොස් මිය යනවා. ඒ මියයන්නෙත් විෂ දුම් ආශ්වෂ වෙලා කියලා තමයි කියන්නේ. 2011 ටයිම් සඟරාවේ ජනප්‍රියම "Person of the Year " ලෙසට නම් කෙරෙනවා. ලෞකානිකොස් මිය ගියාම මේ බල්ලා වෙනුවෙන් පොඩි මළගයෙකුත් සංවිධානය කෙරුණා. දැනටත් ග්‍රීසියේ මුගේ චිත්‍ර සිහිවටන දැකගන්න තිබෙනවා.