වට්ටක්කා සුප්

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    foodiesfeed.com_hokkaido-pumpkin-soup.gif


    අවශ්‍ය ද්‍රවය

    වට්ටක්කා 500g

    සුදුළුණු බික් 5ක්

    කරපිංචා කිනිති 4ක්

    ක්ෂණික නුඩ්ල්ස් පැකට් 1ක්

    ගම්මිරිස් කුඩු තේ හැදි 2ක්

    ඉගුරු ඉස්ම(අවශ්‍ය නම් ) තේ හැදි 1ක්

    ලුණු අවශ්‍ය ප්‍රමාණයට

    වට්ටක්කා සුප් සාදන ක්‍රමය

    පළමුව වට්ටක්කා පොතු ඇර, ඇට ඉවත් කර හොදින් සෝදා ගන්න. ඉන්පසු කුඩා කැබලි වලට කපා, තම්බා ගන්න. වට්ටක්කා හොදින් තැම්බුණු පසු වතුර සමග නිවෙන්නට හරින්න. වට්ටක්කා හොදින් නිවුණු පසු බෙලෙන්ඩර් කරගන්න*. බෙලෙන්ඩර්යක් නැති නම් හැන්දකින් හෝ බෝතලයකින් වට්ටක්කා ටික පොඩිකරගන්න.

    කරපිංචා හා සුදුළුණු ගොඩක් පොඩිවට කපා ගන්න. ටිකක් ලොකු භාජනයක් ලිප මත තබා එයට තෙල් මේස හැදී 1ක් පමණ දමා** පොඩිවට කපා ගත කරපිංචා හා සුදුළුණු එක් කර ටික වෙලාවක් බැදගන්න. ඉන්පසුව දියකරගත් වට්ටක්කා මිශ්‍රණය ද වතුර අඩු කෝප්ප 2ක් ද එම භාජනයට දමන්න. එම මිශ්‍රණය පැසෙන විට ක්ෂණික නුල්ඩ්ස් පැකට් එකේ රසකාරක පැකට් එක එක් කරන්න. ක්ෂණික නුල්ඩ්ස් එක අතින් පොඩිවට කඩා මිශ්‍රණයට දමන්න. අවශ්‍ය පරිදි ලුණු දමා හොදින් තැම්බෙන්න හරින්න. රස අඩු නොවෙන්න වතුර අවශ්‍ය ප්‍රමාණයට එක කරන්න. තව විනාඩි කිහිපයක් හොදින් සුප් එක පැසවා(රත් කර) ලිපෙන් බා ගන්න.

    *උණුවෙන් බෙලෙන්ඩර් කරන්න එපා හැමතැනම වට්ටක්කා ඉහිරෙන්න ඉඩ තියෙනවා 😐 .