වට්ටක්කා_දළු_නියඹලාව

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    වට්ටක්කා_දළු_නියඹලාව


    blog2.png

    පහුගිය දවස් වල අපේ පළාතට හොඳට වැහැපු නිසා එළවළු කොටුවෙ හොඳ පලදාවක් ලැබෙන ලකුණු පහළ වෙලා. වට්ටක්කා ගාලත් යායට හැදිලා. කොළ අස්සෙ පුංචි පුංචි වට්ටක්කා පැටව් හැංගිලා. මේක දැක්කට පස්සෙ තමයි මතක් උනේ කාලෙකින් වට්ටක්කා දළු නියඹලාවක් කෑවෙ නෑනෙ කියලා. ඉතින් හදලා බලමුද නියඹලාවක්.

    වට්ටක්කා දළු හරියෙන් වෙන්න ටිකක් කඩා ගන්න. මෝරපු දඬු ගන්න එපා. දඬු වල බූව පිහියකින් යන්තමට අයින් කර ගන්න.ඊට පස්සෙ හොඳට හෝදලා අරගෙන තරමක ලොකු කැබලි හිටින්න කපාගන්න.

    ඊලඟට අමු මිරිස් කරල් දෙකක්, රතු ලූණු ගෙඩි දෙක තුනක්, කරපිංචා ටිකක් හීනියට ලියලා එකතු කරන්න. ඒකටම ලුණු ටිකක්, කහ චුට්ටක්, තුනහප එකතු කරගන්න. උම්බලකඩ ටිකකුත් යහමින් එකතු කරගන්න.

    ඊළඟට පොල් බෑයක විතර පොල් ගාලා, ඒකෙන් මිටක් විතර වෙනම ඉතුරු කරලා, ඉතුරු පොල් ටික මිරිකගන්න. දියකිරි ටික වට්ටක්ක දළු එකට එකතු කරලා මිටිකිරි ටික වෙනම තියන්න. මතක තියාගන්න ගොඩක් කිරි එකතු කරන්න එපා. දැන් ඒක ලිපේ තියලා ඉතුරු වැඩ ටික කරමු.

    කලින් අරන් තියා ගත්පු ගා ගත්තු පොල් ටිකත් එක්ක, ගම්මිරිස් ටිකක්, සුදු ලූණු බික් දෙකක් තුනක්, අබ ටිකක්, කුරුඳු කෑල්ලක් සහ හෝදලා ගත්තු හාල් මිටක් අරගෙන හොඳට අඹරගන්න.

    දැන් ලිපේ තියෙන වට්ටක්කා දළු එක පැහීගෙන එද්දි, ඉතුරු කරපු මිටිකිරි ටිකයි, අඹරගත්තු හාල් පොල් මිශ්‍රණයයි එකතු කරලා හොඳින් හැඳි ගාන්න.

    මතක තියාගන්න කොයි වෙලාවකවත් හට්ටිය වහන්න එපා. එතකොට වට්ටක්කා දළු වල තියෙන ලස්සන කොළ පාට එහෙම්මම රැඳිලා තියේවි. දැන් ඒක පැහෙද්දි ලිපෙන් බා ගන්න.

    ගෑස් ලිපක ඇලුමිනියම් හට්ටියක උයනවට වඩා, දර ලිපක මැටි හට්ටියක හැදුවොත් තවත් රස වැඩියි කියලා ඔයාලට දැනේවි.

    http://lakmisher.blogspot.com/2012/02/blog-post_23.html
     

    121518

    Member
    Jan 7, 2015
    146
    12
    0
    ඔය විදියට නම් කාල නෑ. අම්මට කියලා බලන්න ඔනේ.
    මැල්ලුම වගේ නම් කාලා තියනවා.