වටේ_ගියෙමි

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ලොව වටා ගියෙමි.

මිට මාස කිහිපයකට උඩදී මා ඇමරිකාව බලා පියාසර කලෙමි.


සාමාන්‍යයෙන් මා සෑම වසරකට දෙතුන් පාරක් සංචාරය කලත් මේ ගමන විශේෂ එකක් උනා. මන්ද මා ලෝකය වටා ඉගිල ගියෙමි. එක පැත්තකින් ඉගිල ගොස් ලෝකයේ අනෙක් පසින් ලංකාවට පැමිණියෙමි. මේ සිවිශේෂී අවස්තාව elakiri සමජිකයෙන් හමුවේ සටහනක් තැබීමට මා හට සිත් විය.

world.jpg




ගමනක ඇරබුම

කොලබ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් -----> අබුඩාබි ඉන්ටර්නැෂනල් ----------ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් ගුවන්තොටුපොළ ---- අත්ලාන්තික් සාගරය හරහා ඇමරිකාවේ උතුරු කැරොලිනාහි චර්ලට් ගුවන්තොටුපොලට -------> කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ෆ්‍රෑන්සිස්කෝ වෙත

නැවත පැමිණීම.

සැන්ෆ්‍රෑන්සිස්කෝ --------> හොන්කොන් වෙත සහ එතනින් කෙලින්ම මාතෘභූමියට.


මල හිරු බසිනා සැන්දෑයාමේ ලංකාවෙන් සමුගෙන අහසට නැගුනෙමි.


IMGP0264.jpg


රාත්‍රියට චයාරුපයට නැගීමට කිසිවක් නොවූ හෙයින් චිත්‍රපටයක් බලමින් අබුඩාබි වෙත ගොඩ බැස්සෙමි.

ඔන්න මම දැන් අබුඩාබි ගුවන්තොටුපොළේ.

IMGP0029.jpg


IMGP0032.jpg



අබුඩාබි ට්‍රාන්සිට් එකේ සෙනග ගොඩක් වැඩියි. මොකද අබුඩාබි කියන්නේ සෙන්ට්‍රල් පොයින්ට් එකක්. ලෝකයේ නන් දෙසින් පැමිණෙන ගුවන් මගීන් ඇමරිකාවට , යුරෝපයට අප්‍රිකාව වගේ රටවලට ට්‍රාන්සිට් වෙන ස්ථානයක්. විශේෂයෙන් රාත්‍රියට තදබදය වැඩියි.

IMGP0279.jpg



සියලුම ට්‍රාන්සිට් වැඩකටයුතු අවසන් වී ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් වෙත යාමට එටිහාඩ් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගොඩනෙමි. අබුඩාබි සිට ෆ්‍රෑන්ක්ෆර්ට් දක්වා ගමන් කල කාලය මාගේ ජිවිතයේ කිසි දිනක අමතක නොවන සුවිශේෂිත මොහොතකි. පියාසර කාලය පැය හතක් ගෙවී ගියේ විදුලි වේගයෙනි. හේතුව නම් අති සුන්දර ඉන්දියානු ගැහැනු ළමයෙකු මුණ ගැසුණි. ඇය මාගේ අල්ලපු අසුනේ අසුන්ගෙන සිටියාය. ඇය කොතරම් මා සමග කුළුපග වුවාද කිවහොත් අපි අවසානයේ අපගේ ෆේස්බුක් ගිණුම් පවා හුවමාරු කරගත්තෙමු. අදටත් ඇය සතියේ සෑම සිකුරාදා දිනකම මාවෙත ඊමේල් ලිපියක් ලියන්නීය. ඇය නමින් ප්‍රිශා ය. ඉන්දියාවේ කල්කටාවේ උපත ලද වයස 13 සිටම ඇයගේ දෙමව්පියන් සමග ජර්මනියේ වාසය කරයි. අප අතර ඇති මිතුදම සදහටම පවතියයි මා අපේක්ෂා කරමි.

එටිහර්ඩ් ගුවන් යානයෙන් ජර්මනිය බලා යාමට සුදානමින්.

IMGP0034.jpg


මහා කාන්තාර පසු කරමින් යුරෝපා අහසට පැමිණියෙමි. එදින පොහොය දිනය වූ බැවින් සඳ මාමා අපට ප්‍රේමනීය හැඟීම් ඇතිකළේය ( වැඩිය හිතන්න එපා :lol: ) මේ සඳ මාමා ගේ චයරුපයක් ගැනීමට දැරූ අසාර්ථක උත්සාහයකි. මාගේ කැමරාවට මා දොස් පවරුවෙමි. යුරෝපා අහසේ පායන චන්ද්‍රයාගේ හාවෙක් නැත. හේතුව ඉන්ටර්නෙට් එකෙන් සොයා ගන්න ලෙස ඉල්ලමි.

IMGP0039.jpg


චූ දාන්න ගිහින් එනකොට ගත්ත චයාරුපයක්. :lol:

IMGP0044.jpg



කළු මුහුදට උඩින් පියාබන ගමන්.

IMGP0041.jpg



කලු මුහුදේ පින්තුරයක් ගත්තත් පාන්දර අඳුර නිසා පැහැදිලි මදි.

IMGP0042.jpg


ඔන්න දැන් යුරෝපානු අහසට එළිය වැටිලා.

IMGP0046.jpg



යුරෝපයට උඩින් තවදුරටත් පියාසර කරමින්

IMGP0047.jpg


ඔන්න දැන් මම ජර්මනියේ.

IMGP0049.jpg


IMGP0052.jpg


IMGP0059.jpg


IMGP0060.jpg


ඇමරිකාව බලා පියාසර කරන ඉතිරි හරිය තව ටිකකින් දාන්නම්. සෙල්ලන් නැහැ මචන් ටයිප් කරනවා කියන එක.

දෙවන කොටස සඳහා 6 වෙනි පිටුවට යොමුවන්න.

Click Here

 
Last edited:

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හොද ට්‍රිප් එකක්..
    ඉතුරුවත් දාමු..
    අර ඉන්දියන් කෙල්ලගේ ෆොටෝ එකක් දාපන් බලන්න