වඩු වැඩ ඉගෙනගමු

SamLeo

Active member
  • Sep 25, 2024
    123
    113
    43
    1750441832930.png


    මචංලා වඩු වැඩ එහේම ඉගෙන ගන්න හොද source එකක් නැද්ද
    hand book/ youtube
    මම දැනට නම් ටිකක් වැඩ කරනවා එත් හොදට ඉගෙන ගන්න ඔනේ
    විෂේෂයෙන් ලැලි වර්ග ගැන එ‍ෙහේම එවාගේ මිල ගනන්

    බම්ප් එකක් හරි දාගෙන යන්න
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    @NEMISIS මෙයා නම් දන්නවා.
    YT නං මේව තමයි,

    මේව ටූල්ස් යූස් කරලා ඉක්මනට කරන හැටි තියෙන්නෙ
    https://www.youtube.com/@SteveRamsey මමත් මුලින්ම බලන්න ගනිපු චැනල් එකක්
    https://www.youtube.com/@StumpyNubs

    පොඩි දේවල් මුල ඉඳන් ඉගෙනගන්නවා නං මේව, ගොඩක් වෙලාවට hand tool වලින් කරන්නෙ (Paul Sellers ගෙ චැනල් එකේ සෑහෙන වටින පොඩි පොඩි දේවල් ඉගෙනගන්න තියනවා)
    https://www.youtube.com/@Paul.Sellers
    https://www.youtube.com/@RobCosmanWoodworking
    https://www.youtube.com/@WoodByWrightHowTo
    https://www.youtube.com/@RexKrueger

    මෙකත් හොඳයි, මෙකෙ මුල ඉඳන් ඉගන ගන්න බැහැ expensive ටූල්ස් එහෙම යූස් කරලා ටිකක් කොලිටි වැඩ කරන හැටි තියෙන්නෙ
    https://www.youtube.com/@MattEstlea

    https://www.youtube.com/@matthiaswandel මේකත් ප්‍රොජෙක්ට් බේස්ඩ් හැබැයි අමුතු අමුත මැශින් ටූල් එහෙම හදන හැටි තියනවා.

    යූටියුබ් එකේ අපේ ස්ටයිල් එකේ furniture ටිකක් අඩුවෙන් හදන්නෙ ඒක නිසා වීඩියෝ ගොඩක් බලලා ටෙක්නික් ඉගෙනගෙන ඒව ඇප්ලයි කරන විදිය තමන් තේරුං ගන්න ඕන.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    සිංහලු කරන චැනල් ඔ්න තරම් තියෙනවා බන්. මාත් එ්වගෙන් බලාගෙන එක එක වැඩ කරගන්නවා මාර ආතල් එකක් තියෙන්නෙ එ්කෙත්.

    සුද්දොන්ගෙ එ්ව වල පෙන්නන අඩුම කුඩුම මෙහෙ හොයන්න අමාරුයි.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,260
    26,720
    113
    Kandy
    Carpenter NVQ Level 4 Courses in Sri Lanka ශ්‍රී ලංකාව තුළ Carpenter NVQ Level 4 සහතික පත්‍ර පාඨමාලා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) රාමුව යටතේ පිරිනමනු ලබනවා. මේ ලිපිය ලියන්න හිතුනේ අපි කරපු podcast එකක අහපු ප්‍රශ්නයක් නිසා අපි එකේ පෙන්නුවා ඔසී වල migration point system එකේ point 65ක් තුයෙනව නම්, ඔසී වලට carpentry skill visa දාන්න පුලුවන් කියලා. කොටින්ම කියනවා නම් ලංකාවේ වඩු බාස්ලාට NVQ 4 certificate එකක් එක්ක අවුරුදු 5ක වගේ පලපුරුද්දක් තියෙනවා නම්, ඔසී වීසා දාන්න මූලික සුදුසුකම සපුරා තියෙනවා. මේ NVQ qualifications ලාංකාවේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) විසින් අධීක්ෂණය කරනු ලබයි. ශ්‍රී ලංකාවේ NVQ පද්ධතිය විවිධ වෘත්තීන් සදහා ලබා ගන්න පුළුවන්, ඒ අතරින් වඩුකර්මාන්තය (carpentry) ද ඇතුළත්. මෙය සියලු කර්මාන්තවල ප්‍රමිතීන් සපුරාලීමටත්, දේශීය හා ජාත්‍යන්තර රැකියා අවස්ථා වැඩි කිරීමටත් උපකාරී වෙන සුදුසුකම් සහිත සහතික පත්‍රයක් ලබා ගන්න පුළුවන්.
    ඉතින් Carpenter NVQ Level 4 සහතික පත්‍රයක් ලබා ගන්නා පුළුවන් ආකාරය.
    වඩුකර්මාතය ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණු පද්ධතිය තුළ ප්‍රධාන වෘත්තියක් ලෙස හඳුනාගෙන තිබෙනවා. සහතික පත්‍රයක් නොමැතිව වුවත් හරි විදිහට කරනවා නම් හොඳ මුදල් උපයන්න පුළුවන් රැකියාවක් තමයි සිංහලෙන් කියනවා නම් වඩු බාස් කියන්නේ. ඉතින් මං හොයලා බලන කොට Carpenter NVQ Level 4 සහතික පාඨමාලා ලංකාවේ පිළිගත් ආයතන කිහිපයක් හරහා ලබා ගන්න පුළුවන්. ඒවාට ඇතුළත් වන්නේ
    වෘත්තීය පුහුණු අධිකාරිය (VTA): VTA යනු ශ්‍රී ලංකාව පුරා NVQ පාඨමාලා සපයන ප්‍රධාන ආයතනයක්. ඔවුන් වඩුකර්මාන්තය වැනි ඉදිකිරීම් සම්බන්ධ වෘත්තීන් සඳහා පුහුණුවක් වගේම සහතික පත්‍ර පිරිනමනවා. ඔවුන් Competency-Based Training (CBT) පාඨමාලා සපයනවා, එය ජාතික ප්‍රමිතීන්ට අනුකූල වන අතර, NVQ Level 4 ඇතුළත්ව, මූලික කුසලතා (NVQ Levels 1–3) මත පදනම් වූ උසස් තාක්ෂණික පුහුණුවක් ලබා දෙනවා.
    ජාතික ආධුනික හා කාර්මික පුහුණු අධිකාරිය (NAITA): NAITA වඩුකර්මාන්තයට වගේම අනිත් වෘත්තීන් සඳහා ජාතික කුසලතා ප්‍රමිතීන් සකස් කරනවා ඒවා පිළිගත් මධ්‍යස්ථාන හරහා පුහුණුව සපයනවා. ඔවුන්ගේ වැඩසටහන් බොහෝ විට NVQ Level 4 සහතිකය ඇතුළත් කරනවා, ප්‍රායෝගික කුසලතා සහ කර්මාන්තයට අදාළ විශේෂඥ දැනුම කෙරෙහි අවධානය යොමු කරනවා.
    තාක්ෂණික විද්‍යාල හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන: ශ්‍රී ලංකාව පුරා රජයේ තාක්ෂණික විද්‍යාල සහ වෘත්තීය පුහුණු ආයතන රැසක් NVQ Level 4 වඩු පාඨමාලා පිරිනමනවා. මෙම ආයතන TVEC සමඟ එක්ව පාඨමාලාවල පිළිගැනීම සහ ගුණාත්මකභාවය සහතික කරනවා.
    පෞද්ගලික පුහුණු ආයතන: TVEC විසින් පිළිගත් පෞද්ගලික ආයතන කිහිපයක් ද NVQ Level 4 වඩු පාඨමාලා පිරිනමනවා. මෙය මෙම ක්ෂේත්‍රයේ උසස් පුහුණුවක් ලබා ගැනීමට අපේක්ෂා කරන සිසුන්ට නම්‍යශීලී විකල්ප ලබා දෙනවා. නමුත් රජය හා සම්බන්ධ ආයතනයක් හරහා මෙය ගන්න පුළුවන් නම් එය තමයි වඩා වැදගත්.
    පාඨමාලා විස්තර
    NVQ Level 4 Carpenter සහතිකය යනු උසස් සහතික මට්ටමේ පාඨමාලාවක් වන අතර, එය Levels 1–3 දී ඉගැන්වූ මූලික දැනුමට ඔබ්බෙන් ගිය ප්‍රායෝගික කුසලතා සහ තාක්ෂණික දැනුම වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරනවා. මෙම මට්ටමේ දී, ඉගෙන ගන්නන්ට සංකීර්ණ කාර්යයන් ඉටු කිරීමට අපේක්ෂා කෙරෙනවා. ඒවාට ඇතුළත් වන්නේ:
    උසස් ලී වැඩ කිරීමේ තාක්ෂණය(Advanced woodworking techniques)
    ව්‍යුහාත්මක සංරචක ඉදිකිරීම (Construction of structural components)
    නවීන මෙවලම් සහ යන්ත්‍ර භාවිතය (Use of modern tools and machinery)
    තාක්ෂණික ඇඳීම සහ පිරිවිතර විග්‍රහ කිරීම (Interpretation of technical drawings and specifications)
    කුඩා කණ්ඩායම් සඳහා මූලික අධීක්ෂණ කුසලතා (Basic supervisory skills for small teams)
    මෙම පාඨමාලාවේ විෂය නිර්දේශය කර්මාන්ත විශේෂඥයින් විසින් සකස් කරන ලද ජාතික කුසලතා ප්‍රමිතීන් මත පදනම් වනවා. එය ඉදිකිරීම්, ගෘහ භාණ්ඩ සැකසීම සහ ආශ්‍රිත ක්ෂේත්‍රවල භූමිකාවන් සඳහා සිසුන්ව සූදානම් කරනවා. සාර්ථකව නිම කිරීමෙන් පසු, සිසුන්ට TVEC විසින් නිකුත් කරන ජාතිකව පිළිගත් සහතිකයක් ලැබෙනවා.
    NVQ Level 4 සහතිකය ලබා ගැනීමේ මාර්ග
    ශ්‍රී ලංකාවේ NVQ Level 4 Carpenter සහතිකය ලබා ගැනීමට ප්‍රධාන මාර්ග දෙකක් තිබෙනවා:
    Competency-Based Training (CBT): සිසුන් පිළිගත් පුහුණු ආයතනයක පාඨමාලාවකට ඇතුළත් වී, අවශ්‍ය මොඩියුල සම්පූර්ණ කර, ඔවුන්ගේ කුසලතා පෙන්වීම සඳහා තක්සේරුවලට භාජනය වෙනවා. මෙය මුලින්ම පටන්ගන්නා කෙනෙක්ට ඉතා වැදගත්. තමන්ගේ career එක පටන් ගන්නා කෙනෙක්ට තමයි වටින්නේ.
    Recognition of Prior Learning (RPL): විධිමත් සුදුසුකම් නොමැති පළපුරුදු වඩු කාර්මික ශිල්පීන් ඒ කියන්නේ තාත්තාගෙන් පුතාට හෝ හිතවත් කමට අඩු බාස් කෙනෙක් ළඟ වැඩට ගොස් ඉගෙනගත් දැනුම. ඔවුන්ගේ කුසලතා සහ අත්දැකීම්වල සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් (උදා: NAITA මාර්ගෝපදේශ අනුව Level 4 සඳහා වසර 5ක අදාළ වැඩ පළපුරුද්දක්) NVQ Level 4 සහතිකය සඳහා අයදුම් කළ හැකියි. තක්සේරු මණ්ඩලයක් ඔවුන්ගේ කුසලතා ජාතික ප්‍රමිතීන්ට අනුව ඇගයීමට ලක් කරනවා. එයාලා සතුටු වන ආකාරයේ දැනුමක් ඔයාලාට තියෙනවා නම් NVQ Level 4 certificate එකක් ගන්න පුළුවන්.
    වැදගත්කම සහ පිළිගැනීම
    NVQ Level 4 Carpenter සහතිකය ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයේ සේවායෝජකයින් විසින් වගේම ජාත්‍යන්තරවද පුළුල් ලෙස පිළිගනු ලබනවා. ඉස්සර මැදපෙරදිග වැනි දක්ෂ වෘත්තිකයින්ට ඉල්ලුමක් ඇති රටවලදී එය වැදගත් උවත් මෑත කාලයේ ඕස්ට්‍රේලියාවේ වගේම යුරෝපයේ රැකියාවන් සඳහාද මේ සුදුසුකම රැකියා සොයාගැනීමට වගේම වෘත්තීය ජීවිතයේ දියුණුව, ඉහළ වැටුප්, සහ තවත් පුහුණු අවස්ථා උදාකරනවා. (උදා: NVQ Level 5 Diploma in Construction Supervision) සඳහා මාවතක් විවර කරනවා.
    ඇතුළත් වීමේ ආකාරය
    පහත ආකාරයට වඩු කර්මාන්තයට අදාළ Carpenter NVQ Level 4 පාඨමාලා සොයා ගැනීමට පුළුවන්.
    පිළිගත් ආයතන සහ පාඨමාලා ලැයිස්තුවක් සඳහා TVEC වෙබ් අඩවිය (tvec.gov.lk) වෙත පිවිසෙන්න.
    වඩුකර්ම වැඩසටහන් පිරිනමන පුහුණු මධ්‍යස්ථාන පිළිබඳ විස්තර සඳහා VTA (vta.lk) හෝ NAITA (naita.gov.lk) අමතන්න.
    ශ්‍රී ලංකාව තුළ NVQ රාමුව යටතේ විවිධ පිළිගත් ආයතන හරහා Carpenter NVQ Level 4 සහතික පාඨමාලා තිබෙනවා. එසේ මෙම පාඨමාලා උසස් වඩුකර්මාන්ත කුසලතා ලබා ගැනීමට ව්‍යුහගත ක්‍රමයක් සපයා තියෙනවා. අපගේ අවවාදය නම් රජය හා සම්බන්ධ යක් පිළිගත් ආයතනයකින් එය ලබා ගන්නා ලෙසයි. එසේ ලබා ගැනීමෙන් ඔබගේ වෘත්තියේ ඉහළට යාමටත් යුරෝපයේ වගේම ඕස්ට්‍රේලියාව වැනි රටවල උනත් නව රැකියා අවස්ථා ලුහුබැඳීමට අපේක්ෂා කරන්නන්ට හොඳ අවස්ථාවක් උදා කරනවා.
     

    SamLeo

    Active member
  • Sep 25, 2024
    123
    113
    43
    YT නං මේව තමයි,

    මේව ටූල්ස් යූස් කරලා ඉක්මනට කරන හැටි තියෙන්නෙ
    https://www.youtube.com/@SteveRamsey මමත් මුලින්ම බලන්න ගනිපු චැනල් එකක්
    https://www.youtube.com/@StumpyNubs

    පොඩි දේවල් මුල ඉඳන් ඉගෙනගන්නවා නං මේව, ගොඩක් වෙලාවට hand tool වලින් කරන්නෙ (Paul Sellers ගෙ චැනල් එකේ සෑහෙන වටින පොඩි පොඩි දේවල් ඉගෙනගන්න තියනවා)
    https://www.youtube.com/@Paul.Sellers
    https://www.youtube.com/@RobCosmanWoodworking
    https://www.youtube.com/@WoodByWrightHowTo
    https://www.youtube.com/@RexKrueger

    මෙකත් හොඳයි, මෙකෙ මුල ඉඳන් ඉගන ගන්න බැහැ expensive ටූල්ස් එහෙම යූස් කරලා ටිකක් කොලිටි වැඩ කරන හැටි තියෙන්නෙ
    https://www.youtube.com/@MattEstlea

    https://www.youtube.com/@matthiaswandel මේකත් ප්‍රොජෙක්ට් බේස්ඩ් හැබැයි අමුතු අමුත මැශින් ටූල් එහෙම හදන හැටි තියනවා.

    යූටියුබ් එකේ අපේ ස්ටයිල් එකේ furniture ටිකක් අඩුවෙන් හදන්නෙ ඒක නිසා වීඩියෝ ගොඩක් බලලා ටෙක්නික් ඉගෙනගෙන ඒව ඇප්ලයි කරන විදිය තමන් තේරුං ගන්න ඕන.
    ගොඩාක් ස්තුතියි මචං මම මේ ටික බලන්න පටන් ගන්නම්
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම ඉස්සර නම් හැදුවා plywood වලින් එක් එක ඒව්වා එත් උපරිම අව්රුදු 3-4යි ගුල්ලො ගහලා ඉවර උනා දැන් නම් කාලේකින් හැදු‍වේ නැ
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    මම ඉස්සර නම් හැදුවා plywood වලින් එක් එක ඒව්වා එත් උපරිම අව්රුදු 3-4යි ගුල්ලො ගහලා ඉවර උනා දැන් නම් කාලේකින් හැදු‍වේ නැ
    කිරිල්ලිවල කිංස්ලිගේ කොලුවා නේද මේ
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    මම ඉස්සර නම් හැදුවා plywood වලින් එක් එක ඒව්වා එත් උපරිම අව්රුදු 3-4යි ගුල්ලො ගහලා ඉවර උනා දැන් නම් කාලේකින් හැදු‍වේ නැ
    උබ wood preservatives ගාන්නෙ නැද්ද?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    හම්මට සිරි මරු..
    මමනං වැඩ කරාට මෙලෝ දෙයක් දන්නෙ නෑ...
    ලී ගැන, වැද්දුම් ක්‍රම ගැන එහෙම දන්නෙ නෑ එහෙමට. කරන්නං වාලෙ කරන්නෙ...