Carpenter NVQ Level 4 Courses in Sri Lanka ශ්‍රී ලංකාව තුළ Carpenter NVQ Level 4 සහතික පත්‍ර පාඨමාලා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) රාමුව යටතේ පිරිනමනු ලබනවා. මේ ලිපිය ලියන්න හිතුනේ අපි කරපු podcast එකක අහපු ප්‍රශ්නයක් නිසා අපි එකේ පෙන්නුවා ඔසී වල migration point system එකේ point 65ක් තුයෙනව නම්, ඔසී වලට carpentry skill visa දාන්න පුලුවන් කියලා. කොටින්ම කියනවා නම් ලංකාවේ වඩු බාස්ලාට NVQ 4 certificate එකක් එක්ක අවුරුදු 5ක වගේ පලපුරුද්දක් තියෙනවා නම්, ඔසී වීසා දාන්න මූලික සුදුසුකම සපුරා තියෙනවා. මේ NVQ qualifications ලාංකාවේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) විසින් අධීක්ෂණය කරනු ලබයි. ශ්‍රී ...
පහත ආකාරයට වඩු කර්මාන්තයට අදාළ Carpenter NVQ Level 4 පාඨමාලා සොයා ගැනීමට පුළුවන්.
පිළිගත් ආයතන සහ පාඨමාලා ලැයිස්තුවක් සඳහා TVEC වෙබ් අඩවිය (
tvec.gov.lk) වෙත පිවිසෙන්න.
වඩුකර්ම වැඩසටහන් පිරිනමන පුහුණු මධ්‍යස්ථාන පිළිබඳ විස්තර සඳහා VTA (
vta.lk) හෝ NAITA (
naita.gov.lk) අමතන්න.
ශ්‍රී ලංකාව තුළ NVQ රාමුව යටතේ විවිධ පිළිගත් ආයතන හරහා Carpenter NVQ Level 4 සහතික පාඨමාලා තිබෙනවා. එසේ මෙම පාඨමාලා උසස් වඩුකර්මාන්ත කුසලතා ලබා ගැනීමට ව්‍යුහගත ක්‍රමයක් සපයා තියෙනවා. අපගේ අවවාදය නම් රජය හා සම්බන්ධ යක් පිළිගත් ආයතනයකින් එය ලබා ගන්නා ලෙසයි. එසේ ලබා ගැනීමෙන් ඔබගේ වෘත්තියේ ඉහළට යාමටත් යුරෝපයේ වගේම ඕස්ට්‍රේලියාව වැනි රටවල උනත් නව රැකියා අවස්ථා ලුහුබැඳීමට අපේක්ෂා කරන්නන්ට හොඳ අවස්ථාවක් උදා කරනවා.