වඩු_කාර්මිකයා කුණු දහනයක් හදයි!

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,907
    9,711
    113
    වඩු_කාර්මිකයා කුණු දහනයක් හදයි!

    කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවලට උග‍්‍ර ලෙස බලපා තිබෙන කසළ ප‍්‍රශ්නයට විසඳුමක් ලෙස කසළ පිළිස්සීමේ යන්ත‍්‍රයක් නිපදවීමට කොළොන්නාව මීතොටමුල්ල නව නිර්මාණකරුවෙක් සමත්වී සිටියි.

    ඔහු නමින් ආර්.ඒ. සරත් තිලකසිරි ය. කසළ කිලෝ පහක පමණ ප‍්‍රමාණයක් පුළුස්සා එම දුම් පරිසරයට හානිකර නොවන අයුරින් නිදහස් කිරීමටත් පිළිස්සීමෙන් අනතුරුව ඉතිරිවන දෑ කොම්පෝස්ට් පොහොර ලෙස භාවිත කිරීමටත් හැකිවන පරිදි මෙම යන්ත‍්‍රය නිපදවා තිබේ. මේසන් සහ වඩු තාක්‍ෂණික ශිල්පියකු වන ඔහු වසර දෙකක් තිස්සේ සිදුකළ පර්යේෂණ වලින් පසුව මෙම උපකරණය කුඩා පරිමාණයෙන් සකස්කර තිබේ. එහි ශක්‍යතාවය අනුව මේවන විට කසළ ටොන් දහයක් පිළිස්සීමට හැකියා ඇති යන්ත‍්‍රයක සැලසුමක් දැනටමත් ඔහු විසින් සකස් කර තිබේ
    මෙම යන්ත‍්‍රය කොටස් දෙකකින් සමන්විත පරිදි නිපදවීමට සැලසුම් සකස්කර තිබෙනවා. එක් කොටසකින් කසළ ටොන් පහ බැගින් ටොන් දහයක් මෙම යන්ත‍්‍රයට යොදන්න පුළුවන්. එහිදී කොටස් දෙකකට මෙම කසළ පිළිස්සෙනවා. එම පිළිස්සී අවසන් වන අවශේෂ කොටස් කොම්පෝස්ට් පොහොර බවට පත්කර පොල් වගාවට, කෙසෙල් වගාවට, ගොවිතැන ඇතුළු සෑම වගාවක් සඳහාම යොදාගන්න පුළුවන්. එමගින් පිටවෙන දුම් පරිසරයට අහිතකර වෙන්න පුළුවන් නිසා හීටරයක් සහිත ලොකු වතුර ටැංකියකට මෙමගින් පිටවෙන දුම් කවුළුව සම්බන්ධ කරනවා. මෙහි හීටරය මගින් අහිතකර අපද්‍රව්‍ය සහිත දුම පිරිසිදු කර වතුර ටැංකියට ලබාදෙනවා. වතුර ටැංකිය කොටස් දෙකකට බෙදා වෙන්කර තියෙනවා. පවතින ජල ප‍්‍රමාණයම වක‍්‍රානුකූලව නැවත ටැංකියට වැටෙනවා. එම නිසා වතුර අපතේ යෑමක් සිදුවෙන්නේ නෑ

    කොළඹ හා තදාසන්න නගරවල තිබෙන කසළ ප‍්‍රශ්නයෙන් නිදහස් වෙන්න මෙය හොඳ විකල්පයක් ලෙසයි මා දකින්නේ. මෙම යන්ත‍්‍රයෙන් පිටකරන අළු වලින් කොම්පෝස්ට් පොහොර නිපදවිය හැකි අතර බෝග වගාවේ ඵලදාව වැඩිකරන්න ඒවා ඉවහල් වෙනවා. මම ඒකල ඉංජිනේරු කාර්මික ජනපදයට ගිහින් එහි සිටින ඉංජිනේරු මහත්වරුන්ට මගේ මේ නිර්මාණය පෙන්වන්නුවා. ඔවුන් පවා මගේ නිර්මාණය අගය කළා. ඔවුන් කියා සිටියේ කෙසේ හෝ මෙය නිර්මාණය කර ඉදිරියට යන ලෙසයි.

    මෙවැනි ඵලදායී ක‍්‍රියාවලියකට පෞද්ගලික අංශය හෝ රජය හරහා ජනාධිපතිතුමාගේ අවධානය යොමුවෙලා මගේ මෙම නිර්මාණයට දායකත්වයක් ලබාදෙන්නේ නම් ඉදිරි අනාගතය කසළවලින් තොර ලස්සන රටක් බවට පත්කරන්න හැකිවෙනවා. මෙම යන්ත‍්‍රය නිපදවන්න පර්චස් 50 පමණක භූමි භාගයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මෙයට විශාල මුදලක් වැයකරන්න සිද්ධවෙනවා. එවැනි විශාල මුදලක් දැරීමට තරම් ශක්තියක් මට නෑ. ඒ නිසා උපකාර කළ හැකි අය මෙවැනි සමාජයීය ආයෝජනයකට උදවු කරන මෙන් මා ඉල්ලා සිටිනවා. මගේ බලාපොරොත්තුව තියෙන්නේ මගේ අතින්ම මෙය නිර්මාණය කිරීමයි.
    (ඔහුගේ දුරකතන අංකය 0728933378)


    13932787_1069190149825353_2403863920093005812_n.png


    13886968_1069190163158685_2222602655254681556_n.png


     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඩට... කරන්න පුලුවන්නම් හොඳ වැඩක්.:yes: මීතොට මුල්ල කුණුකන්දෙ තරම දැක්ක එලකිරියෙන් පොත් බෙදා දීමට ගියපු වෙලේ..:sorry:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,907
    9,711
    113



    උඩට... කරන්න පුලුවන්නම් හොඳ වැඩක්.:yes: මීතොට මුල්ල කුණුකන්දෙ තරම දැක්ක එලකිරියෙන් පොත් බෙදා දීමට ගියපු වෙලේ..:sorry:

    බැරිකමක් නැහැ බන්.ලංකාවේ වැඩකාරයෝ ඉන්නවා ඒත් අත දෙන්න එකෙක් නැහැ.උදාහරණයක් විදිහට චීනේ ටෙස්ලා වගේම හදන්න යන කාර් එක.ඒක නිර්මාණය කරන කෙනාට ඒකට වියදම් කරන්න සල්ලි නැහැ ඒත් චීනේ බිලියනපතියෙක් ඒකට බය නැතුව බිලියන ගාණක් ඉන්වෙස්ට් කරනවා..එක්කෝ ආණ්ඩුවෙන් උදව්වක් කරන්න ඕන නැත්නම් සල්ලිකාරයෙක් උදව්වක් කරන්න ඕන.ලංකාවේ ඔය දෙකම නැහැ.ඒකයි ලංකාව තාම එකම තැන.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,820
    1
    11,154
    113
    බම්ප්
    මෙයාලට උදව් කරන්ඩ එකෙක් නෑනේ...:sorry:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    සැබැවින්ම හොඳ ක්‍රියාවක්, උත්සහයක් මෙන්ම හොඳ නිර්මාණයක්. මම මේ දෙයක් කලාම විවේචනය කරනවා නොවෙයි. ලංකාවේ මිනිස්සු නිර්මාණ කලාට කිසිම දෙයක් ට්‍රාන්ස්පේරන්සි නැහැ . කිසිම ඩොකියුමන්ටෙෂන්ස් නැහැ. එහෙම දෙයක් නැතුව කිසිම කෙනෙක් ආයෝජනය කරන්නේ නැහැ. රජය ඇතුළුව.

    සමහරු මම මේක හැදුව අරක හැදුව කිවුවට ඇත්තටම එහෙම දෙයක් නැහැ. උදාහරණයක් විදිහට දැනට වසර කිහිපයකට උඩදී එක් තරුණයෙක් ජලයෙන් දුවන මෝටර් රථයක් නිපදුවා කියල පත්තරවල , අන්තර්ජාලයේ ගොඩක් ලිපි ගියා. මේක දැකපු අපේ ගොඩක් ජනතාව කිසි දෙයක් විමර්ශනය නොකර හා හූ ගගා බලන්න මේ තරුණයාට රජයෙන් අනුග්‍රහය දක්වන්නේ නැහැනේ කියල ඔය වගේම කිවුවා. තවත් සමහරු කිවුවා කොල්ලෝ උබ පරිසම් වෙයන් උබව ඇමරිකාවෙන් උස්සයි කියලා. ඔය සාමාන්‍ය දැනුම් තේරුම් නැති සාමාන්‍ය ජනතාවගේ අදහස්.

    පස්සේ ඔය මෝටර් රථය පිලිබඳ ආරංචි උනේ එකී තරුණයා විසින් කරනලද ප්‍රෝඩාවක් බවත්ය.

    මේ තරුණයාගේ එසේ නැතුව ඇති. නමුත් මේ වගේ නව නිරමාණ වල ගුණ අගුණ සොයා ඒවා වැඩි දියුණු කිරීමට රජය දිරි දිය යුතුයි.
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    :lol::lol: පිස්සෙක්...:yes: ලංකාව කියන්නේ කුණු එක්ක ඉන්න ඕනේ රටක්...ඕවට වියදම් කරනවට වඩා අපේ ඇමතිවරුන්ට සේවය කරන්න කොටි ගානක් දීල වාහන ගන්න ඊට වඩා හොදයි නේ...:yes:

    මූට මොලේ අමාරුවක් ද මන්ද...:rofl: රටේ ඇමතිවරු ඉද්දි මුන් මොකටද ප්‍රශ්න විසදන්න එන්නේ...ඇමතිවරු අපිට සේවය කරන්න බලාගෙන ඉන්නවා වාහන හම්බෙනකන්...තව මුන්ටත් නිකන් වියදම් කරපල්ලකෝ...මම නම් කියන්නේ මේ මිනිහව ජීවිතාන්තෙට හිරේ යවන්න ඕනේ රටේ සංවර්දනය ට තියෙන සල්ලි හොරකම් කරනවට මේ වගේ බොරු වැඩ කරලා....:growl::dull:
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,640
    532
    113
    ලන්ඩන් වත්ත
    :lol::lol: පිස්සෙක්...:yes: ලංකාව කියන්නේ කුණු එක්ක ඉන්න ඕනේ රටක්...ඕවට වියදම් කරනවට වඩා අපේ ඇමතිවරුන්ට සේවය කරන්න කොටි ගානක් දීල වාහන ගන්න ඊට වඩා හොදයි නේ...:yes:

    මූට මොලේ අමාරුවක් ද මන්ද...:rofl: රටේ ඇමතිවරු ඉද්දි මුන් මොකටද ප්‍රශ්න විසදන්න එන්නේ...ඇමතිවරු අපිට සේවය කරන්න බලාගෙන ඉන්නවා වාහන හම්බෙනකන්...තව මුන්ටත් නිකන් වියදම් කරපල්ලකෝ...මම නම් කියන්නේ මේ මිනිහව ජීවිතාන්තෙට හිරේ යවන්න ඕනේ රටේ සංවර්දනය ට තියෙන සල්ලි හොරකම් කරනවට මේ වගේ බොරු වැඩ කරලා....:growl::dull:
    ubata witharaioka therune bn sirawatama:rofl: thamange wadak balagena inne nathuwa aluth dewal karanna yanawa:angry: kunu ithin thiyenawa thamai ithin. oya kunu kadu 5k 6k thibbai kiyala marennada. kunuth ekka inna minissu purudu wenna one.:rolleyes: therumak nathi wada karala rate sallith nasthi karannada koheda muge try eka. nathnam publicity ekak aran podi choon ekak ganna wenna athi:yes:
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ලංකාවේ මේ වගේ මිනිස්සුන්ට තැන දෙන්නෙ නෑ .
    පිටරටින් එන ගෙරි සුද්දන්ට නම් මල් මාලා දාලා පිලිගනී.
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    Lanka wa kiyanne kawadakwath goda ganna bari dupath manasikathwen jiwath wena minissu inna ratak suddo ape minisunge mola winasa karala lankawe kochara nawa nipayum karuwo innawada ahema ayata thanak deela dirimath karla goda gan na. Aduma tharame salakilakwath dak wan nane wena one nathi dewal walta salli winasa karana welawe me minisunwa udata gathanan ape rate tharan dakshayo me lokema nathiwa athi. kisima rajakin nawa nipayum karuwanta thanak na.