වධකභාරිගෙන් යළි ඇමතුමක්
වධකභාරීගෙන් යළි ඇමතුමක්
ඇය ආයෙත් කතා කළා
අලුත් අංකයකින්
තුවාලයට බෙහෙත් කළ විටම
ඇය ආයෙත් කතා කළා
අලුත් හඬකින්
තුවාලය සනීප වූ විටම
කුමක්දෝ මේ අරුම
යන්නටත් ඉඩ නොදෙන
ඉන්නටත් ඉඩ නොදෙන
වේදනා කෙළි දෙළෙන්
විටින් විට සතුටු වන
පෙර කළ පවක් මෙන
ඇයිද දැන් අමනාප
නොදන්නා විලසකින
අමතමින් මදහසින
ඇස්වලට වැලි ගසන
යළිත් වැලි පිස දමන
කවුරුදෝ නුඹ නම කියව?
- මාලන් විදානපතිරණ
වධකභාරීගෙන් යළි ඇමතුමක්
ඇය ආයෙත් කතා කළා
අලුත් අංකයකින්
තුවාලයට බෙහෙත් කළ විටම
ඇය ආයෙත් කතා කළා
අලුත් හඬකින්
තුවාලය සනීප වූ විටම
කුමක්දෝ මේ අරුම
යන්නටත් ඉඩ නොදෙන
ඉන්නටත් ඉඩ නොදෙන
වේදනා කෙළි දෙළෙන්
විටින් විට සතුටු වන
පෙර කළ පවක් මෙන
ඇයිද දැන් අමනාප
නොදන්නා විලසකින
අමතමින් මදහසින
ඇස්වලට වැලි ගසන
යළිත් වැලි පිස දමන
කවුරුදෝ නුඹ නම කියව?
- මාලන් විදානපතිරණ


nks