වධකභාරිගෙන් යළි ඇමතුමක්

ncbrando

Member
Jan 31, 2014
838
115
0
වධකභාරිගෙන් යළි ඇමතුමක්

වධකභාරීගෙන් යළි ඇමතුමක්

ඇය ආයෙත් කතා කළා
අලුත් අංකයකින්
තුවාලයට බෙහෙත් කළ විටම
ඇය ආයෙත් කතා කළා
අලුත් හඬකින්
තුවාලය සනීප වූ විටම

කුමක්දෝ මේ අරුම
යන්නටත් ඉඩ නොදෙන
ඉන්නටත් ඉඩ නොදෙන
වේදනා කෙළි දෙළෙන්
විටින් විට සතුටු වන
පෙර කළ පවක් මෙන

ඇයිද දැන් අමනාප
නොදන්නා විලසකින
අමතමින් මදහසින
ඇස්වලට වැලි ගසන
යළිත් වැලි පිස දමන
කවුරුදෝ නුඹ නම කියව?

- මාලන් විදානපතිරණ
 
  • Like
Reactions: randy6667

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔය වගේ දේවල් තමයි දරාගන්න අමාරුම.
    ආයේ දෑසටවත් නොපෙනෙන්න කියලා සදහටම සමුගෙන යන්න තියෙන්නේ.
     

    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    ඔය වගේ දේවල් තමයි දරාගන්න අමාරුම.
    ආයේ දෑසටවත් නොපෙනෙන්න කියලා සදහටම සමුගෙන යන්න තියෙන්නේ.

    ඇත්තටම හරිම වේදනාබරයි.කුමක් හෝ අකුසල කර්මයක් මගේ පස්සෙන් පන්නන් එනවා කියලා හිත කියනවා.
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    අම්මප මචං.. සුවදවත් නොදැනෙන්න ඇතට ගියාට කොහෙන් හරි එ් සුවදවත් විදින්න ලැබෙනව.. නොදකින්න හිතන් ඈත් වුනත් ඒ රෑපෙට සමාන වෙන කෙනෙක් හරි දකිනවා.. මටත් ඔහොම තිබුන මචං.. එහෙම වෙලාවට මට චාලි චැප්ලින්ගේ කථාවක් මතක් වෙනවා.. ''මගේ වේදනාව තව කෙනෙක්ට සිනහවක් වුනාට කමක් නැහැ... මගේ සිනහව තව කෙනෙක්ටවේදනාවක් නොවි කියලා....'':(:(:(