වන්නකු Method කරන උන් වරෙව්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,822
    39,780
    113
    Homagama
    # **කොලෙස්ටරෝල් හතුරෙක්ද?**

    #wmකොලෙස්ටරෝල්
    කොලෙස්ටරෝල් කියන වචනෙ විතරක් උනත් හිතේ පොඩි බයක් ඇති කරවන්න සමත්. ඒත් ඒ බය ඇත්තටම සාධාරණයිද? ඇයි අපි කොලෙස්ටරෝල් වලට මේ හැටි බය? මොනවද මේ කොලෙස්ටරෝල් කියන්නෙ?

    පොදුවේ අපේ ශරීරය තුල පවතින සියළුම මේදය ලිපිඩ ලෙස හඳුනවනවා. ජලයේ හෝ රුධිරයේ දිය නොවන ඉටි වැනි ඇලෙනසුළු සංයෝග විදිහට මේවා පවතිනවා කියල තමයි කියන්නෙ. ශරීරය තුල ඇති මේදය හෙහෙම නැතිනම් මේ කියන ලිපිඩ විවිධාකාරයෙන් පැවතුනත්, නිරනතරයෙන් අවධානයට ලක්වන ප්‍රධන ආකර දෙකක් දක්වන්න පුළුවනි.

    * කොලෙස්ටරෝල් (cholesterol)
    * ට්‍රයිග්ලිසරයිඩ් (Triglyceride - TGL)

    ## **කොලෙස්ටරෝල්**

    කොච්චර බයේ නහින්න හැදුවත්, මිනිසා ඇතුලු සියලුම සත්ව ප්‍රජාවගේ ශරීරයේ පැවැත්මට අත්‍යාවශ්‍ය වන, ඒ වගේම සතුන් තුල පමණක් දකින්න පුළුවන් මේද ආකාරයක් විදිහට කොලෙස්ටරෝල් හඳුන්වන්නවා. කොලෙස්ටරෝල් පහත දක්වා තියෙන ක්‍රියාවලි සඳහා නිවාර්යයෙන් අවශ්‍ය වෙනවා කියල තමයි කියන්නෙ.

    1. **ස්නායු පටකවල තැනුම් ඒකකයක් ලෙස** - මිනිස් මොලයෙන් 75% ක පමණ ප්‍රමාණයක් කොලෙස්ටරෝල් බව කියවෙනවා. මිම්මක් විදිහට ඒකම ඇති කියල හිතනව කොලෙස්ටරොල් වල වැදගත්කම වටහා ගන්න.
    1. **ලිංගික හෝමෝන අතුළු හොමෝන නිපදවීමට** - ටෙස්ටොස්ටෙරෝන්, ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ට්‍රෝන් වගේ හෝමෝන වර්ග රාශියක නිශ්පාදනයට කොලෙස්ටරෝල් අනිවාර්ය සාධකයක් වෙනවා.
    1. **විටමින් D නිපදවීමට** - හිරු එළියට නිරාවරණය වීම මඟින් හමේ විටමින් D නිපදවෙනවා කියන කතාව අහලා ඇතිනේ. මේ ක්‍රියාවලියටත් කොලෙස්ටරෝල් අවශ්‍යවෙනවා.
    1. පිත නිපදවීමට
    1. සෛලවල පිටත ආවරණය එහෙමත් නැතිනම් සෛල බිත්තියේ තැනුම් ඒකකයක් ලෙස
    1. විනාශ වූ හෝ හානිවූ මොලයේ සෛල සහ ස්නායු සෛල නැවත නිපදවීමට

    කොහොමින් කොහොම හරි අපේ ශරීරයට උවමනා කරන සම්පූර්ණ කොලෙස්ටරෝල් ප්‍රමාණයෙන් 75% - 80% ආසන්න ප්‍රමාණයක් අක්මාව මඟින් නිපදවනවා. ඉතිරි 25% - 20% පමණ ප්‍රමාණය අප ලබාගන්නා ආහාර වලින් නිපදවා ගැනෙන බව කියවෙනවා.

    කලින් සඳහන් කලා වගේ කොලෙස්ටරෝල් ජලයේ හෝ රුධිරයේ දියවෙන්නේ නෑ. මේ නිසාවෙන් ශරීරය පුරා කොලෙස්ටරෝල් බෙදාහැරීම සඳහා වාහකයක් අවශ්‍ය වෙනවා. මේ වාහකය විදිහට ක්‍රියාකරන්නේ "ලිපොප්‍රෝටීන" විදිහට හඳුන්වන ප්‍රෝටීන විශේෂයක්. මෙම වාහක ප්‍රෝටීන ප්‍රධාන වශයෙන් කාණ්ඩ තුනකට අයත්.

    1. **HDL** - High-Density Lipoprotein (හයි ඩෙන්සිටි ලිපොප්‍රෝටීන්)
    1. **LDL** - Low-Density Lipoprotein (ලෝ ඩෙන්සිටි ලිපොප්‍රෝටීන්)
    1. **VLDL** - Very-Low-Density Lipoprotein (වෙරි ලෝ ඩෙන්සිටි ලිපොප්‍රෝටීන්)

    මෙම HDL මඟින් සිදුවෙන්නේ ශරීරය පුරා ඇති කොලෙස්ටරෝල් අක්මාව වෙත ගෙන‍යෑමේ ක්‍රියාවලිය බවත් LDL මඟින් සිදුවන්නේ අක්මාවේ ඇති කොලෙස්ටරෝල් ශරීරය පුරා ඇති අවයව වලට ගෙනයෑම බවත් සඳහන් වෙනවා.

    ## **ට්‍රයිග්ලිසරයිඩ්**

    මූලික වශයෙන්ම ශරීරයට අවශ්‍ය කරන ශක්තිය අදාල අවයව කරා ප්‍රවාහනය කරන ආකාරයක් ලෙසටත්, අතිරික්ත ශක්තිය ගබඩා කිරිමට යොදාගන්නා මේද ආකාරයක් ලෙසටත් ට්‍රයිග්ලිසරයිඩ හඳුන්වනු ලබනවා.** **අපි තරබාරුකම, ස්ථූලතාව වගේ නම්වලින් හඳුන්වන ශරීරයේ මහත වැඩිවීමට බලපාන මේද සෛලවල තැන්පත් වෙන්නේ මේ කියන ට්‍රයිග්ලිසරයිඩ් තමයි. ට්‍රයිග්ලිසරයිඩ වල ප්‍රධාන වහකයා විදිහට ක්‍රියාකරන්නේ ULDL (Ultra-Low-Density Lipoprotein) කියන ලිපොප්‍රෝටීනය. VLDL මඟිනුත් මෙම වාහක ක්‍රියාවලිය යම් තරමකින් සිදුවෙනවා.

    ## **ලිපිඩ වර්ණාවලිය / ලිපිඩ පැතිකඩ (Lipid Profile)**

    අපේ රුධිරයේ අඩංගු මේද හෙවත් ලිපිඩ ප්‍රමාණය පිළිබඳව විමසා බැලෙන බොහොම බහුලව භාවිතාවෙන පරීක්ෂණය තමා ලිපිඩ් ප්‍රොෆයිල් එහෙම නැතිනම් ලිපිඩ පැතිකඩ. මෙම පරීක්ෂාවේදී මූලිකව අංග පහක් පිළිබඳ දත්ත අපට ලබාදෙනවා.

    * සම්පූර්ණ කොලෙස්ටරොල් (Total cholesterol)
    * එච්.ඩී.එල් (HDL)
    * එල්.ඩී.එල්. (LDL)
    * වී.එල්.ඩී.එල් (VLDL)
    * ට්‍රයිග්ලිසරයිඩ් (Triglycerides)

    ලිපිඩ පැතිකඩ පරීක්ෂාව මේ වනවිට බහුලව භාවිතාවෙන, ගොඩ දෙනෙක් දන්න පරීක්ෂණයක් උනාට, එය කියවීම එහෙම නැතිනම් අර්ථ නිරූපනය හරියාකාරව සිද්ද වෙනවද කියන එක ගැන නම් තියෙන්නෙ ප්‍රශ්නාර්ථ ලකුනක්.
    සාමාන්‍යයෙන් සිදුවෙන දේ තමා Total Cholesterol (TCH) 200 ට වඩා වැඩිනම් කොලෙස්ටරෝල් පෙති පටන් ගන්නවා.
    අනිත් වර්ග ටික දිහා බොහෝ විට බලන්නෙවත් නෑ.
    නමුත් TCH වලට වඩා හෘද රෝග වලට බලපාන සාධක ගොඩක් තියෙනවා.

    ලිපිඩ පැතිකඩ පරීක්ෂණයේ ප්‍රතිපල විග්‍රහ කිරීමේදී අපි ඉතාමත් සැලකිලිමත් වියයුතුයි. වාර්තාවේ සඳහන් අගයන් සාමාන්‍ය යයි හඳුන්වන, එහෙමත් නැත්නම් reference range වශයෙන් දක්වන පාරසයෙන් පිටත තිබූ පමණින් ඔබ අත්‍යවශයෙන්ම රෝගියෙකු වන්නේවත්, නිරෝගී පුද්ගලයෙක් වන්නේවත් නැත. රසායනාගාර පරීක්ෂණයක ප්‍රතිපල විග්‍රහ කලයුත්තේ එම වාර්තාව හිමි පුද්ගලයාගේ සායනික ඉතිහාසය, ශාරීරික පරීක්ෂාවකදී සොයාගන්නා රෝග ලක්ෂණ සහ වෙනත් අදාලවන රසායනාගාර පරීක්ෂණ වාර්තාද සැලකිල්ලට ගනිමිනි. සාමාන්‍ය Lipid Profile වාර්තාවේ ටෝටල් කොලස්ටරෝල් සහ LDL අගය දෙස බලා ඔබගේ සමස්ත පරිවුර්තිය සෞඛ්‍ය හෝ හදවත් රෝගවලට ගොදුරුවීමේ අවධානම ගැන නිගමනයකට ඒමට නොහැකියි.

    ## **කොලෙස්ටරොල් සහ හෘද රෝග**

    ටෝටල් කොලස්ටරෝල් සහ LDL මට්ටම වැඩි වනකොට heart attack හැදෙන බව කාලයක් තිස්සේ අපේ මොළවලට කාවද්දල තිබෙන දෙයක්. කලිනුත් සඳහන් කරපු "කොලෙස්ටරෝල් හයිපොතිසීස්" නැතිනම් "ඩයට් හාට් හයිපොතිසීස්" එහෙමත් නැතිනම් **ධමනි සිහින් වීම සඳහා කොලෙස්ටරෝල් ඍජුවම හේතුවක් වන බව**ට මෙතෙක් විශ්වාස කල උපකල්පනය නිවැරදි නොවන බවට සාක්ෂි දවසින් දවස ලැබෙමින් තියෙනවා. .

    හෘදයාබාධ නිසා රෝහල් ගතවන වැඩි ප්‍රතිශතයකගේ කොලස්ටරෝල් සහ LDL අපි කියන “ සාමාන්‍ය” මට්ටමටත් වඩා අඩු මට්ටමක තිබීමත් කොලස්ටරෝල් හෝ LDL නිසා හෘදයාබාධ හැදෙනවාය කියන කතාවත් එකෙනෙකට පරස්පරතාවක් දක්වනවා. කොලෙස්ටරෝල් උපකල්පනය සත්‍ය නම මෙවැනි පැහැදිලි පරස්පර පවතින්නේ ඇයි? අපිට හිතන්න පුරුදු කරලා තියන තරමටම Cholesterol නරකනම්, හාර්ට් ඇටෑක් හැදෙන වැඩි දෙනෙකුගේ cholesterol අගය වැඩි නොවීම පැහැදිලි කරගන්නේ කොහොමද?

    වයස අවුරුදු 65 පසුවූ පසු TCH සහ LDL වැඩි වන තරමට ඔවුන් වැඩි කල් ජීවත් වනවා.

    ධමනි සිහින් වීම ඇති කිරීමට කොලස්ටරෝල් හෝ LDL එතරම් බලවත් නම්, වැඩි කොලස්ටරෝල් හෝ LDL ඇති පුද්ගලයින් අතර බහුල ලෙස ධමනි අවහිර කරන "atherosclerosis" (රුධිර නාලිකා සිහින්වීමේ රෝගය) තත්වය තිබිය යුතු නොවේද? එමෙන්ම, ධමනි සිහින් වීම සඳහා ප්‍රධාන හේතුව කොලස්ටරෝල් සහ LDL නම්, ඖෂධ භාවිතය මගින් මේවා අඩුකර ගන්නා පුද්ගලයන් අතර හදවත් රෝග ඇතිවීමේ ප්‍රවනතාවය / අවධානම සැලකියයුතු ලෙස අඩුවීමක් දැකිය යුතුය. නමුත් statin වැනි ඖෂධ භාවිතයෙන් සැලකිය යුතු ලෙස හදවත් රෝග ඇතිවීමේ ප්‍රවනතාවය / අවධානම අඩු නොකරන බව තමයි මේ පිලිබඳ ගැඹුරින් අධ්‍යයනය කර ඇති පර්යේෂකයන් පවසන්නේ.



    **ධමනි අවහිර කරන "ප්ලේක්ස්" (plaques) තුල කොලස්රරෝල් තිබු පමණින් එම plaques කොලස්ටරෝල් නිසා ඇතිවන බව නිගමනය කිරීම නිවැරදි නොවේ.**

    කිරීට ධමනි වල තෙල් තැන්පත් වී එම ධමනි අවහිරවීමක් සිදුවනවා යයි කීම නිවැරදි නොවේ. ධමනි අවහිරවීමට දායක වන plaques ඇතිවීමේ ක්‍රියාවලිය තරුණ වයසේ සිට පටන් ගෙන ක්‍රමයෙන් අවුරුදු ගණනාවක් තිස්සේ ඉදිරියට යන ක්‍රියාවලියක්. මෙම ක්‍රියාවලිය පටන් ගැනීම ශරීරය තුල පාලනයක් නොමැතිව සිදුවන ප්‍රදාහය (inflammation) නිසා ධමනි බිත්තිවල අභ්‍යන්තර සෛල ස්ථරයට සිදුවන හානිවීම සමග සම්බන්ධ බව තමයි අද පවතින පොදු එකඟත්වය. මෙය සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර LDL අංශු plaques තුල “තැන්පත්” වීම එම සමස්ත ක්‍රියාවලියේම කොටසක් පමණයි. Plaques තුල LDL තිබෙන බව ඇත්තක් උනත් LDL නිසා plaques ඇතිවුනා කියල නිගමනය කරන්න ඒකෙන් හැකියාවක් ලැබෙන්නෙ නෑ.

    ශරීරය තුල ප්‍රදාහ (inflammatory) තත්වයක් ඇතිවන්නට පසුබිම නිර්මාණය වන්නේ අපේ පරිවුර්තිය ක්‍රියාවලියේ ඇතිවන ව්‍යකුලත්වයක් හෙවත් මෙටබොලික් සින්ඩ්‍රෝම් නැමති සායනික තත්වයක් නිසායි.

    ## **මෙටබොලික් සින්ඩ්‍රෝම් **

    හදවත් සහ රුධිර වාහිනී ආශ්‍රිත බෝ නොවන රෝග වලට අවදානම වැඩි අයට තිබෙන පොදු දෙයක් තමා ඉන්සියුලින් ප්‍රතිරෝධය හා සම්බන්ධ මෙටබොලික් සින්ඩ්‍රෝම් (Metabolic Syndrome) නැමති තත්වය.

    * අධික රුධිර පීඩනය
    * රුධිරයේ ෆාස්ටින් ග්ලූකෝස් (FBS) මට්ටම වැඩිවීම
    * රුධිර ට්‍රයිග්ලිසරයිඩ (Triglyceride) මට්ටම වැඩිවීම
    * රුධිරයේ HDL මට්ටම අඩුවීම
    * ඉනේ වට ප්‍රමාණය (waist circumference) වැඩිවීම (ලොකු බඩ ගෙඩිය හෝ ස්ථූලතාව)

    ඉහත ලක්ෂණ වලින් තුනක්වත් දකින්නට ලැබෙනවා නම් කෙනෙකුට මෙටබොලික් සින්ඩ්‍රෝම් තත්වය ඇතිවී තිබෙනවා යැයි කියනවා.

    **වැදගත්ම දේ තමා, මෙටබොලික් සින්ඩ්‍රෝම් තත්වය ඇතිවෙලාද කියල බලන්න ටෝටල් කොලෙස්ටරෝල් හරි LDL හරි සැලකිල්ලට අරගෙන නොමැතිවීම.**

    ## **කොලෙස්ටරෝල් සහ වන්නකු මෙතඩ්**

    අපේ ශරීරය තුල ඉන්සියුලීන් ප්‍රතිරෝධය සහ මෙටබොලික් සින්ඩ්‍රෝම් තත්වය ඇත්වීමට ප්‍රධානතම හේතුව වෙන්නේ අවුරුදු ගණනාවක් තිස්සේ අපේ ආහාර රටා වලට එකතුවෙලා තියෙන අධික පිටි, සීනි, කෘතීම රසකාරක සහ කල් තබාගැනීමේ රසායනිකයි. වන්නකු මෙතඩ් වැනි කාබෝහයිඩ්‍රේට් අවම සහ මේදය අධික ආහාර රටාවකට සහ සවිරාම උපවාස (ෆාස්ටින්) ක්‍රමයකට යොමුවීමේදී මෙටබොලික් සින්ඩ්‍රෝම් තත්වයට අදාල ලක්ෂණ පහව යන අතර ශරීරයේ පරිවෘත්තීය සෞඛ්‍ය තත්වය ප්‍රශස්ත මට්ටමකට පැමිණෙන බව කියවෙන දර්ශක බොහෝමයක් දක්නට ලැබෙනවා.

    * බර අඩුවෙනවා
    * BMI අඩුවෙනවා
    * ශරීරයේ ප්‍රදාහය (inflammation) අඩුවෙනවා
    * ට්‍රයිග්ලිසරයිඩ (Triglycerides) අඩුවෙනවා
    * HDL මට්ටම වැඩි වෙනවා
    * ඉන්සියුලින් මට්ටම සහ ඉන්සියුලින් ප්‍රතිරෝධය අඩුවෙනවා
    * රුධිර පීඩනය (Blood Pressure) අඩුවෙනවා
    * ඉනේ වට ප්‍රමාණය (Waist circumference) අඩුවෙනවා
    * ෆැටී ලිවර් (Fatty Liver) නැතිවී ගොස් liver enzymes යතා තත්වයට පත් වෙනවා
    * FBS , PPBS සහ HbA1C යතා තත්වයට පත් වෙනවා.

    සමීක්ශන මගින් පෙන්වා දී ඇත්තේ පලමු හාට් ඇටෑක් එකට කලින් එය වලක්වන්නට කොලෙස්ටරෝල් පෙති බීමෙන් පලක් නොවන බවයි.

    එහෙනම් කොහොමද බේරෙන්නේ. බේරෙන විදිහ තමා #wannakumethod

    ටෝටල් කොලෙස්ටරෝල් සහ LDL වැඩි උනාට
    ට්‍රයිග්ලිසර්‍යිඩ 100 ට අඩුනම්
    HDL 60 ට වැඩි නම්
    TGL/HDL අගය 1 ට අඩුනම් හාට් ඇටෑක් එකක් එන්න තියෙන අවදානම බොහොම අඩුයි.
    කොලෙස්ටරෝල් පෙති බොනවට වඩා බොහොම අඩුයි.
    නිකම්ම හිතලු නෙවෙයි. දැනට තියෙන සමීක්ශන වාර්තා වලින් ඔප්පු වෙන ආකාරයට.

    written by Dushan Lalithya Gamaethige.
    Edited for clarity.

    Disclaimer- සෑම විටම ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් පිලිපදින්න. මෙය සාමාන්‍ය දැනීම උදෙසා පමනක් පල කරන ලදී. You are following this at your own risk.

    Dr. Janaka Wannaku
    0112281281
    whatsapp 0714485995

    Disclaimer- සෑම විටම ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් පිලිපදින්න. මෙය සාමාන්‍ය දැනීම උදෙසා පමනක් පල කරන ලදී. You are following this at your own risk.


    ඌ නම් ගානට අත පිහිදගෙන. මෙකේ ගූගල් ආචා⁣රින් ටික පුක පොලිම් දාලා ඌව බේරගන්න දගලනවා.
    මුනුයි අර පාවෙලා ආපු බෝතලේ බිපු උනුයි අතර වෙනසක් නැ.