ළමයින්ගේ tax වලින් අපි වයසට ගිහාම බලගාන්නවා කියන්නේ වැරදි වැටහීමක්.වැඩකරන හැමෝම tax ගෙවනවා. වයසට ගිය අයත් මුළු ජීවිත කළෙම tax ගෙවල තියෙන්නේ. ඒ tax වලින් තමයි ආණ්ඩුව වැඩිහිටියන්ට සලකන්නේ
උදාහරණයකට බැංකු පද්ධතිය ගන්න. ගණුදෙනුකරුවන් බැංකුවල මුදල් තැන්පත් කරල තියනවා. නමුත් ඔය හැමෝගෙම මුදල් සෑමවිටම බැංකුවේ තැන්පතු විදිහට තියනව ද? ඒ කියන්නේ "තැන්පත් කරුවන්ගෙන් සමස්ථයම" එකපාර මුදල් ආපසු ගන්න ගියොත් බැංකුව කඩා වැටෙනවා(bank run) නෙමෙයි ද? නමුත් "සමස්ථයෙන් යම් පිරිසකට" එදිනෙදා අවශ්‍යතා සඳහා මුදල් සපයන්න බැංකුව සමත්නෙ. යම්කිසි පිරිසකට පමණක් මුදල් ආපසු දීම කියන සේවය සපයන්න හැකි වුනත් බැංකුව යහපත්ව ඉදිරියට පවතින්න ඉහත සමස්ත තැන්පත්කරුවන්ම අත්‍යවශ්‍යයි. ඔන්න ඔය වගේ තමා රජය මැදිහත් වෙන විශ්‍රාම සැලසුම. බැංකුව කියන වචනය රජයෙ කියන වචනයෙන් රීප්ලේස් කරලා බලන්න
ආන්න ඒ වගේ ඔතන තියෙන්නෙ සාමූහික උත්සහයක් (collective effort) එකක් කියන එක තමා ග්‍රීන්තන්ඩර් කිව්වෙ. දරුවන්ගේ කන්ට්‍රිබියුශන් එක නැතිව අපිට සර්වයිව් වෙන්න බැහැ. අපේ කන්ට්‍රිබියුශන් එක නැතිව දරුවන්ට සවයිව් වෙන්නත් බැහැ. ඒ වගේම, අපි නිදහස් කියලා හිතන සමහර සමාජ-ආර්ථික සැකැස්මවල් ඇත්තටම නිදහස් නැහැ, ඒ නිදහස් නැති බව විවිධ දෘෂ්ඨිවාද වලින් යටගහලා හංගලා තියනවා කියන එකයි බිංගු පුතේ මම දුන්න මුල්ම පණිවිඩේ. දැන් හිතන්න එපා ග්‍රීන්තන්ඩර් පිටරට ක්‍රම හරි නැහැ ලංකාවෙ ක්‍රම හොඳයි කියලා කියනවා කියලා. ඔය කොයි ක්‍රමය තුලත් නැතිවෙන නිදහස විවිධ දෘෂ්ඨිවාද තුලින් අපි සාධාරණීකරණය / සමනය කරගන්නවා කියන එකයි ග්‍රීන්තන්ඩර්ගෙ මතය.
Edited - new paragraph added below.
ඔතන මටත් සෘජු පිලිතුරක් නැති තවත් හිතන්න කාරණයක් සඳහන් කරන්නම්. දැන් ජපානය වැනි දියුණු රටවල විශ්‍රාමික අයට ලැබෙන හොඳ සෞඛ්‍යමත් ගුණවත් ජීවන රටාව නිසා ඒ අය බොහෝ කලක් ජීවත් වෙනවා. විශ්‍රාමිකයන් බොහෝ කලක් ජීවත්වෙනවා කියන්නෙ විශ්‍රාමික අය නඩත්තුවට රජය වැයකරන්න ඕනෙ ප්‍රතිපාදන වැඩි කරන්න වෙනවා. ඒ ප්‍රතිපාදන වැඩි කරන්න වෙනවා කියන්නෙ වර්තමාන බදු ගෙවන්නන් (තරුණ ප්‍රජාව/ශ්‍රම බලකාය) මත පටවන බදු බර වැඩි කරන්න වෙනවා. එහෙමත් නැතිනම් බදු ගෙවන්නන් (තරුණ ප්‍රජාව/ශ්‍රම බලකාය) වැඩි කරගන්න වෙනවා.
ඔය චක්‍රය කොහෙන් කොහොම කෙලවර වෙයිද කියන එක ග්‍රිම් නමුත් බලන්න වටින සිදුවීමක් වෙයි.