වයසට ගිහින් කාත්කවුරුවත් නැතුව

tin_kiri

Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    ළමයි ලොකු වුණාට පස්සෙත් අම්මල තාත්තල කොච්චර උදවු කරනවද..
    වැඩට ගියාම උන්ගෙ ලමයි බලාගන්න ඕනෙත් ආච්චියි සීයයි

    මුං කතා කරන්නෙ හරියට නිකං වයසට යන්නෙ නෑ වගේනෙ
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඕක තමයි යථාර්තය. පුතාගේ ගැනිගෙන් බැනුම් ඇනුම්පද අහගෙන ජීවිතේ ඉතිරි ටික ගත කරන්න පුළුවන්

    ලංකාවේ සංස්කෘතිය අනුව ළමයි බැන්දත් ළමයි අපි කියන විදියට ඉන්න ඕනේ කියන ආකල්පයක් තියෙනවා (තරමක් හෝ). ළමයි බැන්දහම ළමයි ස්වාදීන තීරණ ගන්න ඕනේ.
    ළමයින්ගේ ගෙදර ඉන්න කොට අපි ළමයිගේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්ව. ළමයිනුත් ප්‍රශ්න උනාම අම්මලාගේ තාත්තලාගේ උපදෙස් පිහිට ගන්න එනවා. ඕක ප්‍රශ්න රණ්ඩු වැලක ආරම්බය.
    මේවා මම දුටු දේවල්. මෙතන ඉන්න තරුණ අයට වැඩි අද්දැකීම් නැතිව ඇති
    මේක හරි. හොඳම අවබෝධයක් නැත්තම් පිටින් ආපු කෙනත් එක්ක ජීවත්වෙන්න අමාරුයි. ගොඩක් දුරට ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගේ ඇස් දෙක වගේ තැනට ඇවිත් හිර වෙනවා.
    අපි කාටවත් කියන්න බැහැ කොච්චර කාලයක් ජීවත් වෙන්න තියෙනවද කියලා. නමුත් තරුණ කාලේ ඉදන් පෙන්ෂන් එකක් ඇතුවා හෝ නැතුවා තමුන් වෙනුවෙන් ගාණක් ඉතුරු කරන්න ඕනේ. මේ නූලේ සමහර තැන්වල දාලා තියෙනවා වගේ දැන් සුපිරි මහළු නිවාස තියෙනවා.
    නැත්තම් ටිකක් දුර පළාතකට(හැබැයි රෝහල් පහසුකම් තියෙන) ගිහින් දෙන්නෙක් විතර වැඩට අරගෙන තමුන්ගේ පාඩුවේ ඉන්න ඕනේ ළමයින්ට කැමති දෙයක් කරගන්න කියලා.
    මොනවා හරි දේපල තියෙනවා නම් ඒ අය අවුරුදු 25 විතර වෙනකොට දෙන්න ඕනේ මොකද සමහර මිනිස්සු දේපල දෙන්නේ ළමයින්ට අවුරුදු 50 විතර උනාම. එහෙම වැඩක් නැහැ මොකද තරුණ කාලේ තමයි දෙයක් ගොඩනගාගන්න ලේසියි.
    දෙනකොට කියන්න ඕනේ කෙලින්ම මීට වඩා දෙයක් නැහැ කියලා. ළමයින්ට පොඩි කාලේ යුතුකම් වගකීම් ඉෂ්ට කරන්න ඕනේ නමුත් ළමයින්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    ළමයින්ගේ tax වලින් අපි වයසට ගිහාම බලගාන්නවා කියන්නේ වැරදි වැටහීමක්.වැඩකරන හැමෝම tax ගෙවනවා. වයසට ගිය අයත් මුළු ජීවිත කළෙම tax ගෙවල තියෙන්නේ. ඒ tax වලින් තමයි ආණ්ඩුව වැඩිහිටියන්ට සලකන්නේ

    උදාහරණයකට බැංකු පද්ධතිය ගන්න. ගණුදෙනුකරුවන් බැංකුවල මුදල් තැන්පත් කරල තියනවා. නමුත් ඔය හැමෝගෙම මුදල් සෑමවිටම බැංකුවේ තැන්පතු විදිහට තියනව ද? ඒ කියන්නේ "තැන්පත් කරුවන්ගෙන් සමස්ථයම" එකපාර මුදල් ආපසු ගන්න ගියොත් බැංකුව කඩා වැටෙනවා(bank run) නෙමෙයි ද? නමුත් "සමස්ථයෙන් යම් පිරිසකට" එදිනෙදා අවශ්‍යතා සඳහා මුදල් සපයන්න බැංකුව සමත්නෙ. යම්කිසි පිරිසකට පමණක් මුදල් ආපසු දීම කියන සේවය සපයන්න හැකි වුනත් බැංකුව යහපත්ව ඉදිරියට පවතින්න ඉහත සමස්ත තැන්පත්කරුවන්ම අත්‍යවශ්‍යයි. ඔන්න ඔය වගේ තමා රජය මැදිහත් වෙන විශ්‍රාම සැලසුම. බැංකුව කියන වචනය රජයෙ කියන වචනයෙන් රීප්ලේස් කරලා බලන්න

    ආන්න ඒ වගේ ඔතන තියෙන්නෙ සාමූහික උත්සහයක් (collective effort) එකක් කියන එක තමා ග්‍රීන්තන්ඩර් කිව්වෙ. දරුවන්ගේ කන්ට්‍රිබියුශන් එක නැතිව අපිට සර්වයිව් වෙන්න බැහැ. අපේ කන්ට්‍රිබියුශන් එක නැතිව දරුවන්ට සවයිව් වෙන්නත් බැහැ. ඒ වගේම, අපි නිදහස් කියලා හිතන සමහර සමාජ-ආර්ථික සැකැස්මවල් ඇත්තටම නිදහස් නැහැ, ඒ නිදහස් නැති බව විවිධ දෘෂ්ඨිවාද වලින් යටගහලා හංගලා තියනවා කියන එකයි බිංගු පුතේ මම දුන්න මුල්ම පණිවිඩේ. දැන් හිතන්න එපා ග්‍රීන්තන්ඩර් පිටරට ක්‍රම හරි නැහැ ලංකාවෙ ක්‍රම හොඳයි කියලා කියනවා කියලා. ඔය කොයි ක්‍රමය තුලත් නැතිවෙන නිදහස විවිධ දෘෂ්ඨිවාද තුලින් අපි සාධාරණීකරණය / සමනය කරගන්නවා කියන එකයි ග්‍රීන්තන්ඩර්ගෙ මතය.

    Edited - new paragraph added below.

    ඔතන මටත් සෘජු පිලිතුරක් නැති තවත් හිතන්න කාරණයක් සඳහන් කරන්නම්. දැන් ජපානය වැනි දියුණු රටවල විශ්‍රාමික අයට ලැබෙන හොඳ සෞඛ්‍යමත් ගුණවත් ජීවන රටාව නිසා ඒ අය බොහෝ කලක් ජීවත් වෙනවා. විශ්‍රාමිකයන් බොහෝ කලක් ජීවත්වෙනවා කියන්නෙ විශ්‍රාමික අය නඩත්තුවට රජය වැයකරන්න ඕනෙ ප්‍රතිපාදන වැඩි කරන්න වෙනවා. ඒ ප්‍රතිපාදන වැඩි කරන්න වෙනවා කියන්නෙ වර්තමාන බදු ගෙවන්නන් (තරුණ ප්‍රජාව/ශ්‍රම බලකාය) මත පටවන බදු බර වැඩි කරන්න වෙනවා. එහෙමත් නැතිනම් බදු ගෙවන්නන් (තරුණ ප්‍රජාව/ශ්‍රම බලකාය) වැඩි කරගන්න වෙනවා.

    ඔය චක්‍රය කොහෙන් කොහොම කෙලවර වෙයිද කියන එක ග්‍රිම් නමුත් බලන්න වටින සිදුවීමක් වෙයි.
     
    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,186
    12,128
    113
    361137746_677143154257259_5060771459760872165_n.png
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    බඳින එකයි ළමයි හදන එකයි online කාගෙන්වත් අහල තීරණය කරන්න පුලුවන්ද බන් බඳින්න එපා කියන මේකේ කොටන උන් එනවද උඹට ප්‍රශනයක් උනාම, ඒ වගේම බැන්දම එන ප්‍රශ්නත් ඉතින් තමන්ම තනියම විසඳගන්න ඕනේ ඒවාට මුණ තමුන්ට බැරිනම් නොබැඳ ඉන්නවා එච්චරයි.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මේක හරි. හොඳම අවබෝධයක් නැත්තම් පිටින් ආපු කෙනත් එක්ක ජීවත්වෙන්න අමාරුයි. ගොඩක් දුරට ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගේ ඇස් දෙක වගේ තැනට ඇවිත් හිර වෙනවා.
    අපි කාටවත් කියන්න බැහැ කොච්චර කාලයක් ජීවත් වෙන්න තියෙනවද කියලා. නමුත් තරුණ කාලේ ඉදන් පෙන්ෂන් එකක් ඇතුවා හෝ නැතුවා තමුන් වෙනුවෙන් ගාණක් ඉතුරු කරන්න ඕනේ. මේ නූලේ සමහර තැන්වල දාලා තියෙනවා වගේ දැන් සුපිරි මහළු නිවාස තියෙනවා.
    නැත්තම් ටිකක් දුර පළාතකට(හැබැයි රෝහල් පහසුකම් තියෙන) ගිහින් දෙන්නෙක් විතර වැඩට අරගෙන තමුන්ගේ පාඩුවේ ඉන්න ඕනේ ළමයින්ට කැමති දෙයක් කරගන්න කියලා.
    මොනවා හරි දේපල තියෙනවා නම් ඒ අය අවුරුදු 25 විතර වෙනකොට දෙන්න ඕනේ මොකද සමහර මිනිස්සු දේපල දෙන්නේ ළමයින්ට අවුරුදු 50 විතර උනාම. එහෙම වැඩක් නැහැ මොකද තරුණ කාලේ තමයි දෙයක් ගොඩනගාගන්න ලේසියි.
    දෙනකොට කියන්න ඕනේ කෙලින්ම මීට වඩා දෙයක් නැහැ කියලා. ළමයින්ට පොඩි කාලේ යුතුකම් වගකීම් ඉෂ්ට කරන්න ඕනේ නමුත් ළමයින්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ.
    එකගයි. මම දැකල තියෙනවා දෙමව්පියන් තමුන්ගේ ගෙදරම දාසයන් වෙලා. ළමයින්ගේ ළමයින් බලාගන්න, ඉස්කෝලේ දාන්න, ගෙදර වැඩපල කරන්න, ගෙදර හැමෝටම උයන්න. ඉදල හිටලා බැනුනුත් අහනවා.

    විශ්‍රාම ගිහාම තමුන්ගේ කියල පොඩි ගෙදරක් තිබ්බනම් ඇති. නගරය කිට්ටු වෙන්නම ඕනේ නැහැ. පොඩි වත්තක්නම් හොදයි. නැතිනම් ඕව නඩත්තු කරන්න අමාරුයි. ආත්ම ගරුත්වයක් ඇතිව ජීවත් වෙන්න පුළුවන්
     
    Waruna.eranga

    Active member
  • Jan 11, 2010
    607
    73
    28
    සල්ලි තියනවනම් ප්‍රශ්ණයක් නෑ. ළමයින්ට අපි ගැන බලනවට වඩා උන්ට ලයිෆ් එකක් තියෙන්න ඕනෙ. නාකි උනාම තමන් බලාගන්න ළමයි හදන එක මහ පොන්න වැඩක්
    hariyata hari

    mata 35 i ..yaku ..tama badala ne
    mamath
    ------ Post added on Jul 21, 2023 at 3:24 AM
     
    • Like
    Reactions: NRTG and hasithayad

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,880
    1
    15,212
    113
    ඒකනම් කරුමයක්. 60න් ජබොක් ගාල පපුව අල්ලන් යන එක සැපයි. අපේ රටවල වගේ ලමයි දෙමවුපියන්ගෙ වගකීම ගන්නැකි රටවල Aged Care House වල ඉන්නව මොන්ටිසෝරි ලමයි වගේ. බලාගන්න උනුත් ආතල් ගන්නව. අහිකුණ්ටකයට අහුඋන රිලව ගානට වැටෙන්නෙ. ලමයි බලාගන්න එක බලාපොරොත්තු වෙන්නනම් බෑ ඒත් Aged Care වල නොඉඳ තමන්ම Nurse/Carer කෙනක් තමන්ට Hire කරගන්න පුළුවන් ගානට Savings තියෙන්න ඕනෙ. නැත්තන් කාටවත් නොදී තියන් ඉන්න ඕනෙ ඒක ගැන කිය කිය. ලමයි සලකයි ඒක ගන්න බලන් හරි
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    එකගයි. මම දැකල තියෙනවා දෙමව්පියන් තමුන්ගේ ගෙදරම දාසයන් වෙලා. ළමයින්ගේ ළමයින් බලාගන්න, ඉස්කෝලේ දාන්න, ගෙදර වැඩපල කරන්න, ගෙදර හැමෝටම උයන්න. ඉදල හිටලා බැනුනුත් අහනවා.

    විශ්‍රාම ගිහාම තමුන්ගේ කියල පොඩි ගෙදරක් තිබ්බනම් ඇති. නගරය කිට්ටු වෙන්නම ඕනේ නැහැ. පොඩි වත්තක්නම් හොදයි. නැතිනම් ඕව නඩත්තු කරන්න අමාරුයි. ආත්ම ගරුත්වයක් ඇතිව ජීවත් වෙන්න පුළුවන්
    අනිවා මචන්. මම දන්න අයියා කෙනෙක්ගේ වයිෆ් අසනීප වෙලා අවුරුදු 32 විතර නැති උනා. ඒ අයියගේ අම්මයි තාත්තයි දාසයෝ දෙන්නෙක් වගේ ළමයි දෙන්නා බලාගන්නවා. දෙන්නටම අසනීප තත්ත්ව තියෙනවා ඒත් අම්මා නැති ළමයිනේ කියලා බලාගන්නවා.අර අයියට ගානකුත් නැහැ වයිෆ්ගේ පැත්තේ අයට ගානකුත් නැහැ. ඒ ගෙදරට ගියොත් ළමයි හදන එක ගැනමයි අර දෙමව්පියෝ කියන්නේ.ඒ මිනිස්සු පරඩල් වෙලා ළමයි එක්ක දුවලා පැනලා.
    අර අයියා කියන්නෙම අම්මා තාත්තගේ කතා අහලා ළමයි නරක් වෙනවා කියලා.කිසිම හොඳක් නැහැ.
    අරූ දෙමව්පියෝ කිව්වට කසාදයක් බඳින්නෙත් නැහැ ඔහේ වැඩපල කරගෙන ළමයි තමුන්ගේ නෙවෙයි වගේ ඉන්නවා.
    හස්බන්ඩ් වයිෆ් දෙන්නම ඉඳලත් සීයට ආච්චිට ඔය වගේ පෝරියල් සෙට් වෙන තැන් තියෙනවා.
    මට නම් මේ සිද්දි ටික ඇති retirement ප්ලෑන් එක හදාගන්න.
    ළමයි කරදරේ වැටුනම උදව්වක් කරන එක වෙනම කතාවක් ඒත් ඕනෙවට වඩා කරන්න ගියාම ඒක කළ යුතුමයි කියලා හිතන්න ගන්නවා.