මම මේ ත්රෙඩ් එක දැම්මේ එළකිරි යාලුවන්ගේ වයස දැනගන්නයි

මේකේ අයියල,අක්කලා,නංගිලා,මල්ලිලා,අංකල්ලා(ඇන්ටිලා නැතුව ඇති නේ
) ඉන්නවනේ.ඉතින් සමහර අයගේ ත්රෙඩ් වලට කමෙන්ට් කරද්දී අපි "මචන්","උඹ" වගේ වචන පාවිච්චි කරනවනේ
අපිට වඩා වැඩිමල් කෙනෙක්ට එහෙම කතා කරන එක හරි නැනේ

මේ ත්රෙඩ් එකේදී කට්ටියගේ වයස දැනගත්තම එහෙම කතා කරන එක අඩු වෙයි මම හිතන්නේ
කැමති කට්ටිය මේකේ තමන්ගේ වයස දාන්න

ඇත්ත වයස දාන්න, වැඩි අය අඩු කරන්න යන්නත් එපා අඩු අය වැඩි කරන්න යන්නත් එපා

ගැහැණු ළමයින් නම් මේකට වයස දාන එකක් නැහැ නේද

මන් හිතන්නේ කලිනුත් මේ වගේ ත්රෙඩ් එකක් තිබ්බ මතකයි එත් දැන් එළකිරි එකේ අලුත් අය වැඩිනේ (මන් වගේ
)මේකෙන් අපිට දැනගන්නත් පුළුවන්නේ කව්ද එළකිරි එකේ ඉන්න බාලම එක්කෙනයි වැඩිමල් එක්කෙනයි කියල


