වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු->> (8) බටර් බත්
මේක මචන් රයිස්කුකර් එකේම තෙම්පරාදු බතක් හදාගන්න විදිහ . ගියපාර එකෙක් ඇහුවනෙ අඩු භාජන ප්‍රමානෙකින් උයන විදිහ .ඒකට මේක මරු ඈ .


අවශ්‍ය කළමනා
කලින් උයපු ඔක්කොම උයපන් යකෝ
මේක මචන් රයිස්කුකර් එකේම තෙම්පරාදු බතක් හදාගන්න විදිහ . ගියපාර එකෙක් ඇහුවනෙ අඩු භාජන ප්‍රමානෙකින් උයන විදිහ .ඒකට මේක මරු ඈ .



අවශ්‍ය කළමනා
- හොඳින් සෝදා වතුර පෙරාගත් හාල් කප් 3
- බටර් කප් 1/4
- හොඳින් තලා ගත් ඉඟුරු කුඩා කැබැල්ලක්
- හොඳින් තලා ගත් සුදුළුුනු බික් 3, 4ක්
- එනසාල් 1ක්
- අබ තේ හැඳි 1/2ක්
- වෙජිටබල් ස්ටොක් හෝ චිකන් ස්ටොක් කප් 1ක්
- තුනපහ කුඩු තේ හැඳි 1/2ක්
- ලුණු තේ හැන්දක්
- කහ කුඩු ස්වල්පයක්
- වතුර ( අවශ්‍ය පමණ )
- රයිස් කුකර් එක ඔන් කර COOK වලට සෙට් කරන්න
- එයට බටර් දමන්න
- බටර් දියවීගෙන එනවිට එයට අබ එකතු කර අබ පුපුරන්න ඉඩ හරින්න
- ඉන්පසු එයට ඉඟුරු සහ සුදුළුුනු දමා විනාඩි දෙකක් බැදෙන්න හරින්න
- දැන් හාල් එක් කර හාල් ටික විනාඩි 3,4 ක් හොඳින් බැදෙන්න හරින්න
- ඉන්පසු එයට චිකන් ස්ටොක් එකතු කරන්න
- බත ඉදීමට ප්‍රමාණවත් වන පරිදි ඉතිරි කොටසට වතුර එක් කරන්න
- එයට එනසාල්, කහ, තුනපහ කුඩු සහ ලුණු එක් කර පියන වසා බත ඉදෙන්න හරින්න
කලින් උයපු ඔක්කොම උයපන් යකෝ
Last edited:


