වර්තමාන රහත් හිමිවරු

boyrocky

Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    වර්තමාන රහත් හිමිවරු

    වර්තමානයේ රහත් හිමිවරු ලංකාවේ ඉන්නවා කියලා අපේ එළකිරි එකේ යාළුවො විශ්වාස කරනවද?
    එහෙම හිතනවනං ඒගැන දන්නා විස්තර මෙතන publish කරමුද?

    මම දන්නා විදියට දිවයින පත්තරේ මහා රහතුන් වැඩි මග ඔස්සේ කියන ලිපිය ලියපු රාජගිරියේ අරියඥාන හාමුදුරුවෝ ගැන ගොඩක් මිනිස්සු ඒ විදියට හිතන. ඒ හාමුදුරුවෝ කියන බන වලත් අමුතු විශේෂයක් තියෙන බව හැඟෙනවා. මේ වගේ ඔයගොල්ලෝ අහල තියෙන දන්නා විස්තර මෙතන දාන්න.

    අපි පොඩි කාලේ පොත් වල ඉගෙනගෙන තියෙන්නේ ලංකාවේ හිටපු අවසන් මහා රහත් හිමි මලියදේව හාමුදුරුවෝ කියලා නමුත් මට හිතෙනවා එක එහෙම වෙන්නේ නැ කියල.

    මම අහලා තියෙනවා සිතුල්පව්ව පැත්තේ ආරණ්‍ය වල ගොඩක් පුජනීය හාමුදුරුවරු ඉන්නවා කියල. එක සැරයක් army එකේ කෙනෙක් මට කිව්වා තොප්පිගල ආරණ්‍යක ඉනහාමුදුරු කෙනෙක් වතුර ගන්න ගඟට එනකොට කොටි වෙඩි තිබ්බලු. එත් ඒ හාමුදුරුවෝ වෙඩි වැඩි වැඩි වුනත් ගඟට බැහැල වතුර අරන් අපහු ගිහින් තියෙනවා. දවස් දෙකකට පස්සේ army එක ඒ area එක capture කරාම ඒ හාමුදුරුවෝ කුටියේ අපවත් වෙලා ඉඳල තියෙනවා හැබැයි එක wound එකක්වත් තිබ්බේ නැ ලු.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහ නාහිමියන් මම දන්න තරමින් මොනව හරි මාර්ගඵලයකට පත් වුණු උත්තම ගනයේ යතීන්ද්‍රයන්වහන්සේ නමක්.........
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රාජගිරියේ හාමුදුරැවොත් මොනව හරි මාර්ග ඵලයක් ලබල තියෙනව අනිවාර්්‍යෙයන්ම. ඒ ඒ හාමුදුරැවො ඒක කියන්නෙ නෑ. හරිම සීලවන්ත හිමි නමක්.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ආනන්ද මෛත්‍රිය හාමුදුරුවො විතරයි මෑත කාලෙදි මාර්ග පල ලබාගත්ත එකම එක්කෙනා එයටත් සෝවාන් ඵලයට විතරයි එන්න පුලුවන් වෙලා තියෙන්නෙ. බුදුහාමුදුරුවන්ගෙ දේශනාව අනුව මේ කාලෙදි කාටවත් මාර්ග ඵල ලබන්න බෑ. එහෙම මාර්ග ඵල ලැබුවත් එයා එහෙමයි කියල පිටතින් බලල කාටවත් කියන්න බෑ.
     
    Last edited:

    V for Vendetta

    Active member
  • Mar 4, 2012
    408
    99
    28
    Colombo
    නමෝ බුද්ධාය ... !!!
    මේ ලෝකයේ යම් සුබෂිත වචනයක් ඇද්ද ඒ සියල්ල අප සරණ ගිය භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේමය්

    ගෞතම බුදු රජාණන් වහන්සේ වදලා උන් වහන්සේ කියන ආකාරයට ස්වාමින් වහන්සේලා සිටිත් නම් මේ ලෝකය රහතුන්ගේ හිස් නොවනබව මහා පරිනිබ්බාන සුත්‍රයේදී , :yes::yes:

    සැබවින්ම රහතුන්ගේ දැකීම ඇසට මහත් සැපයක් මය් . රහතුගේ ධර්මය ඇසීම ඉටත්වඩා සැපයක් මය් ...

    බුදු සසුන බැබලේවා ... !!!

    http://www.youtube.com/watch?v=ZczME217-Yg

    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ආනන්ද මෛත්‍රිය හාමුදුරුවො විතරයි මෑත කාලෙදි මාර්ග පල ලබාගත්ත එකම එක්කෙනා එයටත් සෝවාන් ඵලයට විතරයි එන්න පුලුවන් වෙලා තියෙන්නෙ. බුදුහාමුදුරුවන්ගෙ දේශනාව අනුව මේ කාලෙදි කාටවත් මාර්ග ඵල ලබන්න බෑ. එහෙම මාර්ග ඵල ලැබුවත් එයා එහෙමයි කියල පිටතින් බලල කාටවත් කියන්න බෑ.

    කොහෙද මෙහෙම එකක් තියෙන්නේ? ප්‍රසිද්ද තැනක මොකක් හරි කියද්දී පොඩ්ඩක් හොයල බලල කියන්ඩ. තමුන්ගේ හිතේ තියෙන ඒවා කියන්නේ නැතිව.
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    ආනන්ද මෛත්‍රිය හාමුදුරුවො විතරයි මෑත කාලෙදි මාර්ග පල ලබාගත්ත එකම එක්කෙනා එයටත් සෝවාන් ඵලයට විතරයි එන්න පුලුවන් වෙලා තියෙන්නෙ. බුදුහාමුදුරුවන්ගෙ දේශනාව අනුව මේ කාලෙදි කාටවත් මාර්ග ඵල ලබන්න බෑ.

    කොහෙද බන් බුදු හැමදුරුවෝ කියල තියෙන්නේ මේ කලේ මාර්ග පලයකට එන්න බැ කියලා . බුධ්ධෝත්පාද කාලය ඇතුලත ඕන කෙනෙක්ට එහෙම වෙන්න පුළුවන්.

    මම අහල තියෙන විදියට ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ බුදු බව පතන කෙනෙක්. එහෙම කෙනෙක් මාර්ග පලයකට එන්න ප්‍රාර්ථනා කරන්නේ නැ නේද?

    මම අහලා තියෙනවා සිතුල්පව්ව පැත්තේ ආරණ්‍ය වල ගොඩක් පුජනීය හාමුදුරුවරු ඉන්නවා කියල. එක සැරයක් army එකේ කෙනෙක් මට කිව්වා තොප්පිගල ආරණ්‍යක ඉනහාමුදුරු කෙනෙක් වතුර ගන්න ගඟට එනකොට කොටි වෙඩි තිබ්බලු. එත් ඒ හාමුදුරුවෝ වෙඩි වැඩි වැඩි වුනත් ගඟට බැහැල වතුර අරන් අපහු ගිහින් තියෙනවා. දවස් දෙකකට පස්සේ army එක ඒ area එක capture කරාම ඒ හාමුදුරුවෝ කුටියේ අපවත් වෙලා ඉඳල තියෙනවා හැබැයි එක wound එකක්වත් තිබ්බේ නැ ලු.
     
    inoj77

    Junior member
  • May 23, 2012
    292
    21
    18
    ආනන්ද මෛත්‍රිය හාමුදුරුවො විතරයි මෑත කාලෙදි මාර්ග පල ලබාගත්ත එකම එක්කෙනා එයටත් සෝවාන් ඵලයට විතරයි එන්න පුලුවන් වෙලා තියෙන්නෙ. බුදුහාමුදුරුවන්ගෙ දේශනාව අනුව මේ කාලෙදි කාටවත් මාර්ග ඵල ලබන්න බෑ. එහෙම මාර්ග ඵල ලැබුවත් එයා එහෙමයි කියල පිටතින් බලල කාටවත් කියන්න බෑ.

    Ananda maithreeya hamuduruwo margapala awabodha karanne naha me budhdha sasanaye kiyalai mama ahala thiyenne. eka unwahansema thenaka sadahan karanawa. unwahanseth Budubawa prarthana karana kenek. mama hithanne thawama mano pranidhana awadiye. youtube video ekak thiyenawa Ananda maithree hamuduruwoma ehema kiyana.
     
    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ ශුෂ්ක විදර්ශනා රහතන් වහන්සේ නමක්
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    රාජගිරියේ හාමුදුරැවොත් මොනව හරි මාර්ග ඵලයක් ලබල තියෙනව අනිවාර්්‍යෙයන්ම. ඒ ඒ හාමුදුරැවො ඒක කියන්නෙ නෑ. හරිම සීලවන්ත හිමි නමක්.

    machan oya hamuduruwange banak ehema nadda ahanna youtube eke ehema
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    කරුනාකරල කට්ටිය මේ ත්‍රෙඩ් එක ගින්දර සේ සලකා පරිස්සමින් ලියන දේ ලියන්න

    පොඩ්ඩක් හිතන්න.. රහතන්වහන්සේලා ගේ නම් මෙතන දැම්මාම.. ඒකත් එක්ක ගැටෙන උන් උන්වහන්සේලාට බනීවි

    එතකට උන්ට සිද්දවෙන්නෙ.. ආර්‍ය උපවාද කියන පාපය..
    ආර්‍ය උපවාද කරගත්ත උන් සසරේ සදා අනාතයි..

    http://gayanathperera.blogspot.com/2012/08/blog-post_4582.html

    මේ ත්‍රෙඩ් එක ගින්දර සේ සලකා පරිස්සමින් ලියන දේ ලියන්න

    තෙරුවන් සරණයි

    නිවනට-සුගතියට බාධා කරන ආර්ය උපවාදය (http://www.lakehouse.lk/budusarana/2009/02/16/tmp.asp?ID=vision05)
     
    Last edited:

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    ඇයි යකෝ...සමන්තභද්‍ර, ගාල්ලේ වඳුරඹ සිරිවර්ධන:lol::lol:
    9344262.png
    9344262.png
    9344262.png