දැන් තමයි වීඩියෝ එක බැලුවේ. මාර අදහසක් ගන්න පුළුවන් ඒ කාලේ තිබ්බ සමාජේ ගැන. මේකේ ගොඩක් අයගේ අම්මලා තාත්තලා පොඩි කාලේ නැත්තන් තරුණ කාලේ. දැන් කාලෙත් එක්ක හොඳටම පේන වෙනස්කම් තමයි:
ත්‍රී වීල් එකක්වත් පේන්න නැහැ
ගම් වල මිනිස්සු හෙන අහිංසකයි වගේ
අඳින ඇඳුම්, ෆැෂන් එහෙම තනිකරම වෙනස්. චීත්තෙ හැට්ටේ අඳින අය ගොඩයි. සාරි අඳින අයත් වැඩියි.
පැල්පත් වගේ ඒවා සැහෙන වැඩියි ඒ කාලේ
හැම පවුලකම ළමයි ගොඩක් ඉන්නවා
මිනිස්සුන්ගේ කතාබහ, accent එක, වචන උච්චාරණය කරන විදිය එහෙම සෑහෙන වෙනස්.
රජය හෙන organized. පිළිවෙලකට වැඩ කරනවා.
රජයේ සේවකයෝ සෑහෙන පිළිගැනීමක් තියෙන උගත් කට්ටිය