උඹ කියන ගතිය ඔටෝ එව්වයේ නැහැ තමයි ඉතින්. කොහොමද වාහනේ පුරවල බඩු පටෝගෙන එද්දී ක්ලච් වොෂර් ගියාම තියන සනීපෙ. මට එහෙම වෙලා තියනවා. යාලුවෙක් රට ඉඳන් ඇවිත් උගේ බඩු පෙට්ටිය ගේන්න කොළඹ ගිහින් එද්දී වාද්දුවේදී ක්ලච් වොෂර් ගියා වෑන් එකේ. ක්ලච් එක නැතුව හික්කඩුවටම ගිහින් උගේ ගෙදරටම බඩුත් බාල තමයි ආවේ වැඩ දන්නා හින්ද..
කොච්චර ඔටෝ එලෙව්වත් කන්ද උඩරට පැත්තට යද්දී නම් ඉතින් මැනුවල් එකක තියන සනීපෙ කොහෙද බන් ඔටෝ එව්වයේ .
අතරමගදි ඇතිවෙන ප්රශ්න වලට ඔටෝ මැනුවල් කියල වෙනසක් නෑ බං..

මගේ යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක් ලඟත් J නම්බර් ප්රාඩෝ එකක් තියෙනවා.. ඒකත් ඔටෝ ගියර්.. සීන් එක තියෙන්නෙ ඕකෙත් වෙලාවකට රිවස් එක වැඩ කරන්නෙ නැතුව යනවා. ඉතින් කොච්චර වැදගත් ගමනක් ගියත් අර මගේ යාලුවා වාහනේ යට රිංගල මොකද්ද මගුලක් කරල තමයි රිවස් එකට දා ගන්නේ...

මටත් ඕක මීටර් උනේ උන්ගෙ ගෙදර ගිය දවසක වත්ත ඇතුළෙ දෙපාරට වාහනේ හරවන්න පුළුවන් කම තියෙද්දි මූ ඕක අරගෙන හෙන දුරක් ගිහින් හරවන් ආපු වෙලාවේ..



ත්රීවිල් වලට යන්න දුන්නනම් හිටු කියලා යූ ටන් ගහයි හයිවේ එකේ. කොහොමද ආතල් එක
වාහනේ ලං වෙනකොට තමයි මීටර් වෙන්නේ ඉස්සරහ එකා නවත්තල කියල.


