මම එළකිරියට අලුත්.මම ගොඩක් thread බලල නෑ.ඒත් මට හිතෙන්නෙ මේ නූලට ගහන්ට නූලක් එළකිරියෙ නෑ කියලා..
වෙලා තියන මහන්සිය,කරල තියන කැපකිරීම,ඒ ඔක්කොටම වඩා පොතක් හෝ පත්තරයකට ලිපි පෙළක් හෝ ලියන්ට හැකියාවක් තියෙද්දි මේ සේරම අපි වෙනුවෙන් එළකිරියට upload කීරීමම මාරයි....
මටත් වහල දැම්ම රේල් පාරක් දැක්කම අමුතුම හැගීමක් ඇති වෙනවා..අවිස්සාවේල්ල,රත්නපුර,බළංගොඩ පැත්තෙ යද්දී බස් පාර එක්ක හරි හරියට යන අවශේෂ වෙච්ච කෝච්චි පාර බස් එකත් එක්ක හරියට අපිව නොදැකපු අතීතයට අරං යනව වගේ...පරණ පාලම්,බෝක්කු ගරාවැටිච්ච හෝ ගබඩා,බස් නැවතුම්පළ බවට පත් වෙච්චි දුම්රිය ස්ථාන, පුංචි කෝච්චිය ආයෙ කවද හරි එනකං අන්තිම පණ කෙන්ද හරි රැක ගන්ට දගලනව වගේ දැනෙනවා..
මේ නූල දිගුකල් වැජඹේවා...!