වහලද ස්ලැබ් ද

6feet

Active member
  • Jul 21, 2016
    197
    30
    28
    බොක්ස් ටයිප් ගෙදරකට වඩා හොඳ නොපෙනෙන්න ගහන වහලයක්ද නැත්තම් ස්ලැබ් එක ද?
    වහලෙ ගැහුවොත් උඩ තියෙන ඉ⁣ඩෙන් වැඩක් ගන්න බැරුව යනව. ස්ලැබ් ගැහුවොත් ඉස්සරහට ප්‍රශ්න වෙන්න පුළුවන් කියල හිතෙනව. කට්ටියගෙ අදහස් අත්දැකීම් දාගෙන යන්න.
     
    • Like
    Reactions: kinkon and NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    slab eka hodai but heat eka nisa athule rooms ac karanne natuwa inna amaru wenna puluwan.
    roof top ekata ayet mokak hari roof ekak gahanna wenawa ehema unot

    rooftop eka waterproof karanna ona, eka hariyata karanna reasonable cost ekak yanawa.

    pros and cons thiyanawa dekema
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,872
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ස්ලැබ් එකක් දාන එක තමයි හොඳ.

    ඔය විදිහට හදන ගෙවල්වල බිත්තිවලට අව්ව කෙලින්ම වැටෙන නිසා කොහොමත් රස්නෙ වැඩියි. ස්ලැබ් එක නිසා තවත් රස්නේ වැඩිවෙයි. රත්වෙන වාතය පිටවෙන විදිහට කවුළු තියන්න
     
    • Like
    Reactions: 6feet and NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    අපි නම් වහලයක් ගැහුවා..waterproof හරියටම කරනවා නම් ලක්ෂ 20ක් වත් යනවා.ඒ කරත් අවුරුදු 10යි වොරන්ටිය දෙන්නේ..
     
    • Like
    Reactions: 6feet and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ස්ලැබ් ගැහුවම ඇතුලේ පට්ටම රස්නයක් එනවා. හරියට water proofing කරන්න ලොකු ගානක් යනවා. ඒකත් යම්කිසි අවුරුදු ගානකට පස්සේ ආයේ අලුත් කරන්න ඕනේ.ස්ලැබ් එකේ තියන එකම වාසිය ඒ ඉඩ පාවිච්චි කරන්න පුළුවන් එක තමයි
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    Heat eka nan hethuwa height eka......adi 9ya usa kiyanne inda be....eth adi 11n eha kiyanne kisima awlak na.
     
    • Like
    Reactions: 6feet and NRTG

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    mage adahasa box gewal lankaawata hariyanne ne
    eewa thiyenne wassa adu ratawala (hoyala balanna)
    mehe wassata biththi dige wathura gihin biththi walatath prashna godak wenawa


    passe wedak ganna kiyala slab daanna epaa
    mona magula karath aurudu 6k 7k yaddi wathura leak wennna patan gannawa
    hondama wede wahalayak gahana eka

    wahale peenna thiyana eka aulak nemei
    wahale hangala box karanna giyoth wathura paara beera ganna wenama kattak kanna oone
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    ඔයා අලුතෙන් පොහොසත් වුණ පවුලක කෙනෙක් නම් ස්ලැබ් එකකට යන්නේ.

    පරණ සල්ලි තියෙන පවුලක එකෙක් නම් වහලක් ගහයි.

    මොකද දෙවෙනි කොටසට පෙන්වන්න ශෝ නැහැ.

    ශෝ නවත්වලා වහළෙකට යන්න.
     
    • Like
    Reactions: 6feet and NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    සුද්දව ෆලෝ කරල බොක්ස් ටයිප් ගෙවල් හදන් රැඟුවහම සුද්දෝ වෙන්නේ නෑ..🤣ලංකාව වගේ පැලෙන්න පායන රටක වහිනකොට පැල් බැඳගෙන වහින රටක ස්ලැබ් දාල ගෙවල් සුද්දවත් හැදුවේ නැත්තේ ඒක දන්න නිසා..අැත්තටම මේ ලංකාවේ උන් තරම් මෝඩයෝ වෙන කිසිම රටක නැතුව අැති..මුන් කෝටි ගණන් වියදම් කරලා හදන්නේ රස්නේ තැම්බි තැම්බි ඉන්න ගෙවල්.🤭
     

    chamli_k

    Active member
  • Sep 14, 2020
    110
    146
    43
    ලී වලින් වහලයක් ගහනවා නම් වියදම් ගොඩක එකතුවක්.
    ලී වලට වියදම + ඒවා ට්‍රීට් කරනවා නම් ඒ වියදම + වහල බාස් ගේ පඩිය + ගෝල පඩිය + ඇන අනන් මනං ඕන දේවල් + වහලේ හෙවිල්ල + වඩිම්බු + වැහි පීලි + ෆිනිෂින් වහල නෙමෙයිනම් සිවිලිම / ෆිනිෂින් වහල නම් ලී පරාල යතුගාලා එහෙම දාන්න ඕන, එතකොට ඒ වියදම.
    ලී ට්‍රීට් කරන එක අවශ්‍යම නම් කරන්න,
    කිසිම ට්‍රීට් එකක් නැතුව මීට අවරුදු 33කට කලින් ගහපු අපේ ගෙදර වහලේ ලගදි ගලවලා ආයේ ගැහුවා (වහලේ අව්ලකට නෙමෙයි ගැලෙව්වේ, බිත්ති ඉස්සුවා) ඒ ලී වලින් වටේ ඒවා නැතුව ඇතුලේ තිබුන ඒවා තවම අලුත් තත්වෙන් තිබුනා,
    අව්රුදු 100 ක් තියෙන්න නම් ගේ හදන්නේ ට්‍රීට් ඕන නෑ.. හැබැයි අව්රුදු 200 300 ට හදනවා නම් ට්‍රීට් කරන්න :D
    ලී ලැබෙන්නේ තමන්ගේම වත්තකින් නම් ලී වියදම 0 නේ, හැබැයි ලී සල්ලි වලට අරන් අර උඩ කියපු වියදම් එක්ක එකතුවෙලා ආවම ලොකු ගානක්, සමහරවිට ස්ලැබ් එකට වඩා යන්න පුළුවන්.
    ඔයාගේ වටේ පරිසරය එක්ක ක්‍රම දෙක ගැනම බලලා වඩා සුදුසු සහ අඩු වියදම් එක බලන්න.
    සාම්ප්‍රදායික විදිහට ලී වහලයක් ගහනවා නම් ලී වර්ග 4 ක් ඕන. 5x2, 4x3, 4x2, 2x2
    අනුරාධපුර පැත්තේ විදිහට ගහනවා නම් යන ලී ප්‍රමාණය අඩුයි.
    ** පරණ ගෙයක් රෙනවේෂන් කරපු සහ තව එකක් හදාගෙන යන අත්දැකීමෙන් කීවේ ඈ.. තව මොනාහරි තියෙනවා නම් අහන්න දන්න දෙයක් කියන්නම්.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,342
    6,519
    113
    කුඩා ඉඩමකට නම් ස්ලැබ් එක වාසියි උඩ යූස් කරන්න පුළුවන් නිසා. රස්නෙ අඩුවෙන විදිහකට ඩිසයින් කරගන්න. ඉඩ තියනවනම් වහලෙ ගහන්න.
     
    • Like
    Reactions: 6feet and NRTG

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සුද්දව ෆලෝ කරල බොක්ස් ටයිප් ගෙවල් හදන් රැඟුවහම සුද්දෝ වෙන්නේ නෑ..🤣ලංකාව වගේ පැලෙන්න පායන රටක වහිනකොට පැල් බැඳගෙන වහින රටක ස්ලැබ් දාල ගෙවල් සුද්දවත් හැදුවේ නැත්තේ ඒක දන්න නිසා..අැත්තටම මේ ලංකාවේ උන් තරම් මෝඩයෝ වෙන කිසිම රටක නැතුව අැති..මුන් කෝටි ගණන් වියදම් කරලා හදන්නේ රස්නේ තැම්බි තැම්බි ඉන්න ගෙවල්.🤭
    Ewata thamai pons ac thiyenne
     
    • Like
    Reactions: NRTG

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    උඹට ඉඩමේ ඉඩකඩ අඩු නම් (පර්චස් 6-10 ඉඩමක ගහන ගෙයක් නම්) නිතරම ගෙදර ඉන්නව නම් වහලක් වෙනුවට Rooftop Slab එකක් දාගනින්..

    නැත්නම් එපා කියන ඒකයි මං කියන්නේ මගේ අත්දැකීමට අනුව

    මමත් Rooftop Slab එකක් දාල තියෙන්නේ අවුරුද්දටම Rooftop Slab එකට යැවෙන්න‌ේ 2පාරක් තුන්පාරක් වගේ

    ලගදී ගියේ සරුංගයක් යවන්න කියලා :D:rofl:

    Rooftop Slab එකක් දැම්මොත් බිත්ති තෙමෙන සීන් එක සැරට තියෙනවා ඒ නිසා බිත්ති waterproof කරන්න වෙනවා අනිවා

    Rooftop Slab නිතර ක්ලීන් කරන්න ඔන වැහි වතුර හරියට බහිනවද බලන්න වෙනවා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ස්ලැබ් දානවනං අනිවා වෝටර් පෘෆින් කරන්න ඕනෙ...

    හැබැයි පොඩි වාසියකුත් තියෙනව උඩ තියෙන ඉඩෙන් ප්‍රයෝජනයක් ගන්න පුලුවන්...
    ස්ලැබ් දාපු අය රස්නෙ නිසා ස්ලැබ් එකට උඩින් වහලවල් ගහනව ගොඩක් වෙලාවට...

    උඩ තියෙන ඉඩේ ගාඩ්න් එකක් වගේ හදන්න ඉන්නවනං, රස්නෙ ගැටළුවත් නැතිවෙයි...
     
    • Like
    • Love
    Reactions: 6feet and NRTG