ලී වලින් වහලයක් ගහනවා නම් වියදම් ගොඩක එකතුවක්.
ලී වලට වියදම + ඒවා ට්‍රීට් කරනවා නම් ඒ වියදම + වහල බාස් ගේ පඩිය + ගෝල පඩිය + ඇන අනන් මනං ඕන දේවල් + වහලේ හෙවිල්ල + වඩිම්බු + වැහි පීලි + ෆිනිෂින් වහල නෙමෙයිනම් සිවිලිම / ෆිනිෂින් වහල නම් ලී පරාල යතුගාලා එහෙම දාන්න ඕන, එතකොට ඒ වියදම.
ලී ට්‍රීට් කරන එක අවශ්‍යම නම් කරන්න,
කිසිම ට්‍රීට් එකක් නැතුව මීට අවරුදු 33කට කලින් ගහපු අපේ ගෙදර වහලේ ලගදි ගලවලා ආයේ ගැහුවා (වහලේ අව්ලකට නෙමෙයි ගැලෙව්වේ, බිත්ති ඉස්සුවා) ඒ ලී වලින් වටේ ඒවා නැතුව ඇතුලේ තිබුන ඒවා තවම අලුත් තත්වෙන් තිබුනා,
අව්රුදු 100 ක් තියෙන්න නම් ගේ හදන්නේ ට්‍රීට් ඕන නෑ.. හැබැයි අව්රුදු 200 300 ට හදනවා නම් ට්‍රීට් කරන්න

ලී ලැබෙන්නේ තමන්ගේම වත්තකින් නම් ලී වියදම 0 නේ, හැබැයි ලී සල්ලි වලට අරන් අර උඩ කියපු වියදම් එක්ක එකතුවෙලා ආවම ලොකු ගානක්, සමහරවිට ස්ලැබ් එකට වඩා යන්න පුළුවන්.
ඔයාගේ වටේ පරිසරය එක්ක ක්‍රම දෙක ගැනම බලලා වඩා සුදුසු සහ අඩු වියදම් එක බලන්න.
සාම්ප්‍රදායික විදිහට ලී වහලයක් ගහනවා නම් ලී වර්ග 4 ක් ඕන. 5x2, 4x3, 4x2, 2x2
අනුරාධපුර පැත්තේ විදිහට ගහනවා නම් යන ලී ප්‍රමාණය අඩුයි.
** පරණ ගෙයක් රෙනවේෂන් කරපු සහ තව එකක් හදාගෙන යන අත්දැකීමෙන් කීවේ ඈ.. තව මොනාහරි තියෙනවා නම් අහන්න දන්න දෙයක් කියන්නම්.